“ත්ත තිත්තයි, බොරුව පැණි රසයි” කියලා කියමනක් තිබෙනවා. අප වටා තිබෙන සමහර දේවල් බොරුවක් බව දැන දැනත් අප එය විශ්වාස කරනවා. ඇමෙරිකානු ජාතික ලේඛකයෙක් සහ ව්‍යාපාර උපදේශකයෙකු වන ජුලියන් ස්මිත් මේ ගැන අපූරු අදහස් කීපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහුගේ අදහසට අනුව, මිනිසුන් සත්‍යය දැන දැන දැනත් උවමනාවෙන්ම බොරුව පිළිගනිමින් මෝඩයන් සේ හැසිරෙන්නේ ජිවත් වීමේ පහසුව උදෙසායි. ඉතින් අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.


fb-like-beg


01. ඔබේ මතකයන් සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ

අපේ මොලය අපි සමග පුංචි ක්‍රීඩාවක් කරනවා. ඒ තමයි සැබෑවටම සිදු වූ සිදුවීම බිඳක් වෙනස් කර, එයට අළුත් යමක් එක් කර අපේ මතකයේ රැඳවීම. සිදුවූ සම්පුර්ණ සිදුවීම ඔබේ මතකයේ රැඳෙන්නේ නැහැ.


02. ලෝකයේ මිනිසුන්ගේ තත්වයන් එකිනෙකට වෙනස් වෙනවා

ලෝකයේ මිනිසුන්ගේ ජිවන තත්වය කොහොමටවත් එකිනෙකට සමාන වන්නේ නැහැ. ලෝකයේ විවිධ ස්ථාන වල ජිවත් වන මිනිසුන් අන් අයට වඩා බොහෝ අමාරු ජීවිත ගත කරනවා. දුප්පත් ප්‍රදේශ වල උපත ලැබූ සමහර දරුවන් පාසල කලින් නිම කර ආහාර සෙවීම සඳහා අරගලයක නිරත වෙනවා. මේ අතර සමහර පුද්ගලයන් විශාල ධනස්කන්දයක හිමිකරුවන් වී සිටිනවා.


03. තමාට ආදරය නොකරන අයෙකුට ආදරය කිරීමට කිසිවෙකුටත් අවශ්‍ය නැහැ

පරිපුර්ණ ආදරයකට හැමෝම කැමතියි. තමාට ගරු කරන, ආදරය කරන පරිපුර්ණ පුද්ගලයෙකු මුණ ගැසෙනවා නම් හැමෝම කැමතියි. ඒත් හැමෝටම ඒ වගේ පුද්ගලයන් මුණ ගැසෙන්නේ නැහැ. ඒ නිසා එවැනි පරිපුර්ණ ආදරණිය පුදගලයෙකු හමුවෙන තුරු ඔබ බලා සිටින්නේ නැහැ. ඒ එසේ බලා සිටියොත් විවාහ වීමට නොලැබෙන බව ඔබ දන්නා නිසායි.


04. ලෝකය ඔබට කිසිවක් නිකන් ලබා දෙන්නේ නැහැ

ඔබ සිතන්නේ ඉතා සාර්ථක ජිවිත ගත කරන සහ උගත් මිනිසුන්ට ලෝකය සියල්ල පහසුවෙන් සැලසූ බවද? එසේ නම් ඔබ වැරදියි. ඔවුන් ගොඩක් බාධක පසු කරගෙන ඉදිරියට ආපු අයයි. ඔවුන්ගේ අතීතය උත්සාහ කිරීමේදී ඇති වූ තුවාල වලින් පීඩාවට පත් වෙලා තිබෙනවා.


05. ඔබ හිතනවාට වඩා ඔබට වෙලාව තිබෙනවා.

සතියකට පැය 168ක් තිබෙනවා. එය විශාල කාලයක් වුවත් එය ගෙවී යනවා. ඒත් ඔබ බොහෝ විට ඔබට වෙලාව මදි කියමින් මැසිවිලි නඟනවා. ඇත්තටම ඔබ වෙලාව නෑ කියන්නේ, ඔබේ මුලිකත්වය එම දෙය වෙනුවෙන් නැති නිසායි. යමෙකුට නිවසේ වැඩ කිරීමට හෝ තමාගේ සහකරුට උපකාර වීමට වෙලාවක් නැති නම්, එයින් හැඟවෙන්නේ ඔහුගේ මුලිකත්වය තමාගේ බැඳීම් උදෙසා නොවන බවයි. තමාගේ විනෝදයට මුලිකත්වය දෙන පුද්ගලයා අනෙකුත් වැඩ අතපසු කරමින් විනෝද වීම සඳහා කාලය යොදවනවා.


