බ අඳින ඇඳුමේ වර්ණයට ඔබව දකින්නන්ගේ සිත් තුල විවිධ හැඟීම් ඇති කරන්නට හැකියාවක් තිබෙන බව ඔබ දන්නවාද? එයට හේතු වන්නේ නෙත ගැටෙන වර්ණයන් මිනිසාගේ සිතට සහ ස්නායු පද්ධතියට බලපෑම් එල්ල කිරීමයි. ඇතැම් වර්ණ වලට මිනිස් සිත් සුවපත් කිරීමටත්, සිතෙහි ප්‍රීතිමත් හැඟීමක් ඇති කිරීමටත්, ගෞරවනීය හැඟීමක් ඇති කිරීමටත් මනා හැකියාවක් තිබෙනවා. ඒ නිසා අද goodhousekeeping.lk වෙබ් අඩවිය විසින් මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.


fb-like-beg


  • ආදරණිය හමුවකට ගැලපෙනම වර්ණය රතු

රතු පැහැය කියන්නේ මිනිස් සිත් තුල ශක්තිය, උද්යෝගය සහ ආදර හැඟීම් ඇති කරන්නට සමත් වෙන වර්ණයක්.

රතු වර්ණය මිනිස් ස්නායු පද්ධතිය උත්තේජනය කරන්නට සමත් වර්ණයක්. රතු වර්ණය දකින පුද්ගලයාගේ සිත තුල උද්යෝගිමත් සිතුවිලි ඇති වෙනවා. මීට අමතරව රතු වර්ණයෙන් ශක්තිමත් භාවය පිළිබිඹු කරනවා. එමෙන්ම ආදර හැඟීම්, රාග හැඟීම් ඇති කරන්නටත් රතු වර්ණයට පුළුවන්.

මේ නිසා ඔබේ සහකරු මුණ ගැසීමට යාමේදී, විවාහපේක්ෂිත හෝ විවාහක යුවලක් හමුවක් සඳහා පිටතට යන අවස්ථාවකදී රතු වර්ණය ගොඩක් ගැලපෙනවා.

  • සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට ගැලපෙනම වර්ණය නිල් වර්ණයයි

නිල් වර්ණය කියන්නේ විශ්වාසදායිබව සහ අවංකභාවය පිළිබිඹු කරන වර්ණයයි.

ෆේස්බුක්, ට්විටර් ඇතුළු බහුතරයක් සමාගම් තමන්ගේ නිෂ්පාදන සඳහා නිල් වර්ණය තෝරා ගෙන ඇත්තේ එයින් විශ්වාසදායි හැඟුම් ඇති වන නිසයි. ඉතින් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වීමේදී දීප්තිමත් නිල් වර්ණය සහිත ඇඳුම් ඇඳීමෙන් පරීක්ෂණ මණ්ඩලයේ නෙත් සිත් පැහැර ගැනීමටත්, ඔවුන්ගේ විශ්වාසදායි බව දිනා ගැනීමටත් හැකියාව ලැබෙනවා. නමුත්, අඳුරු පැහැ නිල් ඇඳුම් වලින් නම් පෙන්නුම් කෙරෙන්නේ ශෝකජනක බවකුයි. මේ නිසා සෑම විටම දීප්තිමත් නිල වර්ණය තෝරා ගැනීමට උනන්දු වන්න.

  • මිතුරු හමුවකට ගැලපෙනම වර්ණය කහ වර්ණයයි

කහ වර්ණය නෙත ගැටෙන්නාගේ සිත තුල සුබ හැඟීම්, සතුට සහ සැනසීම, ක්‍රීඩාශීලී හැඟීම් ඇති වන බව කියවෙනවා.

කහ වර්ණය මිනිස් සිතේ ඇති පාළුව, කාන්සිය පහ කර දමන්නට සමත් වෙනවා. ඒ වගේම සිත් තුල මිත්‍රශීලි හැඟීම් ජනිත කරවනවා. මනෝ විද්‍යාත්මක නිර්දේශ අනුව මානසික පීඩාවකින් සිටින කෙනෙකු කහ වර්ණය නිතර ඇඳීමෙන් තම මානසික පීඩනය මඳක් දුරට අඩු කර ගත හැකි බව කියවෙනවා.

