මෙකු අසුනක් මත අසුන් ගන්නා ඉරියව්ව පරික්ෂා කරලා ඔහු ගැන අනාවැකි කියන්න පුළුවන් කියලා ඔබ දන්නවද? අංග ලක්ෂණ අනුව අනාවැකි කියන අනාවැකි විද්‍යාවේ එක්තරා පැත්තක් තමයි මේ. තමන් ඇසුරු කරන පුද්ගලයන්ව යන්තම් හෝ තේරුම් ගන්න මේ දැනුම ඔබට උදව් වේවි.

 


fb-like-beg


 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

6 මේ ඉරියව්වෙන් අසුන් ගන්නා පුද්ගලයන් නිරහංකාරයි. මේ අය තුල අමුත්තන්ට මුහුණ දෙන්න, නොදන්නා පිරිසක් ඉදිරියේ ඉන්න අපහසු කරවන ලැජ්ජාවක් තියෙනවා. මේ අයගේ ආත්ම විශ්වාසයත් ටික අඩුයි. මේ අය තමන්ගේ සිතුවිලි අනිත් අයගෙන් සඟවන්න උත්සාහ කරන්නේ මේ ලැජ්ජාශීලි ගතිය නිසයි.

 

7 මේ ඉරියව්වෙන් වාදී වෙන පුද්ගලයන්ට තියෙන්නේ ශක්තිමත් චරිතයක්. මේ අය හිතන දේවල්, ඔවුන්ගේ සිතුවිලි අනිත් අයට පහසුවෙන් එලි වෙන්නේ නැහැ. ඒවා ගැඹුරු තැනක සැඟවිලා තියෙනවා වගෙයි. මේ අය පහසුවෙන් අනිත් අයට විවෘත වෙන්නේ නැහැ.

 

8 මේ විදිහට අසුන් ගන්න අය හරිම මෘදු ගතිගුණ තියෙන අය. සංවේදී හිතක් ඇති, ආචාරශීලි ලෙස හැසිරෙන පුද්ගලයන්. තව කෙනෙකුට කරදරයක් වෙද්දී කවදාවත් අහක බලන්නේ නැහැ. ඉක්මනින්ම මැදිහත් වෙලා තමන්ට කල හැකි හැම උපකාරයම කරනවා. සමහර වෙලාවට ලැජ්ජාශිලියි. ඒ වගේම දෙයක් කරලා හෝ කියලා ඒ දේ හරිද, වැරදිද කියා කියා හිතන ස්වභාවයකුත් මේ අය තුල තියෙනවා.    

 

9 මේ ඉරියව්වෙන් අසුන් ගන්නා පුද්ගලයන් අනිවාර්යයෙන්ම සාර්ථක නායකයන්. ඔවුන් තුල නායකත්ව හැකියාව හොඳින් පිහිටනවා. ඔවුන් තව කෙනෙක්ට දෙයක් පැහැදිලි කරද්දී පවා හොඳ විශ්වාසයකින් යුතුව, ඔප්පු කිරීම් සහිතවයි කරන්නේ. ප්‍රශ්න වලට බය වෙන කෙනෙක් නෙවෙයි. මේ අය ප්‍රශ්න වලට ඉක්මනින් විසඳුම් හොයා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් වගකීම් ගන්න බය වෙන්නෙත් නැහැ. 

 

10 මේ ඉරියව්වෙන් අසුන් ගන්නා අය හරිම හැඟීම්බරයි. ඉක්මනින් කලබල වීම, මිත්‍රශීලි බව සහ විවෘත ස්වභාවය විශේෂ ලක්ෂණ වෙනවා. උද්යෝගීව සිටින්නට සහ ශුභවාදී ලෙස ජීවිතය දෙස බලන්න උත්සාහ කරනවා. මේ අය එක්ක කතා කරන පුද්ගලයන්වත් දිරි ගන්වලා තමයි ඔවුන් පස්ස බලන්නේ.  

 

SHARE