හුතරයක් දෙනා හිතාගෙන ඉන්නේ කාන්තාවකගේ ජිවිතයේ සුන්දරම අවධිය අවුරුදු විස්සත් තිහත් අතර කාලය කියලයි. හැබැයි හොඳින් නිරීක්ෂණය කලෝතින් ඔබට දැක ගන්න පුළුවන් අවුරුදු තිහ පසු කල කාන්තාවන් වඩාත් සතුටින් සහ සුන්දරව සිටින බව. වසර දහයකින් වැඩිමහලු වූවත් එය නොපෙනෙන තරමට සුන්දරව සිටින්නට ඔවුන් හොඳින්ම දන්නවා. ඉතින් අද අපි තීරණය කළා මේ ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


 

1 අවුරුදු 30 පසු කල කාන්තාවන් පොඩි පොඩි ප්‍රශ්න ගැන දුක් වෙන්නේ නැහැ

අවුරුදු 20 ගණන් වල ඉන්නා තරුණියන් හැම දේ ගැනම ඉක්මනින්ම දුක් වෙන්නට පෙළඹෙනවා. නමුත් වයසත් සමඟ කාන්තාවන්ගේ මනස සංසුන් වෙන්නට පටන් ගන්නවා. අනිත් අය තමන් ගැන හිතන දේවල් ගැන මේ වයසේ අය පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. අඩුම තරමේ තමන්ගේ වයස්ගත වීම ගැනවත් දුක් වෙන්නට ඔවුන් පෙළඹෙනවා හරිම අඩුයි. ඉතින් ඔවුන්ගේ හිතේ තියෙන සැහැල්ලුව නිසා ඔවුන් තවත් සුන්දර වෙනවා.

 

2 ඔවුන්ට මිල අධික දෑ භාවිතා කරන්නට බාධාවක් නැහැ

අවුරුදු 30 පමණ වෙද්දී කාන්තාවක් මූල්‍යමය අතින් ශක්තිමත්. ඉතින් ඔවුන් ප්‍රිය කරන ඕනෑම දෙයක් මිලදී ගන්නට ඔවුන්ට කිසිදු බාධාවක් නැහැ. ඉතින් ඔවුන් ඔවුන්ගේ සුන්දරත්වය වැඩි කර ගැනීම වෙනුවෙන් රූපලාවන්‍ය භාණ්ඩ සහ සේවා මිලදී ගන්නට පෙළඹෙනවා. නව ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගන්නටත් ඔවුන්ට බාධාවක් නැහැ.

 

3 ඔවුන් ඒ වන විටත් ඔවුන්ට ගැලපෙන විලාසිතා හඳුනාගෙන අවසන්

නව යොවුන් වියේ තරුණියන් නම් අලුතින් එන හැම විලාසිතාවම අත්හදා බලන්න උත්සාහ කරනවා. ඒ වගේම අනිත් අයගේ විලාසිතා අනුගමනය කරන්නත් විසි ගණන් වල යුවතියන් බොහෝ විට පෙළඹෙනවා. ඒවායින් සමහරක් බොහෝ විට ඔවුන්ට නොගැලපෙන ඒවා වෙන්නත් පුළුවන්.

හැබැයි අවුරුදු 30 පසු කල කාන්තාවන් ඒ වන විටත් ඔවුන්ගේ සිරුරේ වර්ණයට ගැලපෙන වර්ණයන්, සිරුරේ හැඩයට ගැලපෙන විලාසිතා හඳුනාගෙන අවසන්. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ ඔවුන් හඳුනාගෙන අවසන් විලාසිතා වලින් හැඩ වෙන්නයි. ඒවා ඔවුන්ට හරියටම ගැලපෙන විලාසිතා නිසා ඔවුන් නිතරම සතුටින් ඉන්නවා.

