ජි

විතයේ මොන තරම් ඉහළ ජයග්‍රහණ ලබා ගෙන තිබුනත්, විවාහ වෙන්න බැරි වුන පුද්ගලයෙක් දිහා අමුතු විදිහට බලන්න සමාජය පුරුදු වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ ගැටලුව පැන නඟින්නේ තරුණ විය පසු කරමින් ඉන්නා කාන්තාවන්ටයි. “දැන් වයස හරි නේද?, බඳින්න අදහසක් නැද්ද?” වගේ දහසකුත් කතා අසමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරන්නට අපේ සමාජය පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඔබ දන්නවද? විවාහ වෙන්න බැරි වුනත් ලෝකයේ ඉහලටම ගමන් කරපු ප්රසිද්ධ චරිත ඕනෑ තරම් සිටින බව? අද අපි කතා කරන්නේ එවැනි පුද්ගලයන් කීප දෙනෙක් ගැනයි.


fb-like-beg

 


පළමුවන කොටස සඳහා පිවිසෙන්න

6 Diane Keaton

ඇය දක්ෂතම නිලියට හිමි සම්මානය කිහිප වරක්ම දිනාගෙන තිබෙනවා. එපමණක් නොව හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකට හිමි සම්මානයත් දිනාගෙන තිබෙනවා. ඇය චිත්‍රපට නිෂ්පාදනය කරන්නියක්, තිර රචිකාවියක් ලෙස ක්‍රියා කරන ලදී.

7 Kevin Spacey

රංගන ශිල්පියෙක් ලෙස ජීවිතය ඇරඹු මොහු වේගයෙන් දියුණුවේ හිණි පෙත්ටම පැමිණියා. චිත්‍රපට නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, විකට රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු ලෙස ඔහු ඉතා ප්‍රසිද්ධයි. මේ අවිවාහකයා මේ වන විට ලන්ඩන්හි පිහිටි Old Vic theater ආයතනයේ අධ්‍යක්ෂක ලෙස ක්‍රියා කරයි.

8 Oprah Winfrey

ඇය මාධ්‍යකරණයේ රැජිනක් ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති කාන්තාවක්. ඇය Stedman Graham නමැති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සමඟ අවුරුදු 30ක කාලයක් පුරාවට පෙමින් බැඳී සිටියත් ඔවුන් දෙදෙනා අතර විවාහ වීමේ අදහසක් නොමැති බව ඇය පවසා තිබෙනවා.

9 Ratan Tata

මේ ඉන්දියාවේ ප්‍රසිද්ධ සමාගමක් වන Tata Group හි හිමිකරුය. ඔහු තෙවතාවක්ම විවාහ වන්නට සැරසුණු නමුත් විවිධ කරුණු නිසා එම උත්සාහයන් මඟ හැරී යන ලදී.

SHARE