වක් හෝ පියෙක් වෙන්නට ලැබීම කියන්නේ හරිම සුන්දර අත්දැකීමක් තමයි. හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි. හැබැයි සමහර දෙමව්පියෝ හිතන්නේ මවක් හෝ පියෙක් වෙන්න අවස්තාව ලැබීම කියන්නේ සමාජයේ ඇති රීතින් සහ නීතින් කඩ කරන්න තමන්ට ලැබුණු අවස්තාවක් කියලයි. හැබැයි මේ වගේ අවස්ථා වලදී සමාජය අදාළ දරුවා සහ මව්පියන් දෙස බලන්නේ තරහෙන්.

 


fb-like-beg


1 පිළිගත් සමාජ රීතින් නොසලකා හැරීම 

සමහර දෙමව්පියන් දරුවා පිටින් දාලා පිළිගත් සමාජ රීතින් නොසලකා හරිනවා. අවහන්හලක මේසයක් උද දරුවාව තියාගෙන දරුවාගේ නැපිය මාරු කරන්න, දරුවාව පෙන්නලා පෝලිම් පනින්න, දරුවට මුත්‍රා කරන්න ඕනේ වුනාම ඕනෙම ප්‍රසිද්ධ තැනක මුත්‍රා කරවීම පිණිස දරුවාගේ ඇඳුම් ගලවන්න, වැඩුණු පිරිමි දරුවන්ව කාන්තා වසිලි වලට රැගෙන යාම වගේ දේවල් කරන්න මේ දෙමව්පියෝ පැකිලෙන්නේ නැහැ.

 

2 දරුවා කරන වැරදි සාධාරණියකරණය කිරීම 

පොඩි පොඩි වැරදි දරුවෝ කරනවා තමයි. හැබැයි එයින් පිටස්තර පුද්ගලයෙක්ට හානියක් වෙනවා නම් දරුවාගේ දෙමව්පියන් එහි වගකීම ගත යුතුයි. දරුවෙක් මිතුරෙක්ට පහර දුන් විට “ආ පොඩි ළමයි ගහ ගන්නවා තමයි.” කියලා එය නොසලකා හරින්න ඔබට බැහැ. දරුවෙක් කඩයක විකුනන්න තියෙන යමක් බිඳලා දැම්මම “ළමයි දඟලනවා තමයි.” කියලා අලාභය ගෙවීම ප්‍රතික්ෂේප කරන්න ඔබට බැහැ. ඔබේ දරුවා පාසලේදී මිතුරෙකුගේ මුදල් හෝ චෝක් පෙට්ටිය හොරකම් කරලා අහු වුනොත් එය නොදැක්කා වගේ ඉන්න ඔබට බැහැ. 

 

3 දරුවන් නොමැති පුද්ගලයන් තමන්ට වඩා පහල ස්ථානයක සිටිනවා යැයි සිතීම 

දරුවන් ලැබීම උතුම් කාර්යයක් ලෙසත්, තමන් දරුවෙකු උපද්දවා ප්‍රජා යුතුකමක් ඉටු කළ බවත් සමහර මව්පියන් හිතනවා. දරුවන්ට උපත ලබා දීමෙන් තමා සමාජයේ වැදගත් ස්ථානයකට පත් වූ බව ඔවුන් හිතනවා. එහෙම හිතුවට කමක් නැහැ. හැබැයි දරුවන් නොමැති මිනිසුන් අවාසනවන්තයන් ලෙස සහ නොවැදගත් මිනිසුන් ලෙස සලකන්නට යන්න එපා. දරුවන් ඉපැද්දවීම හෝ නැති වීම ඔවුන්ගේ තීරණයක්.

 

4 දරුවන් ලැබීමෙන් අනතුරුව රැකියාවට යන මව්වරුන්  අවඥාවෙන් බැලීම 

දරු ප්‍රසූතියෙන් පසු, සමහර කාන්තාවන් දරුවන් ඇති දැඩි කිරීම සඳහා මුළුමනින්ම කැපවීමට තීරණය කරනවා. ඒ වගේම තවත් සමහර කාන්තාවන් දරුවන් ඇති දැඩි කිරීමට පවුලේ වැඩිහිටියෙකුගේ හෝ සේවිකාවකගේ සහය ලබා ගෙන දිගටම රැකියාවට යන්න තීරණය කරනවා. මේ තීරණ දෙකෙන් එකක් හරි, එකක් වැරදි කියලා කියන්න කාටවත්ම අයිතියක් නැහැ. ඒත් දරුවා ලැබුණු පසු රැකියාව අත් හරිම බොහෝ මව්වරුන් තමන් යහපත් මව්වරු බවත්, රැකියාවෙන් ඉවත් නොවුණු මව අයහපත් මවක් බවත් කියන්නට උත්සාහ කරනවා. 

 

5 දරුවා වෙනුවෙන් නොකළ යුතු දේවල් පවා කිරීම 

සමහර මව්වරු උදම් අනනවා තමන් දරුවා වෙනුවෙන් රැකියාව අත් හරිය බව කියමින්. සමහර පියවරු උදම් අනනවා තමන්ගේ සතුට ගැන නොසිතමින්, විනෝද වීමට කාලයක් වෙන් නොකරමින් මුදල් හම්බ කර දරුවා වෙනුවෙන් වියදම් කල බව කියමින්. ඒත් ඇත්තටම බැලුවොත් දරුවාට අනවශ්‍ය නමුත් දරුවා ඉල්ලන ඉල්ලන හැම දේම මිලට අරන් දෙන්න ගිහිල්ලයි ඔවුන් අමාරුවේ වැටිලා තියෙන්නේ. මේ ක්‍රමය දරුවන්ටත් හොඳ නැහැ. ඉල්ලන හැම දේම අතට ලැබුනම දරුවන්ට දැනෙන්නේ මුළු ලෝකයේම කේන්ද්‍රය තමන් කියලයි. පාසලේදී, රැකියා ස්ථානයේදී මේ වගේ දරුවන්ට පොඩි වෙනස්කමක් වුනත් දරා ගන්නට බැරි වෙනවා.

 

6 වෙන අයගේ නිවෙස් වලදී දරුවාව පාලනය කර ගන්නට උත්සාහ නොකිරීම 

දරුවා වෙන කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ල මොනවා හරි ඉල්ලලා රණ්ඩු කෙරුවොත් ගොඩක් දෙමව්පියෝ එය දරුවට ලබා දෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලනවා.

“ඔයා දැන් ලොකුයිනේ පුතේ. ඔයාගේ සෙල්ලම් බඩුව මල්ලිට දෙන්න. මල්ලි අඬනවානේ.” කියලා පිටස්තර දරුවෙක්ගෙන් ඉල්ලන එක මොන තරම් වැරදි දෙයක්ද කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ.

       

SHARE