ප්රා වින්ෆ්‍රේ කියන්නේ මේ ලෝකයේ ප්‍රසිද්ධම කාන්තාවන් අතරින් එක කාන්තාවක්. ඇය මේ වන විට ඇමරිකානු මාධ්‍ය හිමිකාරිනියක්, රූපවාහිනී වැඩ සටහන් මෙහෙයවන්නියක්, රංගන ශිල්පිනියක් සහ නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කරනවා. ඇය විසි වන සියවසේ ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරට එක් වී තිබෙනවා. ඒ වගේම ඇය ලෝකයේ විශිෂ්ඨතම කළු ජාතික මානව හිතවාදිනිය ලෙසත් නම් කර තිබෙනවා. හැබැයි ඇගේ අතීත කතාව නම් එතරම් සුන්දර කතාවක් නෙවෙයි. ඇත්තෙන්ම එය කඳුළු කතාවක් කිවොත් නිවැරදියි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඒ දිරිය කත ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්න.


fb-like-beg


ඇය උපත ලැබුවේ 1954 වසරේ ජනවාරි 29 වන දිනයි. ඒ මිසිසිපි වලදීයි. සැමියෙකු නොමැතිව ඇයට උපත ලබා දුන් ඇගේ මව බාලවයස්කාර මවක් විය. ඉතින් ඔප්රා හැදී වැදුනේ සිය මිත්තනිය සමිපයෙයි. පාසල් යාමට ඇඳුමක් මසා ගැනීමටවත් වත්කමක් නොතිබුණු ඇය පාසලට ඇන්දේ අල ගෝනි යොදා මැසූ ඇඳුම් බව කියවෙනවා. ඒ හේතුව නිසාම ඇය පංතියේ සගයන්ගේ හිනාවට ලක් වුණා.

ඇයට අවුරුදු 6 වූ පසු ඇයව ඇගේ ජීව විද්‍යාත්මක පියා ජිවත් වුනු ප්‍රදේශයට යවනු ලබන ලදී.

ඇයට ළමා අවධියේදී මුහුණ දෙන්නට සිදු වන්නේ නොසිතු විරු කරදර රැසකටයි. ඇගේම පවුලේ සාමාජිකයන් අතින් ඇය කිහිප වරක්ම දුෂණයට ලක් වන්නේ වයස අවුරුදු 9 පමණ වන විටයි.

වරින් වර සිදු වුනු අතවර වල ප්‍රතිඵලයක් ලෙස ඇය අවුරුදු 14දී ගැබිනියක් බවට පත් වෙනවා.

අවාසනාවකට නොමේරු ළදරුවෙකු ලෙස උපත ලබන ඇගේ බිලිඳා සුළු මොහොතකට පසුව අවසන් හුස්ම හෙලනවා.

ඇගේ ජිවිතයෙන් අවාසනාව පහ වී යන්නට පටන් ගන්නේ ඇගේ වයස අවුරුදු 17දීයි.

  • පාසලේදී ඇය විසින් පෙන්වන දස්කම් වල ප්‍රතිඵලයක් ලෙස ඇයට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි වෙනවා.
  • ඇය ටෙනිසීස් කළු ජාතික රූ රැජින තරඟයෙන් ජය ගන්නවා.
  • ඉන් අනතුරුව ඇය WVOL ගුවන් විදුලි සේවයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත්, ඉන් අනතුරුව WLAC-TV රූපවාහිනී සේවයේ නිවෙදිකාවත් ලෙසත් රැකියාවල නිරත වෙනවා.
  • ඇය විසින් 1986 සිට 2011 දක්වා සිදු කරන ලද The Oprah Winfrey Show වැඩ සටහන ඉමහත් ප්‍රසිද්ධියට ලක් වෙනවා. එය ඇමරිකානු ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම රැඳී පවතිනවා.
  • ඇය Oprah Winfrey Network ආයතනයේ සහ Harpo Productions ආයතනයේ සභාපතීත්වය දරනවා.
  • 2013 වසරේදී ඇයගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 75ක් ලෙස වාර්තා වන අතර, ඇය “අප්‍රිකානු , අමෙරිකානු සම්භවයක් සහිත ලොව ධනවත්ම කාන්තාව – The World’s Richest Black American” යන විරුදාවලිය ලබනවා.
  • ඇය “ලොවට වඩාත්ම බලපෑමක් කළ හැකි කාන්තාව – The Most Influential Human Being” යන විරුදාවලියත් ලබනවා.
  • ඇයව බොහෝ මිනිසුන් හඳුන්වනු ලබන්නේ “මාධ්‍ය අධිරාජිණිය – Media Mogul” යනුවෙනි.

The Oprah Winfrey Show

මෙම වැඩ සටහනේ මුල් නාමය වුයේ “AM Chicago” යන්නයි. ඔප්රා එය ඉදිරිපත් කල ඇති සාර්ථක විලාශය සහ එය ජනතාව අතර වේගයෙන්ම ප්‍රසිද්ධියට පත් වීම නිසා එහි නාමය “The Oprah Winfrey Show” ලෙස වෙනස් විය.

 

SHARE