දර කතා අඩංගු වුන චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි. ජපන් සිනමාව කියන්නේ ගොඩක් ආදරණිය ඡිත්රපට නිපදවෙන සිනමාවක්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ බොහොම ආදරණිය ආදර කතා අඩංගු වුන චිත්‍රපට පෙළක්.

 


fb-like-beg


My Teacher 2017 

පාසල් සිසුවියකගේ හිතේ තමන්ගේ ඉතිහාස ගුරුවරයා ගැන ඇති වෙන විශේෂ හැඟීමක් ගැන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සිසුවිය ඉතිහාස විෂයට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් තමන්ගේ ගුරුවරයා ගැන ඇති වුනු ආකර්ෂණය නිසාම ඉතිහාසය විෂයටත් උනන්දු වෙන හැටි තමයි මේ චිත්‍රපටය පුරා දිවෙන්නේ.

5 Centimeters per Second 2007

wallup.net

පුංචිම කාලේ ඉඳගෙන හොඳම යාළුවො වෙලා හිටපු ගැහැණු ළමයෙකුගෙයි, පිරිමි ළමයෙකුගෙයි ආදර කතාවක් තමයි මේ චිත්‍රපටයේ කියවෙන්නේ. පවුල් වල පදිංචිය මාරු කරන්න සිදු වීමත් එක්ක ඔවුන් දෙදෙනා අවසන් වතාවට හමු වෙන්න කරන උත්සාහයක් මේ කතාවේ අඩංගු වෙනවා.  

Memoirs of a Geisha 2005

දරුවන්ව අත්හි දැඩි කරන්න තියෙන අපහසුකම් එක්ක දෙමව්පියන් අවුරුදු 9ක පොඩි දැරියක්ව ගේශාවන්ට විකුනනවා. මේ ගේෂා නිවාසයේ ඇයට ලැබෙන්නේ හරිම අකාරුණික සැලකුම්. නමුත් දවසක් ඉහල තනතුරක් දරන පුද්ගලයෙක් මේ පුංචි දැරියට අයිස් ක්‍රීම් එකක්, ලේන්සුවක් සහ සුළු මුදලක් ලබා දෙනවා. එදා සිට මේ දැරිය අර පුද්ගලයාට පෙම් බඳින අතර, ඇගේ එකම අරමුණ වන්නේ යම් දිනක ගෙශාවක් වී ඔහු වෙත ලඟා වීමයි.

My Tomorrow, Your Yesterday 2016

මේක ටිකක් අමුතු කතාවක්. විශ්වවිද්‍යාල තරුණයෙක් තරුනියක්ව දැකලා ඇයට ආදරය ප්‍රකාශ කරනවා. මේ තරුණිය ඔහුට කැමති වෙනවා. නමුත් මේ තරුණිය වර්තමානයේ ජිවත් වෙන කෙනෙක් නෙවෙයි. මේ ආදරය කෙසේ විසඳෙයිද කියලා මේ චිත්‍රපටයෙන් ඔබට බලා ගන්න පුළුවන්.

Orange 2015

මේකත් අනාගතය හා සම්බන්ධ කතාවක්. එක පාසල් දැරියකට ලිපියක් ලැබෙනවා. ඒ අවුරුදු දහයක් ඉදිරි අනාගතයේ ජිවත් වෙන ඇගෙන්මයි. තමන්ගේ අනාගතය වෙනස් කර ගැනීමේ අරමුණින් තමයි මේ ලිපිය එවන්නේ. එදා දවසේ මේ පාසලට අලුතින් පිරිමි ළමයෙකුත් එනවා. මේ ගැන තමයි Orange චිත්‍රපටයේ අඩංගු වෙන්නේ. 

SHARE