 

4 අවුරුදු තිහ පසු කල කාන්තාවන් තමන්ට ගරු කරනවා

පොඩි වයසේ ඉන්න යුවතියන් තමන්ගේ වටිනාකම නිවැරදිව හඳුනා ගන්නේ හරිම අඩුවෙන්. කවුරු හරි හිත රිදෙන දෙයක් කිව්වම, විවේචනයට ලක් කලාම, පෙම්වතා නොසලකා හැරියම රෑ පුරා හඬා වැටෙන යුවතියන් ඕනෑ තරම් ඉන්නවා.

නමුත් අවුරුදු 30 පසු කල කාන්තාවන් ඒ වගේ ගැටළු වලට දුක් වෙන ප්‍රමාණය සාපේක්ෂව හරිම අඩුයි. ජිවිතයේ ලැබුණු අත්දැකීම් එක්ක ඔවුන් පුංචි පුංචි දේවල් වලට දුක් වෙන්නේ නැහැ. තමන්ට ගරු නොකරන පුද්ගලයන් ගැන වධ වෙන එක නවත්තලා, ඉක්මනින්ම ඔවුන්ව ආශ්‍රයෙන් ඉවත් කරලා දාන එක තමයි නිවැරදිම ක්‍රමය කියලා ඔවුන් හොඳින්ම දන්නවා.

 

5 ඔවුන් තමන්ට අවශ්‍ය දේවල් මොනවද කියලා හරියටම දන්නවා

යොවුන් තරුණියන් තමන්ගේ ජිවිතයේ අරමුණ, තමන් යා යුතු මාර්ගය, තමන් තෝරා ගත යුතු වෘත්තීය ආදිය ගැන හරියටම තේරුම් අරගෙන නෙවෙයි ඉන්නේ. ඒ වගේම ඔවුන්ට විනෝදාංශ රැසක්, කැමති දේවල් රැසක් තියෙනවා.

නමුත් අවුරුදු 30 පසු කල කාන්තාවන් තමන්ට අවශ්‍ය දෑ නිවැරදිව හඳුනාගෙන අවසන්. ඉතින් ඔවුන් තුල මානසික ආතතිය පවතින්නේ අඩු ප්‍රතිශතයකින්.

 

6 ඔවුන් තුල අනාරක්ෂිත හැඟීම් අඩුයි

යමෙකු තුල අනාරක්ෂිත හැඟීම් බහුල වශයෙන් පවතිනවා නම් ඔවුන් සිටින්නේ ආතතියෙන්. අනාගතය පිළිබඳව ගැටළු රැසක් අඩු වයසක යුවතියන් හට ඇති වීම සාමාන්‍යයි.

නමුත් අවුරුදු 30 පසු කල කාන්තාවන් තුල අනාරක්ෂිත හැඟීම් පවතින්නේ අඩුවෙන්. ඔවුන් ඔවුන්ගේ ජීවිතය නියමාකාරයෙන් හැඩ ගස්වාගෙනයි ඉන්නේ. ඒ වගේම ප්‍රශ්න එක්ක ජිවත් වෙන්න අවශ්‍ය නිවැරදි ක්‍රමය ගැනත් ඔවුන් දැනුවත්.

 

7 ඔවුන් අහිතකර ආහාර වලින් වලකිනවා

නව යොවුන් තරුණියන් තමන්ගේ ආහාර රටාව ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ. අවුරුදු 30ට අඩු බහුතරයක් යුවතියන් ගුණයට වඩා රසය ගැන සලකිලීමත් වෙනවා.

නමුත් අවුරුදු 30 පසු වත්ම ඔවුන් තමන්ගේ ආහාර වල ගුණය ගැන සැලකිලිමත් වන්නට පටන් ගන්නවා. අහිතකර ආහාර වලින් වැලකීම නිසා ඔවුන් නිරෝගී වෙනවා. ඔවුන්ගේ සම සහ කෙස් වල සුන්දරත්වය වැඩි වෙනවා.

 

SHARE