සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

මුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

fb-like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 03 කොටස

“අම්මි නැගිටින්න …. “ කවුද සමුදිගේ හිස අතගානවා. ඇහැ අරිද්දි වටින් ගොඩින් එලිය වැටීගෙන එන බව පේනවා.
“දෙවියනේ …” සමුදී කලබෙලෙන් ඇහැරෙනවා.

“ඔහොම ඉන්න” තාරික ආදරෙන් ඇයට කියනවා.

ඊයේ දවසේ කාර්යාලයේ ඇති වුන ප්‍රශ්නේ නිසා තමන් හැසිරුණ පිළිවෙල හරි නැහැ කියල තාරිකට හිතුනා. ඔය නිතරම කෝප වුනාට තාරික කියන්නේ ගොඩක් සංවේදී පිරිමියෙක්. ඒ නිසා ඔහු උදේම නැගිටලා සමුදිගේ එලාම් එක හෙමින්ම ඔෆ් කරලා කුස්සියට ගිහින්. සේරම කෑම රත් කරලා පෙට්ටි වල අසුරලා. කොල්ලෝ දෙන්නවත් ඇහැරවලා ලැහැස්ති කරවලා.

සමුදිට රසට තේ එකක් හදාගෙන ගිහින් ඇහැරවනවා කියල හිතුවා. වෙනදට තමාව තේ දීල නැගිට්ටවන ඇයට එක දවසක්වත් ඒ ආදරේ දෙන්න ඕනේ නේද කියල තාරික හිතුවා.

“අම්මි ඔහොමම ඉන්න. “ කියල ඔහු ඇයගේ හිස අත ගෑවා.

රාත්‍රියේ ඇති වුන දුක හිරු දුටු පිනි බින්දු වගේ අගේ හිතෙන් ඉවත් වුනා. මේ වගේ දයාබර සැමියෙක් ලබන්න තමන් කොච්චර වාසනාවන්තද කියල සමුදී මොහොතක් කල්පනා කළා. තේ එක බීල ඉවර වෙද්දී ඔහු කෝප්පේ අරගෙන බෙඩ් කබඩ් එක උඩින් තියල සමුදිගේ මුහුණ සහ බෙල්ල ආදරෙන් සිප ගත්තා.

ඇත්තටම විහස් සහ විමාශ කියන්නේ ඉතාම ස්වාධීන දරුවෝ වයස අවුරුදු හයක් වුනත් තනියම ආහාර ගැනීම, පාසලෙන් දුන්න ගෙදර වැඩ කිරීම ඔවුන්ගේ සිරිතක්. ඒ සමුදී මුල ඉඳලම ඔවුන්ව හදපු පිළිවෙල. වෙන දෙමාපියෝ මේ වයසේ දරුවොන්ගේ හැමදේම කරලා දුක් විඳිද්දී තාරික සහ ඇය ඉතාම සැනසිල්ලෙන් තමයි හිටියේ.

පොඩි කාලෙම ඔවුන් කන බොන පිඟන් කෝප්ප සින්ක් එක උඩින් තියනවා, කිළුටු රෙදි බාස්කට් එකට දමනවා, සෙල්ලම් බඩු පෙට්ටියට දානවා, ඒ විතරක් නෙවෙයි හවස ගෙදර එන්න කලින් ඉස්කෝලෙන් දීපු වැඩ තනිවම කරනවා.

අද තනියම උදේ කෑම ගත්ත ඔවුන් දෙන්න , තාත්තා දීපු බත් පෙට්ටි බෑග් වල දාගෙන ඔවුන්ගේ කාමරයට ආවා. ඇවිත් දොර ළඟ ඉඳගෙන තට්ටු කරනවා.

“ අම්මි අපි එන්නද”

“එන්න මගේ පුතේ “ තාරික කියනවා. ඔහු දොර ළඟ ඉන්න දෙන්නවම අත් දෙකට උස්සගෙන අම්මිගේ ඇඳ උඩට ගෙනාව. ඔවුන් දෙන්න සමුදිගේ ගෙලත් දිග කොන්ඩෙත් සිප ගත්තා. විමාශ ගොඩක් ආසයි අම්මිගේ කොන්ඩේ එක්ක සෙල්ලම් කරන්න.

දෙන්නවම වෑන් එකට බස්සලා එන්න තාරික ගියා. සමුදී ඉක්මනට නැගිටලා ලක ලැහැස්ති වුනා. අද තාරිකගේ විශ්ව විද්‍යාලෙට යන දවස. අද සමුදී තමයි හවස දරුවෝ අරගෙන ගෙදර එන්න ඕනේ.

තාරික ගෙදර ඇවිත් ඇඳ පැළඳ ගත්තා. ඔහුට සතුටුයි අද බිරිඳ වෙනුවෙන් වැඩ කරන්නට ලැබීම ගැන. සමුදිත් ඉතාම ප්‍රීතියෙන්.


කියවන්න :-
රසවත් විවාහයකට හොඳ පුරුදු 7 ක් ….


තාත්ති මේ හැට්ටේ කට්ට ගහන්නකෝ. ඉක්මනට යන්න ඕනේ. අද උදේම මීටින් වගයක්.

තාරික ලඟට එනවා. සාරියකින් හැඩ වුන තමන්ගේ බිරිඳගේ රුව ඔහුට දරා ගන්න බැහැ. නිතරම වැඩ කරන එහෙත් තමා ගැන නිසි විදිහට බලා ගන්න ඇය දවසින් දවස ලස්සන වෙනවා නේද කියල ඔහු කල්පනා කළා. කුඩා දරුවෝ ඉන්න වෙන අම්මලා හරියට අඳින්නේ පළඳින්නේ නැති වුනාට තමන්ගේ බිරිඳ රුපය ගැන දක්වන සැලකිල්ල ඔහුට ලොකු ආඩම්බරයක්.

“ මට නම් ඔය කිවුවට හිතෙන්නේ සාරියේ කටු ගලවන්න.” ඔහු ඇය දිහා හොරෙන් බලනවා.

බුදු අම්මේ වැඩට යන්න පරක්කු වෙයි කියල හිතන ඇය හෙමින් ඉවත් වෙනවා. නැවත ඇයට පවු කියල හිතෙනවා.

ආදරෙන් ඔහුව බදා ගන්න ඇය “ I love you thaththi ….කියල හෙමිහිට මුමුණනවා”

දවසම මහන්සියෙන් වැඩ කරන සමුදී හවස කැබ් එකකින් ගෙදර එනවා. තාරික කැම්පස් යන දවසනේ. පුතාලව මගින් අරගෙන අම්ම හදපු කෑමත් අරගෙන ගෙදර එද්දී හතට විතර ඇති. විහස් සහ විමාශ නවය වෙද්දී නිදි කරලා ඇය රෙදි වොෂින් මැෂින් එකට දානවා. දාල සේරම වේලෙන රැක් වලට දානවා. ගෙදරත් හොඳට දූවිලි ගසලා අතු ගානවා. ඇය මල් ගස් වලට වතුර දාද්දි තමයි ඔන්න තාරික එන්නේ.

අම්මි ඔයා තාම වැඩද”

නෑ තාත්ති ඔයා එනකන් කරන්න දෙයකුත් නැහැනේ. මම ඉතින් TV බලන්නෙත් නැහැනේ. ඇය කියන්නේ බයෙන්. පමණට වඩා මහන්සි වෙනවා කියල ඔහු බනින්න පුලුවන්.

ඔහු පසු පසින් ඇය හෙමීට කාමරේට යනවා.

ඉතිරි කොටස ලබන සතියේ