අම්මෙක්ගේ කඳුළු කතාවක්

මේ කතාව මගේ පුතා ගැන. එයට තිබුනේ දුඹුරු පාට ලස්සන කොණ්ඩයක්. වගේම ඔහුගේ ඇස් ආකර්ශ්ණීයයි. ඔබ ඔහුව දැක්කොත් හිතෙයි ඔහු ඔබට කතා කරනවා කියලා. ඒ තරම්ම ඔහුගේ ඇස් කතා කරනවා. ඔහු ආදරය කලේ සත්තුන්ට, අලුත් තැන වල ඇවිදින්න ඒ වගේම චෝක්ලට් අයිස් ක්‍රීම් කන්න ඔහු ගොඩාක් ආසයි. ඇත්තටම ඔහු මට දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්.

fb-like-beg


එයා ඉපදුණේ

එයා ඉපදුනේ 2001, මගේ කුසට සති නවයක් වෙද්දී ඔහුගේ බර 2.52 kg විතර. ඔහුව බිහිවෙලා දින 35 විතර රෝහලේ ඉදලා තමයි අපි ගෙදර ආවේ. රෝහලේ හිටපු සති 3ක් විතර කාලේදී, එයා ඔක්ෂිජන් නළයේ පිහිටෙන් තමයි ජිවත් වුනේ. අපි ඇත්තටම දැනන් හිතියේ නෑ මේ ඔක්ෂිජන් නිසා දරුවාගේ දත්වල එනමලයට හානි සිදුවෙන බව. එත් කාලයක් ගියාමයි අපට මේ සම්බන්දයෙන් දැනගන්න ලැබුනේ.

දරුවා දෙවන ශ්‍රේණියේදී…..

“ඇයි ඔබ ඔයාගේ දත් හරියට මදින්නේ නැද්ද ? අයි දරුවාගේ දත් මේ පාට ?”

ඔහුගේ දත් නිරෝගී වුනත්, දත් වල පැහැය නම් අනෙක් අයට වඩා ඉතාමත්ම වෙනස්. ඔහුගේ කොණ්ඩය, ඇස් කණ්නාඩි ඒ වගේම අව පැහැ දත් මේ සියල්ලම අනෙක් ළමයින්ගේ විහිලුවට ලක් වුණා. සෑමවිටම අනෙක් ළමයි මේ පුංචි දරුවාව විහිලුවකට ගන්නමයි උත්සහ කලේ.

ඇයි මිනිස්සු වෙනස්කම් කරන්නේ

මොහු කාලයත් එක්ක වැඩෙද්දී, මොහුට තිබුණු එකම ප්‍රශ්නේ තමයි ඇයි මිනිස්සු ඔහුට අමුතු විදිහට සලකන්නේ කියන එක. ඔහු මගෙන් නිතරම අහන්නේ එක ප්‍රශ්නයයි.

“අම්මේ, ඇයි මිනිස්සු වෙනස්කම් කරන්නේ ?”

මම හැමදාම පුතාගේ ප්‍රශ්න ළග උත්තර දෙන්න බැරිව අසරණ වුණා. මම ඇත්තටම ඔහුව දිරිගන්වන්න උත්සහ කරලම මහන්සි වුණා. මන් එයට හැමදාම කිව්වේ ‘‘පුතේ… ඔයා අනිත් හැමෝටම වැඩ සුවිශේෂී පුද්ගලයෙක් කියලා’’. ඔහු එයට ආස කළා. එත් කාලයත් එක්ක පුතා ලොකු වෙද්දී මට තවදුරටත් එහෙම කියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.

පළමු සියදිවි නසා ගැනීම

මගේ දරු පැටියා 2013 නොවෙම්බර් මාසේ දී ජිවිතයේ පළමු වරට සියදිවි නසාගන්න උත්සහ කළා. පාසලේදී එයට යාලුවෝ ගොඩක් හිරිහැර කරලා තිබ්බා. එයා විශ්වාස කරපු දෙයක් තමයි, එය නැතිව මමයි, එයාගේ තාත්තායි ගොඩක් සතුටින් ජිවත් වෙයි කියලා. එයට තවත් ජිවිතේ එක්ක රැදෙන්න ඕනි කමක් තිබ්බේ නෑ. අපි හිතුවේ ඇත්තටම මෙය ඉතාමත් මෝඩ ක්‍රියාවක් විදිහට. එත් කාලයක් ගත වෙද්දී මට තේරුණා, දරුවා ප්‍රශ්නක තමයි ඉන්නේ කියන එක. අපි වෛද්‍යවරයෙකුව මුණ ගැහිලා ඔහුට මානසිකව ප්‍රතිකාර කළා. එය නමුත් ඉතාමත් තාවකාලික ප්‍රතිකාරයක් වුණා.