ඉතින් මේ නිසා මිතුරු හමුවකට සහභාගී වීමේදී කහ වර්ණය හොඳින් ගැලපෙනවා.

  • යමෙකුගේ සිත තුල ප්‍රථම දැක්මෙන් පහන් සිතුවිලි ඇති කිරීමට සමත් වන වර්ණය කොළ වර්ණයයි

කොළ වර්ණය කියන්නේ ස්වභාවික සුන්දරත්වය, ජෛව ශක්තිය, ගෞරවය සහ ධනවත්කම පිළිබිඹු කරන වර්ණයයි.

ඒ වගේම කොළ වර්ණයෙන් ශාක සහ ඒවායේ වර්ධනය පිළිබිඹු කරනවා. ලා කොළ පැහැය ස්වභාවික සුන්දරත්වය පිළිබිඹු කරන අතර, තද කොළ වර්ණය ධනවත් බව පිළිබිඹු කරවනවා. දකින්නාගේ දෙනෙතට සිසිල් ගුණයක් ලබා දීමට කොළ වර්ණයට හැකියාව තිබෙනවා.

ඔබව කේන්ද්‍ර කරගෙන පවතින උත්සව අවස්ථාවකට තද කොළ වර්ණයත්, ප්‍රථම පෙම් හමුවක් වැනි අවස්ථාවකට ලා කොළ වර්ණයත් හොඳින් ගැලපෙනවා.

  • විනෝද චාරිකාවක් සඳහා ගැලපෙන වර්ණය තැඹිලි වර්ණයයි තැඹිලි වර්ණය කියන්නේ නැවුම් බව, නිර්මාණශීලිත්වය, තරුණ බව සහ නිර්භීත බව පිළිබිඹු කරන වර්ණයයි.  

තැඹිලි වර්ණය හැදිලා තියෙන්නේ රතු වර්ණයේ සහ කහ වර්ණයේ එකතුවෙන්. ඉතින් මේ සංයෝගයෙන් සැදුම් ලත් තැඹිලි වර්ණයෙන් සිත් සතන් තුල උණුසුම් සහ උත්තේජක හැඟීම් ඇති වෙනවා.

මේ නිසා විනෝද චාරිකාවකට සහභාගී වීමේදී, මිතුරන් එක් වී සවස් වරුවක මුහුදු වෙරළට හෝ ක්‍රීඩා උද්‍යානයකට යෑමේදී තැඹිලි වර්ණය හොඳින් ගැලපෙනවා.  

  • හික්මීම, සරල බව, පාරිශුද්ධත්වය, නිර්දෝෂී සහ අහිංසක බව පෙන්නුම් කිරීමට ගැලපෙනම වර්ණය සුදු වර්ණයයි

සුදු වර්ණයෙන් පිළිබිඹු කෙරෙන්නේ මහත් චාම් බවක්. පාසැල් දැරියන්ගේ නිල ඇඳුම සුදු පැහැ වීමටත්, පන්සල් යන විට සුදු පැහැති වස්ත්‍ර ඇඳීමටත් හේතුව වන්නේ එයයි.

  • කාන්තාවන්ට ගැලපෙන වර්ණය රෝස වර්ණයයි

රෝස වර්ණය සහ කාන්තාවන් අතර මනා සබඳතාවයක් තිබෙනවා. කුඩා දැරියන්ට ලා රෝස පැහැති වර්ණය ගැලපෙන අතර එයින් සෞම්‍ය පෙනුමක් දිස් වෙනවා. දීප්තිමත් රෝස වර්ණයෙන් ශෘංගාරත්වයත්, රතු පැහැයට ආසන්න රෝස වර්ණයෙන් තරුණබව, සතුට සහ ශක්තියත් පිළිබිඹු කෙරෙනවා.

      

     

 

 

SHARE