ප්‍රංශයේ දරුවන්ගේ හැසිරීම ඉතා යහපත් බවත්, ඔවුන් පහසුවෙන් හදිසි ආවේගයට පත් නොවෙන බවත් හෙළි වී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ චින්තන ශක්තිය ඉක්මනින් වර්ධනය වෙනවා. ඔවුන් හොඳට හැසිරෙන්නට දන්නා බවත්, ඔවුන්ගේ මතක ශක්තිය ඉහල බවත්, කෝප වන්නේ ඉතා කලාතුරකින් බවත් සොයාගෙන තිබෙනවා.


fb-like-beg


1 මාතෘ නිවාඩු සති 10කට සීමා වීම  

ප්‍රංශයේ තරුණ මව්වරුන් දරුවාට සති 10 වූ පසු නැවත රැකියාව සඳහා පිටත්ව යයි. මාතෘ නිවාඩු අවසන් වූ පසු මව රැකියාවට නොයන්නේ නම්, ඇයට ඇගේ වැටුප කැප කරන්නට සිදු වේ. මාතෘ නිවාඩු අවසන් වූ පසු දරුවාව Day Care වෙත යවනු ලැබේ. අඩු වයසේදීම දරුවාට නව පුද්ගලයන් මුණ ගැසීම දරුවා ඉක්මනින්ම සමාජයට හුරු වන්නට, දරුවාගේ පෞරුෂ වර්ධනයට සහ ස්වාධිනත්වය ඉහල යාමට හිතකර ලෙස බලපානු ලබයි.

2 දරුවාව නිදි කරවන්නේ වෙනම ඇඳකය

ප්‍රංශ දෙමව්පියන් තම දරුවාව නිදි කරවන්නේ වෙනම ඇඳකය. සමහර විට වෙන කාමරයකය. දරුවා හඬනු ඇසුණු ගමන් මව දරුවා වෙත යන්නේ නැත. ඇත්තටම තමා දරුවා වෙත යා යුතුමද, දරුවා හඬන්නේ ඇත්තටමද යන්න නිරීක්ෂණය කරන්නට මිනිත්තු කීපයක් ගත කරනවා. එය දරුවා තුල ස්වයං පාලනයක් ඇති වන්නට හිතකරව බලපානවා.

3 දරුවාට නිදහස දී තිබේ

ප්‍රංශ දෙමව්පියන් දරුවාගේ ක්‍රියාකාරකම් වලට තහංචි දමන්නේ නැත. දරුවා උද්‍යානයේ සෙල්ලම් කරන විට දෙමව්පියන් දරුවන්ගේ ක්‍රීඩා වලට සහභාගී වන්නේ නැත. දරුවාට දරුවාට අවශ්‍ය දෙයක් කරගන්නට ඉඩ හැරිමෙන්, තමා කල යුතු දේ සහ නොකළ යුතු දේ අවබෝධ කර ගැනීමට දරුවාට අවස්තාව ලැබෙනවා. ප්‍රශ්නයක් ඇති වූ විට තනිව විසඳුම් සොයා ගන්නා හැටි දරුවා ඉගෙන ගන්නවා. දරුවා විහිලුවට කරන දඟ වැඩ වලට ඔවුන් දඬුවම් කරන්නේ නැහැ. ඔවුන් දඬුවම් කරන්නේ දරුවා ඇත්තටම වරදක් කලොත් විතරයි. එවිට වරද සහ වරද නොවන දෑ දරුවාට පහසුවෙන් හඳුනා ගත හැකියි. මේ නිසා දරුවන් තුල අලුත් යමක් කරන්න අනවශ්‍ය බයක් ඇති වන්නේ නැහැ.

