මාජය තුල ජිවත් වීමේදී අප අප ගැන වගේම බාහිර පුද්ගලයන් ගැනත් සිතිය යුතු වෙනවා. අපි ජිවත් වෙන්නේ අපි ගැන විතරක් හිතලා නම්, අපේ හැසිරීම ඉබේටම අනිත් අයට කරදරයක් වෙනවා. මේ  එදිනෙදා ජිවත් වීමේදී අපගේ හැසිරීම ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතු වෙනවා. ඔබවත් නොදැන ඔබව අප්‍රිය කරන පුද්ගලයන් බිහි වීමට ඉඩ නොදීම ඔබේම වගකීමක් බව අවබෝධ කර ගත යුතුයි.


fb-like-beg


1 ඔබේ හිස කෙස් අනිත් අයට කරදරයක්ද?

ලස්සන කෙස් කළඹක් තිබීම යුවතියකට ලස්සන ආභරණයක්. ඒත් ඔබ පොදු ස්ථාන වල හැසිරීමේදී ඔබේ හිස කෙස් ගැන සැලකිලිමත් විය යුතුයි. පොදු ප්‍රවාහන මාධ්‍යයන් තුලදී ඔබේ හිස කෙස් නිසි ලෙස ගැට ගසාගෙන තබා නොගත්තොත්, ඒවා අනිත් පුද්ගලයන්ගේ මුහුණේ සහ සිරුරේ වැදීමෙන් ඔවුන්ට බාධා ඇති වෙනවා. ඒ වගේම පුස්තකාල තුලදී පසුපස අසුනේ සිටින පුද්ගලයාගේ කියවීමට ඔබේ හිස කෙස් බාධා ඇති කරන්න පුළුවන්. මේ නිසා පොදු ස්ථාන වලදී ඔබේ හිස කෙස් නිසි පරිදි බැඳ තබා ගන්නට කල්පනාකාරී වන්න.

 

2 පොදු වැසිකිලි භාවිතා කිරීමේදී දොර වසන්න

සමහර පුද්ගලයන්ට පොදු වැසිකිලි භාවිතා කරද්දී දොර ලොක් කරන්න අමතක වෙනවා. ගෙදරදී වගේ වැසිකිලියේ දොර අඩවල් කර ගෙන තමන්ගේ රාජකාරිය ඉටු කර ගන්නවා. නමුත් පිටස්තරයෙක් හදිසියේම ඇවිත් දොර තල්ලු කරලා ඇරලා බැලුවොත්, දෙදෙනාම අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා, මතක් කරලා දොර වහ ගන්න එක ඊට වඩා හොඳයි නේද?

 

3 පෑන රෝල් කිරීම

සමහර පුද්ගලයන් පුරුදු වෙලා ඉන්නවා පෑන රෝල් කරමින් සෙල්ලම් කරන්න. හැබැයි මේක දිහා බලාගෙන ඉන්න පිට කෙනෙක්ට නම් පොඩ්ඩක් අපහසුයි. විශේෂයෙන්ම ඔවුන් යම් මානසික ගැටලුවක හිර වෙලා ඉන්නවා නම්, යම් සිත් පීඩාවකින් ඉන්නවා නම් පෑනක් රෝල් කර කර සෙල්ලම් කරමින් සිටින ආකාරය දැකීම නම් අපහසුයි.

 

4 පොදු ප්‍රවාහන මාධ්‍යයකදී සැර සුවඳක් එන ආහාර පරිභෝජනය

බස් එකේදී, කෝච්චියේදී සමහර පුද්ගලයන්ට වමනය ස්වභාවයක් එනවා. එවැනි අවස්ථාවකදී ආහාර සුවඳක් දැනීම මහා අප්‍රසන්න සිදුවීමක් විය හැකියි. එමඟින් තවත් අයෙකුගේ හිසේ රුදාවක් ඇති වීම, වමනය ඇති වීම වැනි ගැටළු පැන නැඟිය හැකියි.

 

5 පුද්ගලයෙකු හා කතා කිරීමේදී එක එල්ලේ ඔහු දෙස බලා සිටීම

යම් පුද්ගලයෙක් දෙස එක එල්ලේ දෑස් නොහෙලා බලා සිටින විට ඔහුට හෝ ඇයට දැඩි අපහසුතාවයක් දැනෙනවා. කතා කරන්නට යන දේ අමතක වීම, සිතුවිලි විසිරීම වැනි අපහසුතා වලට මුහුණ දෙන්නට ඔහුට සිදු වෙනවා.

 

6 ඇඟිලි ලෙව කෑම

සමහර පුද්ගලයන්ට පොතක පිටු පෙරලීම, මුදල් නෝට්ටු ගණන් කිරීම වැනි කටයුතු වලදී ඇඟිලි තෙත් කර ගැනීම පිණිස ඇඟිලි වල කෙල තවරා ගන්නවා. නමුත් එය බලා සිටින්නන්ට ගොඩක් අප්‍රසන්න විය හැකියි.

 

7 නොදන්නා පුද්ගලයන් සමඟ කතාවට යාම

අමුත්තන් සමඟ කතා කරන්නට, අදහස් බෙදා ගන්නට සෑම පුද්ගලයෙක්ම කැමති නැහැ. ඉතින් බස් රථ වලදී එහා පසින් සිටින පුද්ගලයාව බලෙන් කතාවට අල්ලා ගැනීමට පෙර මේ බව සිතන්න. යමෙකු කතා කිරීමට එතරම් ප්‍රියතාවයක් නැති බව ඔබට අඟවනවා නම් වහා නිහඬ වන්න. නැත්නම් අන් අයට ඔබව කරදරකාරයෙකු ලෙස දැනීම වලක්වන්න බැහැ.

 

8 මෙසේජ් තොගයක් එකවර යැවීම

ඔබට යමෙකුට යැවීමට ඇති පණිවිඩය එකම මෙසේජ් එකක් තුල නොයවා, මෙසේජ් කීපයක් යැවීම අනිත් අයට කරදරයක් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි එකම මෙසේජ් එක කිහිප වරක් යැවීමත් අනිත් අයට කරදරයක් වෙනවා. යම් කිසි රාජකාරියක් කරමින් සිටින අතරතුරදී වරින් වර දුරකථනය දෙස බලන්නට සිදු වීම එයට හේතු වෙනවා.

 

9 අනුන්ගේ ෆෝන් එකේ ඇති දේවල් අවසරයකින් තොරව බැලීම

ඔබට යම් අයෙකු ඔහුගේ ෆෝන් එකේ ඇති එක ෆොටෝ එකක් බලන්නට දුන් විට එය පමණක් බලා නැවත ෆෝන් එක ඔහු අතටම දෙන්න. එහෙම නැතුව ෆෝන් එකේ තියෙන අනිත් ෆොටෝ, මෙසේජ් බලන එක එතරම් සුදුසු නැහැ.    

SHARE