ත්‍ර

ස්තවාදීන් කියන්නේ ලේ සොලවන, බිහිසුණු නීති පද්ධතියකට අනුව කටයුතු කරන කොටසක්. මානව හිමිකම්, සාමාන්‍ය නීති පද්ධතිය ඔවුන්ට අදාලම නැහැ. තමන්ගේ අරමුණ ඉෂ්ඨ කර ගන්න දස දහසක් වුව මරා දමන්නට නොපැකිලෙන කොටසක් තමයි මේ ත්‍රස්තවාදීන්. ලෝකය පුරා පැතිරී තිබෙන ත්‍රස්තවාදී කණ්ඩායම් පතුරවන්නේ භීතිය පමණමයි. ඉතින් අද අපි කතා කරමු ලෝකයේ භයානක ත්‍රස්තවාදී කණ්ඩායම් 5ක් ගැන.

 


fb-like-beg


 

1 ISIS (Islamic State of Iraq and Syria)

මේ ත්‍රස්තවාදී කණ්ඩායම තමන්ගේ අණ සක පතුරාගෙන ඉන්නේ ඉරාකයේ සහ සිරියාවෙයි. හැබැයි මොවුන්ගේ සාමාජිකයන් ලෝකය පුරා විහිදිලා ඉන්නවා. මොවුන් හරිම බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් වන අතර, පුද්ගලයන්ට දරුණු වධ දීලා මරා දමන වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධව මොවුන් හරිම ප්‍රසිද්ධයි. ඔවුන්ගේ අරමුණ තමයි ඉස්ලාම් රාජ්‍යයක් ගොඩ නැගීම.

 

2 Taliban

මොවුන්ව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බාමියාන් බුදු පිළිම විනාශ කිරීම සම්බන්ධවයි. මේ සංවිධානයේ ආරම්භය සිදු වුනේ 1994 වසරේදීයි. ඇෆ්ගනිස්තානයේ ඇති වුන සිවිල් යුද්ධයකින් පස්සේ තමයි මේ කණ්ඩායම කරලියට පැමිණුනේ. මුජහිදීන් ගරිල්ලන්ගේ පාලනයෙන් ඇෆ්ගනිස්තානය මුදවා ගන්නට මුල් වුනු මේ කණ්ඩායම මුලින්ම සැලකුනේ විමුක්තිකාමින්ගේ කණ්ඩායමක් ලෙසයි. නමුත් ඔවුන් බිහිසුණු ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවයි. ෂරියා නිතිය කඩ කරන පුද්ගලයන්ට දරුණු වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් මොවුනුත් ගොඩක් ප්‍රසිද්ධයි.

 

3 Al-Qaeda

අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම ඇරඹුවේ ඔසාමා බින් ලාඩන් විසිනි. ඒ 1988 වසරේදීයි. ඔවුන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 2001 සැප්තැම්බර් 11 වෙනි දා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කල ප්‍රහාරය සම්බන්ධවයි. ඉන් අනතුරුව ඇමරිකාව විසින් ආරම්භ කරන ලද “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙදී” ඔසාමා බින් ලාඩන් මරණයට පත් වෙනවා. ඔහු තම මරණයට පෙර තමාගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන්ට අල්කයිඩාවේ නායකත්වය පවරා ඇති බව හෙළි වී තිබෙනවා.

 

4 Lashkar-e-Taiba

මෙය දකුණු ආසියාවේ විශාලම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස සැලකෙන අතර, මොවුන්ගෙන් වැඩි තර්ජනයක් එල්ල වී තිබෙන්නේ ඉන්දියාවටයි. මෙය ආරම්භ වුනේ 1987 වසරේදී වන අතර, මෙය පවත්වාගෙන යාම සඳහා ඔසාමා බින් ලාඩන් මුල්‍යමය ආධාර ලබා දී ඇති බව හෙළි වී තිබෙනවා. 2008 වසරේදී මුම්බායිහි සුවිසල් ප්‍රමාණයකට මරු කැඳවමින් එල්ල කල ප්‍රහාරය සහ ඉන්දියාවේ පාර්ලිමේන්තුවට පහර දීම ආදී දරුණු ක්‍රියා වල ඔවුන් නිරත වෙලා තියෙනවා. දකුණු ආසියාව ඉස්ලාමිය රාජ්‍යයක් බවට පත් කිරීම ඔවුන්ගේ අරමුණයි.

 

5 Boko Haram

නයිජීරියාවේ වෙසෙන ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි මේ. ඔවුන්ගේ අරමුණ වෙන්නේ උතුරු නයිජීරියාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමයි. ඔවුන්ගේ දර්ශනයට අනුව ගැහැණු ළමයින් පාසල් යාම බරපතල වරදක්. එම නිසා ගැහැනුන් අවුරුදු 12 වන විට විවාහ විය යුතු යැයි ඌවුන් පවසනවා. වරෙක පාසල් සිසුවියන් 300 දෙනෙකුටත් අධික ප්‍රමාණයක් පහර ගැනීම, සාමාන්‍ය වැසියන් අධික ප්‍රමාණයක් මරණයට පත් කිරීම ආදී බිහිසුණු ක්‍රියා වල ඔවුන් නිරත වෙලා තිබෙනවා.     

 

SHARE