දර කතා අඩංගු වුන චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි. ජපන් සිනමාව කියන්නේ ගොඩක් ආදරණිය ඡිත්රපට නිපදවෙන සිනමාවක්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ බොහොම ආදරණිය ආදර කතා අඩංගු වුන චිත්‍රපට පෙළක්.

 


fb-like-beg


පළමුවන කොටස සඳහා පිවිසෙන්න

 

Your Lie in April 2016

දක්ෂ පියානෝ වාදක ශිල්පී තරුණයෙක් සහ තරුණියක් අතර ඇති වන ආදර අන්දරයක් තමයි මේ චිත්‍රපටයේ අඩංගු වන්නේ. තරුණයා මවගේ මරණයත් එක්ක පියානෝ වාදනය අත් හරිනවා. නමුත් ඔහුට පියානෝ වාදනය කරන්නට හැකියාව තියෙන තරුණියව මුණ ගැසීමෙන් පසුව සිදු වන සිදුවීම් තමයි චිත්‍රපටයේ තියෙන්නේ.

 

The Liar and His Lover 2013 

දක්ෂ සංගීත ශිල්පියෙක් ගැන තමයි මේ කතාව කියවෙන්නේ. ඒත් එක්කම ගීත වල අයිතිවාසිකම් හොරකම් කරන වංචාවක් පිළිබඳවත් මේ චිත්‍රපටයෙන් හෙළි කෙරෙනවා.

 

Song to the Sun 2006

හිරු එලියට හසු වෙන්න බැරි රෝගයක් තියෙන තරුණියක් ගැන තමයි මේ චිත්‍රපටයේ කියවෙන්නේ. ඇයට දක්ෂ කමක් තියෙනවා. ඒ තමයි ගිටාර් ප්ලේ කරමින් ගීත ගායනා කිරීම. මේ අතරේ ඇය ආදරයෙන් බැඳෙනවා. ඔහු ඇයට උපකාර කරන ආකාරය මෙහි අඩංගු වෙනවා.

 

The Girl Who Leapt Through Time 2010

තමන්ගේ අම්මගේ තරුණ කාලේ පෙම්වතා හමු වෙන්න අතීතයට යන දියණියක් ගැන තමයි මේ චිත්‍රපටයේ කියවෙන්නේ. එහිදී ඇයට හමු වන තරුණයෙක් ඇයට උපකාර කරන අන්දම සුන්දරව නිර්මාණය කර තිබෙනවා.

 

Hear Me 2009

කන් ඇහෙන්නේ නැති තරුනියකගේ ආදර අන්දරය ගැන තමයි මේ ඡිත්රපටයෙන් කියවෙන්නේ.

 

SHARE