බැ

ලූ බැල්මට ඔබට හිතේවි මේ ගතිගුණ වල කිසිම වරදක් නැහැනේ කියලා. ඔව්, මේ ගතිගුණ වලින් කිසිම කෙනෙක්ට හානියක් සිදු වෙන්නේ නැහැ. තව ටිකක් සැලකිල්ලෙන් බැලුවොත් මේ ගතිගුණ අතර යහපත් ගතිගුණත් තියෙන හැටි ඔබට පෙනේවි. අනේ ඒත්, මිනිස්සු ඒ ගතිගුණ වලට කැමති නැහැ.

 


fb-like-beg


 

1 පමණ ඉක්මවූ පරාර්ථකාමිත්වය

මිනිස්සු ආත්මාර්ථකාමී පුද්ගලයන්ට කැමති නැති බව නම් ඔබ දන්නවනේ. පරාර්ථකාමී පුද්ගලයන්ට මිනිස්සු කැමති නැහැ කියන්නේ ඇත්ත කතාවක්ද කියලා ඔබට හිතේවි. ඔව්. අනිත් අය වෙනුවෙන් අසීමිත විදිහට කැපවීම් කරන, අනිත් අයට අසීමිතව උදව් කරන මිනිස්සු ඉස්සරහා අනිත් අය අපහසුතාවයට පත් වෙනවා.

ඔබ අනිත් අයට අසීමිතව උදව් කරන්න උත්සාහ කරනවා නම්, අනිත් අය ඉබේටම ඔබ දිහා සැකයෙන් බලන්න පෙළඹෙනවා. ඔබ ඒ විදිහට උදව් කරන්නේ යම් කපටි කමක් නිසාද, ඔබ උදව් කරලා අනිත් පැත්තට මොන වගේ දෙයක් බලාපොරොත්තු වේවිද වගේ සැක සංකා වලින් ඔවුන්ගේ හිත් පිරී යනවා.

2 නිතරම අකුරු වරද්දන අය

සමාජ ජාලා වල, මෙසේජ් යවනකොට අකුරු වරද්ද වරද්ද ටයිප් කරන අයට අනිත් අය එච්චර කැමති වෙන්නේ නැහැ. සිංහල භාෂාවෙන් වුනත්, ඉංග්‍රීසි භාෂාවෙන් වුනත් ඔබ ටයිප් කරන දේ පැහැදිලිව, අනිත් කෙනාට තේරුම් ගත හැකි වන සේ ටයිප් කරනවා නම් තමයි හොඳම. ගොඩක් දෙනා තමන්ට කියන්න ඕනේ පණිවිඩය හැකි තරම් කෙටි කරලා, ෂෝර්ට් ෆෝර්ම් වලින් කියන්න උත්සාහ කරනවා. හැබැයි මේ වගේ නොතේරෙන දේවල් ටයිප් කරලා එවන පුද්ගලයන්ට අනිත් අය ඉබේටම අකමැති වෙන්න පටන් ගන්නවා.

3 ප්‍රසිද්ධ පුද්ගලයන්ව තමා හඳුනනා බව නිතරම පැවසීම

ප්‍රසිද්ධ පුද්ගලයන්ව හඳුනනා බව බොරුවට වගේම ඇත්තට කියන මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඔවුන් ඒ බව කියද්දී ඔවුන්ව විශ්වාස කරන්නේ බොහොම සුළු පිරිසක්. බහුතරයක් දෙනාට අදාළ පුද්ගලයා ගැන තිබුණු ප්‍රසාදයත් නැති වෙනවා. මොකද බහුතරයක් දෙනා හිතන්නට පෙළඹෙන්නේ ඔහු ප්‍රසිද්ධ පුද්ගලයන් හඳුනනා බව කියමින් පුරසාරම් දොඩනවා කියලයි.

4 විසුළු සමාජ ජාලා තරු

සමහර පුද්ගලයන් ඉන්නවා අසීමිත විදිහට තමන්ගේ ජායාරූප සහ විස්තර සමාජ ජාලා වල පල කරන. විවිධ විසුළු ඉරියව් පාමින් ජායාරූප ගෙන අන්තර්ජාලයට එකතු කරන අය දිහා බොහෝ දෙනෙක් සමච්චලයෙන් බලන්නට පෙළඹෙනවා.

තවත් සමහරු ආහාරයක් ලබා ගැනීමට පෙර එකම පිඟානේ විවිධ පති වල්ලින් ජායාරූප ගණනාවක් ගෙන සමාජ ජාලා වලට එක් කරනවා. තවත් සමහරු තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ලියන දිනපොතක් බවට සමාජ ජාලා ගිණුම පත් කර ගන්නවා. මෙවැනි පුද්ගලයන් දෙස බොහෝ දෙනෙක් බලන්නේ අවඥාවෙන් වීම සාමාන්‍යයි.

5 පමණට වඩා සිනාසීමට උත්සාහ කරන්නන්

අවශ්‍ය දේටත්, අනවශ්‍ය දේටත් පමණට වඩා සිනාසෙන්නට උත්සාහ කරන පුද්ගලයන්ටත් සමහරු එතරම් කැමති නැහැ. මනෝ විද්‍යාඥයින්ට අනුව පමණට වඩා සිනාසෙන පුද්ගලයන්ව අන් අය අඩුවෙන් විශ්වාස කිරීමටත්, ඔවුන් බොළඳ සහ අඥාන පුද්ගලයන් ලෙස දැකීමටත් පෙළඹෙනවා.

6 උච්චාරණය කරන්න අමාරු නම් සහිත පුද්ගලයන්ට

අපේ නම පිළිබඳව අපිට කරන්න දෙයක් නැහැ තමයි. ඒත් මිනිස්සු පහසුවෙන් නම උච්චාරණය කරන්න බැරි අයට එච්චර කැමති නැහැ. අපේ මොලය හැදිලා තියෙන්නේ වෙනස් විදිහේ, කරදරකාරී දේවල් දැක්කම ප්‍රතික්ෂේප කරන්නයි.

7 පමණට වඩා ලැජ්ජාශීලී වීම

පමණට වඩා ලැජ්ජාශීලි වෙන අයට, තමාවම විවේචනය කර ගන්න අයට මිනිස්සු කැමති වෙන්නේ නැහැ. තමන් ගැන හොඳ විශ්වාසයකින් ඉන්න අයව තමයි අනිත් මිනිස්සුත් විශ්වාස කරන්න පෙළඹෙන්නේ.

       

SHARE