මැ

ර්ලින් මොන්රෝ කියන්නේ අපි කවුරුත් හොඳින් හඳුනනා සුප්‍රසිද්ධ චරිතයක්. ඇය එක්සත් ජනපදයේ මෙතෙක් බිහි වූ සුරූපී නිළියන් කීපදෙනා අතරින් එක් අයෙක්. ඒ වගේම ඇය ප්‍රසිද්ධ ගායිකාවක් සහ නිරූපිකාවක්ද වෙනවා. “හොලිවුඩයේ කාම ධේනුව” කියලා අන්වර්ථ නාමයකුත් ඇයට පට බැඳුනා.

 


fb-like-beg


 

1950 වර්ෂයේදී මැර්ලින් මොන්රෝ ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස අබිසෙස් ලබනවා. නමුත් ඊට පෙර ඇය ගෙවා තිබුනේ සුවපහසු ජිවිතයක් නම් නෙවෙයි.

ඇය ලිංගික අඩත්තේට්ටම් වලට මුහුණ දෙමින්, බිඳී යන විවාහ සහ පෙම් සබඳතා වල වියෝවට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි කාන්තාවක්.

ඇයට හිටියේ අවිවාහක මවක්. ඇය වසර හතක දැරියක්ව සිටියදී ඇගේ මව Paranoid Schizophrenia නමැති මානසික ගැටලුව නිසා රෝහල් ගත කෙරෙනවා. ඒ කාලයේදී මැර්ලින් මොන්රෝගේ නම Norma Jean. ඇය ඉන් අනතුරුව වසර ගණනාවක් ගත වන තුරුම හැදී වැඩෙන්නේ ළමා නිවාස වලයි.

ඇය නව යොවුන් වියට එළඹෙද්දී මේ ළමා නිවාසයක් තුලදීම ඇයට ලිංගික හිංසනයන්ට ගොදුරු වන්නට සිදු වෙනවා.

ඉන් අනතුරුව ඇය වෙනත් නිවාසයකට යවනු ලබනවා. එහිදී මුහුණ පාන්නට වන දුෂ්කරතා වලින් මිදීම සඳහා මැර්ලින් මොන්රෝ තරුණයෙකු හා පලා ගොස් විවාහ දිවියට එළඹෙනවා. ඒ ඇයට වයස අවුරුදු 16ක් වෙද්දීයි. නමුත් ඇගේ සැමියාට නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබීමත් සමඟ ඒ විවාහය අවසන් වෙනවා.

ඇයට ඇයගේ ජිවිත කාලය තුල දික්කසාදයන් තුනකට මුහුණ දෙන්නට සිදු වෙනවා.    

මුලදී 20th Century-Fox සමාගමට බැඳුනු මැර්ලින් මොන්රෝව ඇයගේ අධ්‍යක්‍ෂකවරයා විසින් ඉවත් කර දමනවා. ඒ ඇය අවලස්සන සහ රගපෑමට හැකියාවක් නොමැති කාන්තාවක් ලෙස පරිභව කරමින්.

නමුත් ඇය ජනප්‍රියතම නිලි තාරකාව බවට පත් වුණා.

ඇය ඇගේ වෘත්තීය ජිවිතයේ ඉහලම හිණි පෙත්තට නැඟුණත් ඇය නිතරම ජිවත් වුනේ සිත් පීඩාවෙන් බව පැවසෙනවා. තනිකම නිසා දැඩි ලෙස පීඩාවෙන් සිටි ඇය වරෙක මෙසේ කියා තිබෙනවා.

“හොලිවුඩ් කියන්නේ හාදුවක් වෙනුවෙන් ඩොලර් දහස් ගණනක් ගෙවන තැනක්. හැබැයි, ඔබේ ආත්මය වෙනුවෙන් ගෙවන්නේ ශත පනහක් වගේ සුළු මුදලක්.”

ඇය පීඩා විඳි තනිකම නිසාම ඇය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බව පැවසෙනවා.

ඒ වගේම ඇය තවත් වරක් මෙසේ පවසා තියෙනවා.

“තවත් කෙනෙකු සමඟ අසතුටින් ජිවත් වෙනවාට වඩා, තනිවම අසතුටින් ජිවත් වීම හොඳය.”

මැර්ලින් මොන්රෝ සම්බන්ධ තවත් ප්‍රසිද්ධ කතා පුවතක් වන්නේ ඇය සහ ඇමරිකානු ජනාධිපති කෙනඩි සමඟ පැවති හාද කමයි. ඇයගේ ජිවිතයේ තනිකම තවත් උග්‍ර වන්නට එයත් හේතු වන බව කියවෙනවා. ජනාධිපති කෙනඩි තුල ඇයව විවාහ කර ගැනීමේ අදහසක් නොපැවති නිසා ඇය සිත් පීඩාවෙන් සිටි බව කියවෙනවා.

කෙසේ නමුත් ඇගේ මරණය සිදු වුයේ අබිරහස් ආකාරයටයි. එය මානසික ආතතිය සඳහා නියම කල ඖෂධ අධික මාත්‍රාවෙන් ලබා ගැනීම නිසා සිදු වූ මරණයක් බවත්, එය සිය දිවි නසා ගැනීමක් බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුවත් එය සත්‍ය නොවන බව කියවෙනවා.

ජනාධිපති සමඟ ඇති වුනු හාද කම නිසා අනාගතයේදී ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සලකා බලා සිදු වුනු මිනීමැරුමක් ලෙසත් ඇගේ මරණය සලකනවා.  

     

SHARE