4 ආච්චිලා සීයලා “ආයම්මා” වැඩේ කරන්නේ නැහැ

දරුවාගේ ආච්චි හෝ සීයා දරුවාව බලන්න එන්නේ සති අන්තයේදියි. දරුවන් බලා ගැනීම වෙනුවට කරන්නේ තම ජීවිතය විඳීමයි. ඔවුන් බොහෝ විට එකතු වී කෝපි කෝප්පයක් හෝ වයින් වීදුරුවක් තොල ගාමින් කල් ගත කරයි.

5 බබාලට වෙනම කෑම නැහැ

ආහාර ගන්නා නිසි වයස ආවට පස්සේ දරුවයි, වැඩිහිටියොයි කන්නේ එකම ආහාර. දරුවන් වෙනුවෙන් වෙනම හදපු ආකර්ශනීය කෑම පිඟන් එහෙ භාවිතා කරන්නේ අඩුවෙන්. පවුලේ හැමෝම එක ආහාර වේලක්වත් එකතු වෙලා ගන්නවා කියන එක ප්‍රංශයේ හරි වැදගත් චාරිත්‍රයක්.

6 පුංචි කාලයේදීම යහපත් පුරුදු උගන්වනවා

දරුවන්ට කුඩා වයසේදීම යහපත් පුරුදු හුරු කිරීමට ප්‍රංශ දෙමව්පියන් මහත් වෙහෙසක් ගන්නවා. අමුත්තෙකු, අසල්වැසියෙකු දුටු විට ඔවුන්ට සුභ පතන්න ඔවුන් පුංචි කාලයේ ඉඳන්ම පුරුදු වෙනවා. වයස්ගත පුද්ගලයෙකු දුටු විට බසයේ අසුන පරිත්‍යාග කිරීම, පෝලිම් ඇති තැන් වලදී සංසුන්ව හැසිරීම වගේ හොඳ පුරුදු කුඩා දරුවන් තුලින් පවා දකින්න පුළුවන්. කුඩා අවධියේදීම ඔවුන්ට ආචාරශීලි වදන් පවසන්නට හුරු කරවනවා.

උදා : “ස්තුතියි, සුභ දවසක්, ඔබව පිලිගන්නවා, සුභ ගමන්.”

7 අවුරුදු 5 වන තුරු පොත් වල පාඩම් බලෙන් උගන්වන්නේ නැහැ

ප්‍රංශයේ ගොඩක් දරුවන්ට අවුරුදු 5 වෙනකම් අකුරු කියවන්න හෝ ලියන්න බැහැ. ඒත් දෙමව්පියෝ ඒක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. දෙමව්පියෝ ඔවුන්ගේ ළමා අවධිය සුන්දර ලෙස ගත කරන්නට ඔවුන්ට ඉඩ දෙනවා. අවට ලෝකය ගැන දැනුවත් වන්නට, පරිසරයේ සුන්දරත්වය විඳින්නට, සිහින දකින්නට සහ යහපත් පුරුදු ඉගෙන ගන්නට මේ කාලයේදී දරුවන්ව උනන්දු කරවනවා.

8 ඉරිදා දවස පවුලේ දවසයි

ඉරිදා දිනයේදී පවුලේ සාමාජිකයන් එකතු වෙලා විනෝද වෙනවා. හැමෝම එකතු වෙලා විනෝද චාරිකා යෑම, විනෝද උයනකට යාම වගේ දේවල් වල නිරත වෙනවා.

9 මාසයකට දරුවාට ස්ථිර මුදලක් ලබා දෙනවා

දරුවාට දෙමව්පියන් විසින් ස්ථිර මුදලක් මාස්පතා ලබා දෙනවා. එහෙම නැතුව දරුවා ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්නේවත්, දරුවා ඉල්ලන දේවල් අරන් දෙන්න බැහැ කියලා බැන වදින්නේවත් නැහැ. තමා වැඩියෙන්ම කැමති දේ, තමාට ඇත්තටම අත්‍යවශ්‍ය දේ සහ තමා සතු මුදල් ප්‍රමාණය යන සාධක තුන හොඳින් හසුරුවන්නට දරුවා පුරුදු වෙනවා.    

   

SHARE