අලුත් තැනක ජීවිතය පටන් ගත්තා

2014 මට අලුත් ස්කොලෙක ගුරු පත්වීමක් හම්බුනා. මේ නිසාම මගේ පුතාටත් එයාගේ පාසල වෙනස් කරන්න සිද්ද වුනා. එයා 8 ශ්‍රේණියේ ඉදන් පාසල් වැඩ ආරම්භ කලේ එයාගේ අලුත් ඉස්කෝලේ. මේ පාසලේදී එයාට අලුත් යාලුවෙක් හම්බුණා. එය පුතත් එක ගොඩක් හිතවත් වුණා.

ඒ වගේම මගේ දරුවට මේ පාසලේදීත් කිසිම අඩුවක් නැතිව ළමයි හිරි හැර කරන්න පටන් ගත්තා. එයා ඇත්තටම ආස දේවල් අනිත් ළමයින්ට වඩා වෙනස්. ක්‍රීඩා කරන්න එයා කැමති වුනේ නෑ. පුතාව තේරුම් ගත්ත නැති හැමෝම එයාව පරාජිතයෙක් විදිහට කොන් කළා. එයා මටවත් කිසිම දෙයක් කිව්වේ නෑ. එය තනිවම හැමදේම විඳ ගත්තා.

අපිව දාලා ගියා

මාසයක් විතර මේ පාසලේ කලේ ගත කරලා ඉතාමත් තෙහෙට්ටුවට පත් වෙච්ච පුතා මේ හැමදේම ගැන මට කිව්වා. ඔහු මෙය විදුහල්පතිට වාර්තා කලත් විදුහල්පති පැවසුවේ අනිත් ළමයින්ගෙන් ඔහුට ඈත් වෙලා ඉන්න කියලා. මම පුතාගෙන් ඇහුවා ඇයි මේ දේවල් මට කිව්වේ නැත්තේ කියලා. පුතා කියන්නේ, මට මේ දේවල් වෙනස් කරන්න බෑ කියලා.

අපි ගදර ආවට පස්සේ පුතා කාමරයට ගියා. මට හිතුන එයට ටිකක් නිදහසේ ඉන්න දෙන්න ඕනි කියලා. ටික වෙලාවකින් මන් එයට කතා කරන්න ගියා කාමරයට. එතකොටයි මන් දැක්කේ, එයා සිවීලිම් ෆෑන් එකකේ එල්ලිලා සියදිවි නසා ගෙන තිබෙන බව.

හැමෝටම විහිළුවක් විතරක් වෙන්න ඇති

දවසක් මට පුතාගේ ළඟම මිතුරෙකුගේ අම්මා කෙනෙක් හමුවුණා. ඇය කිව්වා මගේ පුතා හැමදාම අනික් ළමයින්ගේ හිරිහැර දරාගන්න බැරිව පාසලේදී නිතරම අඩනවා කියලා. ඒ කාරනාව අහලා මම පුදුම වුනේ නෑ. මට හිතාගන්න බැරි, ඇයි ලෝකය මෙතරම්ම මේ විදිහට හැසිරෙන්නේ කියලා. මගේ පුතා මොනතරම් හිතින් දුක් විදින්න ඇද්ද ? ඒක හැමෝටම විහිළුවක් විතරක් වෙන්න ඇති ’’

තව කෙනෙකු වෙනුවෙන් කාරුණික වෙන්න

මට දැනෙන එකම දේ තමයි, හැමදේකටම කලින් අපි දරුවන්ට ඉගැන්විය යුතු එකම දේ තව කෙනෙක්ව මානුශිකව හදවතින් පිළිගැනීම කරන එක. මගේ පුතා ගොඩක් වෙනස් කෙනෙක්. එයාව යාලුවෙක් විදිහට ළඟ තියන් එයාට සහයෝගය දෙන්න පුළුවන් තවත් එක කාරුණික හදවතක් හිටියා නම්, මගේ දරුවා අදටත් ජිවත් වෙන්න තිබුනා. එත් මේ ලෝකය ඒ තරම් සුන්දර නෑ. මං ඔබගෙන් ඉල්ලන්නේ, තව කෙනෙකු වෙනුවෙන් කාරුණික වෙන්න කියලා විතරමයි. මොකද අපි හැමෝම එකිනෙකට ගොඩක් වෙනස්.

SHARE