06. කිසිවෙකුගේ ජීවිතය කිසිවිටෙක පරිපුර්ණ වන්නේ නැහැ

ඔබ පරිපුර්ණ ජිවිතයක් බලාපොරොත්තු වෙනවා නම්, ඔබට ජිවත් වන්නට සිදු වන්නේ සිතේ අසහනයෙනි. කටුක වුවත් සැබෑ සත්‍යය නම් කිසිවෙකුගේත් ජීවිතය පරිපුර්ණ නොවන බවයි. සමහරුන් නිවැරදි වෙලාව එන තුරු යැයි පවසමින් දේවල් කල් දමනවා. රැකියාව, නිවස ඇතුළු පහසුකම් රැසක් සලසා ගැනීමෙන් අනතුරුව විවාහ වීමට සහ දරුවන් සෑදීමට සිහින මවන ඇතැම් පුද්ගලයන් පසුව ඒ ගැන දුක් වෙනවා. ඒ තමාගේ නියමිත වයස පහු වීම නිසායි.


07. කිසිවෙකුත් ඇත්තටම කාර්යබහුල නැහැ. ඇත්තටම ඔවුන් ඔබ ගැන සැලකිලිමත් වන්නේ නැහැ

සමහරුන් ඔබේ අවශ්‍යතා ගැන සැලකිලිමත් නොවන විටදී ඔවුන් පවසන්නේ ඔවුන් කාර්යබහුල බවයි. නමුත් සත්‍යය නම්, ඔවුන් ඔබ ගැන සැලකිලිමත් නොවන බවයි. ඔබ මෙසේජ් 30ක් යැව්වත්, උත්තර නොඑන්නේ ඔවුන් ඇත්තටම කාර්යබහුල නිසා නෙවෙයි. ඔබ සම්මුඛ පරීක්ෂණයකට මුහු7න දුන් පසු ප්‍රතිඵලය පැවසීමට ඔවුන් ඔබට කෝල් නොකරන්නේ ඔවුන් කාර්යබහුල නිසා නොවේ.


08. ඔබට අන් අය ඉදිරියේ පරිපුර්ණ වීමට කවදාවත් බැහැ

පරිපුර්ණ වීමෙන් ලෝකයේ විවේචනය නවත්වා ගන්න සමත් වුණු කිසිවෙකුත් නැහැ. ඔබ මොන තරම් කරුණාවන්ත, ගුණ යහපත් චරිතයක් වුවක් ඔබට සමාජයෙන් චෝදනා එල්ල වීම වළක්වාලන්න බැහැ. ඔබ කෙට්ටු වැඩි බව හෝ මහත වැඩි බව, කොණ්ඩය දිග වැඩි හෝ කොට වැඩි බව පවසා චෝදනා කිරීම සමාජයේ පුරුද්දයි.


09. ජීවිතය සාධාරණ නැහැ

ඔබේ සහකරුට ඔබ හොඳින් සලකද්දී, අවශ්‍ය සියලු දේ සපයා දෙද්දී සහකරුගේ ආදරය ඔබ ළඟ රඳවා ගත හැකි යැයි කියා ඔබ සිතනවාද ? නමුත් ඇතැම් විට මේ අපේක්ෂාව වැරදී යා හැකියි. ජීවිතය හැම අවස්ථාවේදීම සාධාරණ වන්නේ නැහැ. වැරදි කරන, අන් අයට රිදවන මිනිසුන් සතුටින් ජීවත්වෙන අයුරු ඔබ අනන්තවත් දැක ඇති. අන් අයට යහපතම පමණක් කළ මිනිසුන්ව ජිවිතයේ පහලට ඇද වැටෙන අවස්ථාත් ඔබ දැක ඇති.


10. ඔබව විනාශ කිරීමට වැඩියෙන්ම උත්සාහ කරන පුද්ගලයා ඔබමයි

ඔබ ඔබව විනාශ කර ගැනීමට උත්සාහ කරන බව ඔබ පිළිගන්නවාද? මත්පැන්, සිගරට් භාවිතය, තෙල් සහ සීනි අධිකව අඩංගු ආහාර ලබා ගැනීම ඔබව විනාශ කරන බව ඔබ හොඳින්ම දන්නවා. නමුත් ඔබ ඒවා කිසිදු පැකිලීමක් නැතිවම පාවිච්චි කරනවා. මහා මාර්ගයේ අනතුරු බහුල බව ඔබ දන්නවා. නමුත් මහා මාර්ග නීති කඩ කරමින් ඔබ රිය ධාවනය කරනවා.

SHARE