නෝවිද්‍යාත්මක රහස් කියන්නේ හරිම පුදුමාකාර දේවල් කීපයක්. ලෝකයේ ගොඩක් බලවතුන් මේ රහස් ගැන අධ්‍යනය කරනවා. තමාට අවශ්‍ය දේ ලබා ගන්නට, අන් අය අතර බලවත් චරිතයක් වෙන්නට මේවා ඔබට උදව් කරනවා. ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම කැමති වේවි මේවා ගැන අධ්‍යනය කරන්න.

 


fb-like-beg


 

  • ඔබත් එක්ක කතා බහේ යෙදෙන පුද්ගලයෙක් තුල අපහසු/ නුහුරු හැඟීමක් ඇති කරවන්න ඔබට ඕනෙද? එහෙනම් කතා කර කර ඉන්න ගමන් සෘජුව ඔහුගේ නළල මැදට ඔබේ දෙනෙත් යොමු කරන්න.

  • කතා බහක් අතරතුරේදී ඔබ අහන ප්‍රශ්න වලට අනිත් කෙනා උත්තර නොදී මඟ අරින බව ඔබට දැනෙනවාද? එහෙනම් කතාව මඳකට නවත්තලා ඔහුගේ දෙනෙත් දිහා විමසිල්ලෙන් බලා සිටින්න. ඔහුට එයින් මහා අපහසුවක් දැනිලා ඔබ බලාපොරොත්තු වුනාටත් වඩා තොරතුරු කියන්න පටන් ගනීවි.

  • ඔබට ඔබ හා වැඩි හිතවත්කමක් නැති අයෙකුව මිතුරු කර ගන්න අවශ්‍ය නම් අනුගමනය කල හැකි කදිම ක්‍රමයක් තියෙනවා. අදාළ පුද්ගලයාගෙන් යමක් ගැන විස්තර කර දෙන මෙන් ඉල්ලන්න. එය ඔබ කලින්  සිටම දැනගෙන සිටින දෙයක් වුනාට කමක් නැහැ. විස්තරාත්මකව පැහැදිලි කල යුතු යමක් ගැන අසන්න. ඉන් පසුව එයට හොඳින් සවන් දෙන්න. එය සුළු සිදුවීමක් වුනත් ඉන් අනතුරුව ඔබ දෙදෙනා අතර මිතු දම පෙරට වඩා වැඩි වන බව නම් අනිවාර්යය.

  • යමෙක් යම් කාර්යයක යෙදී සිටින විට, බොහෝ විට ඔහුගේ සිහියේ රැඳෙන්නේ එම ක්‍රියාව පමණි. දුරකථන ඇමතුමක ගිලි සිටින අවස්ථාවක් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔබ ඔබේ අත දිගු කළොත්, ඔහු ඔහු අතේ තිබෙන දෙය ඔබේ අතට දේවි. එහෙමත් නැත්තම් ඔබට පුළුවන් යමක් ඔහුගේ අතට දෙන්නට. හැබැයි එවැනි දෙයක් සිදු වුනාද කියලා ඔහුට මතක හිටින්නේ නැහැ.

  • ඔබට පුළුවන් කෙනෙක්ට කියලා බලන්න මෙහෙම. “ඔයාට මේ වැඩේ නම් කරන්න බැහැ.” අනිවාර්යයෙන්ම ඔහු තමාට එම කාර්යය කල හැකි බව ඔබට ඔප්පු කරන්නට උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් බොහොම කැපවීමෙන් සහ මහන්සියෙන් එය නිම කරාවි.

  • තව කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි අනෙකාගේ අවධානය ඔබ වෙත ගත හැකි ක්‍රමයක් තියෙනවා. අනෙකා කතා කරන විට එය අනුමත කරන බව හැඟවෙන සේ ඔබේ හිස සෙමින් උස් පහත් කරන්න. අනෙකා ඉබේටම ඔබ කියන දේවල් වලට වැඩි අවධානයකින් සවන් දෙන්නට පටන් ගන්නවා.

  • යමෙක් ඔබව විවාදයකට, දබරයකට පටලවා ගන්නට උත්සාහ කරනවා නම් ඔහුට යම් හොඳ දෙයක් පවසන්න. අනිවාර්යයෙන්ම ඔහු අන්ද මන්ද වනු ඇත.

  • කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේදී වැඩ පැහැර හරින, කම්මැලි සාමාජිකයෙකු ඔබේ කණ්ඩායමේ සිටිනවා නම් ඔහුගෙන් වැඩ ගත්හ හැකි පහසු ක්‍රමයක් තියෙනවා. “මේ වැඩේ කරන්න.” කියනවා වෙනුවට, “මේ වැඩෙන් පටන් ගන්න.” කියලා පොඩි කාර්යයක් පවරන්න. ඔහු එය නිම කල පසු “බොහොම හොඳයි. මේ ටිකත් කරන්න.” කියලා ඉතිරි ටිකත් පවරන්න. කණ්ඩායම හා වැඩ කරන්නට ඔහු අනුගත වෙනු නොඅනුමානයි.

  • ඔබ පිරිසක් ඉදිරියේ කතා කරන්නට යන විට මතක් කරලා වතුර බෝතලයක් අරගෙන යන්න. ඔබට යමක් අමතක වෙනවා වගේ දැනෙනවා නම් කතාව නවත්තලා වතුර ටිකක් පානය කරන්න. වතුර ටික බීලා ඉවර වෙද්දී ඔබට අනිවාර්යෙන්ම අමතල වුනු දේවල් මතක් වෙලා තියේවි.

 

SHARE