පට අනිත් මිනිස්සුන්ගේ හිත් කියවන්න බැහැ තමයි. ඒත් ඉඟි භාෂාව ගැන දැනුවත් වෙලා හිටියොත් නම් මිනිසුන් හිතන දේවල් ගැන තේරුම් ගන්න බැරි කමකුත් නැහැ. ඔබ සමඟ හිනා වෙලා හිටියත්, හිත යටින් ඔබ ගැන නොරිස්සුමකින් පසු වෙන අයව අඳුන ගන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද? ඉතින් අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය මඟින් අද ඉදිරිපත් කරන්නේ ඉඟි භාෂාව ගැන ලිපියකුයි.


fb-like-beg


ටයි පටිය සැකසීම

Image Source – brightside.com
පිරිමියෙකු මෙය සිදු කරන්නේ තමා කැමති කාන්තාවක් ළඟ පාතක සිටින විටයි. එම කාන්තාව දැකීමෙන් ඔහු අපහසුවට පත් වීම නිසායි, ඔහු මෙවබ්නි දෙයක් කිරීමට පෙළඹෙන්නේ.

ඇඳුමේ ලොම් ඇදීමට උත්සාහ කිරීම

Image Source – brightside.com
මෙසේ හැසිරෙන්නේ සිදු වන කතා බහකට හෝ ගත් තීරණයකට ඔහු/ ඇය සිතින් අකමැති නිසායි.

දෙපා මේසය මත තබාගෙන සිටීම

Image Source – brightside.com
මේ ඉරියව්වෙන් ඉන්න කෙනා උත්සාහ කරන්නේ තමන් ලොක්කෙකු බව හැඟවීමටයි. මෙවැනි අය සැලකිලිමත් වන්නේ තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව පමණක් බව කියවෙනවා. ඉදිරියේ සිටින පුද්ගලයා පිළිබඳව සිතේ ගෞරවයක් නැති වීමත් මෙසේ සිටීමට හේතු වෙනවා.

පුටුවේ අනිත් පැත්තට වාඩි වී සිටීම

Image Source – brightside.com
මිනිසුන් සාමාන්‍යයෙන් මේ විදිහට වාඩි වෙලා ඉන්නේ තමන්ගේ අධිපතීත්වය පෙන්වීමටයි.

පාවහන් සමඟ ක්‍රීඩා කිරීම

Image Source – brightside.com
මේ විදහට පාවහන් එක්ක ක්‍රීඩා කරන්නේ එම පුද්ගලයා සිතේ නිදහසේ, නිස්කලංකව සිටින විටයි.

මෙම ලිපියෙ පළමු කොටස සදහා පිවිසෙන්න –

මිනිසුන් හඳුන ගන්න, ඉඟි භාෂාව ගැන දැනුවත් වෙන්න – 1 කොටස

මෙම ලිපියෙ දෙවන කොටස සදහා පිවිසෙන්න –

මිනිසුන් හඳුන ගන්න, ඉඟි භාෂාව ගැන දැනුවත් වෙන්න – 3 කොටස

මෙම ලිපියෙ සිව්වන කොටස සදහා පිවිසෙන්න –

මිනිසුන් හඳුන ගන්න, ඉඟි භාෂාව ගැන දැනුවත් වෙන්න – 4 කොටස

SHARE