පුං

චි දරුවෝ හරිම ආසයි දොඩමලු වෙන්න. ගොඩක් දරුවෝ දකින දකින දේ ගැන ප්‍රශ්න අහන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් මේ විදිහේ  දරුවෙක් හදිසියේම කතා බහ කරන එක අඩු කලොත්, එක පාරටම තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පටන් ගත්තොත් ඒක ටිකක් අමුතුයි වගේ නේද? මේ වගේ තත්වයකදී දෙමව්පියන්ට ටිකක් දරුවා ගැන අවධානයෙන් ඉන්න සිදු වෙනවා. ඔබට නොතේරුනාට ඔබ අවට ඇති යම් දෙයක් දරුවාගේ සිතට අහිතකර අන්දමින් බලපාලා ඇති හැඩයි. ඉතින් අද අපි මේ ගැන දැනුවත් වෙමු.

 


fb-like-beg


 

1 දෙමව්පියන් අතර ඇති ගැටළු

ගැටළු ඇති වීම සාමාන්‍යයි. හැබැයි මේ තත්වය දරුවාට නරක ලෙස බලපාන තැනට කටයුතු සිද්ධ කරන්නෙත් දෙමව්පියන්මයි. අපේ රටේ මව්පියන් දබර වෙන්නේ වෛරක්කාරයන් වගෙයි. තමන්ගේ සහකාරයාගෙන් පලිගන්න තමන්ගේම දරුවාව භාවිතා කරන විට තමයි දරුවා මෙහෙම නිහඬ වෙන්නේ. අම්මා එක්ක කතා කලොත් තාත්තගේ හිත රිදෙයි කියලා බය වෙන දරුවෝ, තාත්තා එක්ක කතා කලොත් අම්මාගේ හිත රිදෙයි කියලා බය වෙනවා. දෙමව්පියන් වශයෙන් ඔබ දරුවාට අවධාරණය කරන්න ඕනේ ගැටළු ඇත්තේ ඔබ දෙදෙනා අතර මිස, දරුවා එයට සම්බන්ධ නැති බව. මව හා පියා දෙන්නා එක්කම වෙනසක් නැතුව ආදරයෙන් ඉන්න දරුවාව යොමු කරන එක දරුවාගේ මනසට ගොඩක් හිතකරයි. වෙන්වුනු දෙමාපිය යුවලක් වුනත් තමන්ගේ දරුවාගේ ඔලුවට විෂ පුරවන්නේ නැතුව දෙමව්පියන් දෙදෙනාටම එක සේ ආදරය කරන්නට දරුවාව පෙළඹවිය යුතුයි.

 

2 අලුත් බිලිඳු උපතක්

පවුලට නව දරුවෙක් එකතු වුනාම අනිත් දරුවන්ට එය සතුටක් විදිහට දැනෙන්න සලස්වන්න දෙමව්පියන් කල්පනාකාරී වෙන්නම ඕනේ. නමුත් සාමාන්‍යයෙන් පවුල තුල සිදු වෙන්නේ මෙහි අනිත් පැත්ත. වැඩිමහලු දරුවට පාළුවක් දැනෙන විදිහටයි ගොඩක් දෙමව්පියෝ හැසිරෙන්නේ. නව බිලිඳා එක්ක කාර්යබහුල වුනු, කාර්යබහුල බව නිසාම තරහෙන් ඉන්න මවක් හෝ පියෙක් නොවීමට ඔබ වග බලා ගන්න ඕනේ. අලුත් බිලිඳා ගැන වැඩිමහලු දරුවාගේ හිතේ ආදරයක් ඇති කරවන්න. බිලිඳාගේ වැඩ රාජකාරි කරන්න වැඩිමහලු දරුවන්ගේත් උදව් ලබා ගන්න.

 

3 මිතුරන්ගේ සමච්චලයට ලක් වීම

ඇතැම් දරුවන්ට පාසලේදී සෙසු සිසු සිසුවියන්ගේ සමච්චලයට ලක් වෙන්නට සිදු වෙනවා. මෙය ගොඩක් අහිතකර තත්වයක්. ගොඩක් වෙලාවට මේ වගේ සිදුවීම් සිදු වෙනකොට දරුවෝ දෙමව්පියන්ට මේ ගැන දැනුම් දෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ තමන් මේ ගැන දෙමව්පියන්ට කිව්වොත් ඔවුන්ට සිදු වන කරදර තවත් වැඩි වීමට ඉඩ ඇති බවයි. මේ වගේ අවස්ථා වලදීත් දරුවා හේතුවක් නැතුවම නිහඬ වෙනවා. තමාට සමච්චල් කරන්නට එන මිතුරන් අත හැර අලුත් මිතුරන් තෝරා ගන්නට ඔබේ දරුවාට කියා දෙන්න. දබර කර ගන්නට යනවාට වඩා ඥානවන්ත වන්නේ මඟ හැර යාම බව දරුවාට කියා දෙන්න.

 

4 අපයෝජනයකට ලක් වීම

ළමා අපයෝජනය කියන්නේ දරුණු මාතෘකාවක්. දරුවෙකුට දරා ගන්න ගොඩක් අපහසු තත්වයක්. මේ වගේ වෙලාවකදීත් දරුවා තමාට සිදු වන අතවරයන් ගැන දෙමව්පියන්ව දැනුවත් නොකර ඉන්න ඉඩ කඩ වැඩියි. එයට හේතුව වන්නේ බොහෝ අපයෝජකයන් දරුවාව නිහඬ කරවීමට තර්ජනාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන නිසි. දරුවා යන එන තැන්, ඇසුරු කරන පුද්ගලයන්, දරුවාට වැඩියෙන් කරුණාව පාන්නට එන පිටස්තරන් පුද්ගලයන් ගැන අවධානයෙන් සිටින්න.

 

5 රූපවාහිනියට ඇබ්බැහිවීම

රූපවාහිනිය, කාර්ටුන්, ෆිල්ම් දරුවා බොහොම කැමැත්තෙන් බලනවා. හැබැයි ඒවා නරඹන කාල සීමාව පමණට වඩා වැඩි වූ විට දරුවා ඔබ වෙතින් ඈත් වෙනවා. ඒ වගේම ක්‍රීඩාවට ඇබ්බැහි වූ විටත් දරුවා නිහඬ වෙන්න පුළුවන්. ඇතැම් දරුවන් ක්‍රීඩා කරද්දී මනසින් විවිධ දේ මවා ගන්නට පුරුදු වී සිටිනවා. මවා ගත් ලෝකය තුල ගිලී ඉන්නකොට දරුවා සැබෑ ලෝකයෙන් ඈත් වෙනවා. දරුවාට තනි වෙන්නට ඉඩ නොදී සිටීම මෙයට විසඳුමයි. දරුවා සමඟ එකතු වෙලා විනෝද වීම, ක්‍රීඩා කිරීම, පවුලේ හැමෝම සහභාගී වෙන විනෝදජනක අවස්ථා සංවිධානය කිරීම වගේ දේවල් වලින් දරුවාව ඔබ වෙත කිට්ටු කර ගන්න පුළුවන්.

SHARE