සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

මුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

fb-like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 01 කොටස

අද තමයි සතියේ පලවෙනි දවස. සමුදී නැගිටින්නේ උදේ පහට. ඉක්මනින්ම කුස්සියට යනවා. තේ හදනවා. ඊට පස්සේ කාමරේ තාම නිදාගෙන ඉන්න තාරිකව ඇහැරගන්නවා. තාරික කියන්නේ තාත්තෙක් උනත් තරමක හුරතලෙක්. ඇය කාමරේට එද්දී එක ඇහැක් ඇරලා හෙමින් බලලා බොරුවට නිදි බව පෙන්වන්නේ සමුදී ඔහුව අතගාල ඇහැරවයි කියන බලාපොරොත්තුවෙන්.

තේ එක මේසෙන් තියල ඇය හොරාව නැගිට්ට ගන්නේ බොහොම යාප්පුවෙන්.

“ අනේ පැටියෝ නැගිටලා පුතාලව ලැහැස්ති කරන්නකෝ…………..”

ඔන්න ඇගේ ආයාචනය අහන තාරික නැගිටලා අයට ගුඩ් මෝනින් අම්මි කියල හාද්දක් නළලට දෙනවා. තේ එක ඔහුට දෙන ඇය නැවත කුස්සියට යනවා.

තාරික වහාම පුතාල දෙන්නව නැගිට්ටනවා. අඩ නින්දේ ඉන්න කොල්ලෝ දෙන්න බාත් රූම් ගෙනියනවා. විහස් සහ විමාශ අන්දලා ඉවර වෙද්දී හය හමාරට විතර ඇති.
ඒ වෙද්දී සමුදී පෙට්ටි වල දාල ශීතකරණයේ තිබෙන දවල් කෑම ඔක්කොම රත් කරල හතර දෙනාගේම පෙට්ටි වලට දාල ඉවරයි.

එදිනෙදා ආහාර පිසීම වෙලාව වැය වෙන කරුණක් වුනත් දැන් තියන කඩවල් වල හැටි දන්නා නිසා සමුදී හැම වෙලේම ගෙදරින් ආහාර පවුලේ අයට සපයන්න උත්සහ කරනවා. එම නිසා ඇය හොඳ ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. සෙනසුරාදා ඔක්කොම බඩු ගෙනල්ල ආහාර පිසිනවා. මස් වෙනම. මාළු වෙනම. එළවලු කීපයක් වෙනම. කොළ සහ එළවලු හීනියට ලියල වෙනම සැලඩ් එකකට අමුද්‍රව්‍ය හදනවා.

ඉතින් හරි ලේසියි උදේ නැගිට්ට ගමන් බත් එකක් ගහනවා රයිස් කුකර් එකට. එළවළුවක් සහ මස් හෝ මාළු රත් කරනවා. කලින් සෝදලා තිබෙන අමුද්‍රව්‍ය එකතු කරලා ඔලිවු තෙල් ටිකක්, ගම්මිරිස් ටිකක් සහ ලුණු ටිකක් දාල අතගාල සම්බෝලයක් හදනවා. පෙට්ටි හතරට දා ගන්නවා. වැයවෙන මුදලත් අඩුයි, කෑමත් රහයි, ගුණයි.
ඉන්පස්සේ උදේ ආහාර හදනවා. ගොඩක් විට ඔවුන් කන්නේ ඉතාම ගුණ දායක පහසු ආහාර වේල්. සමුදී හැමදාම කියවන Goodhousekeeping.lk වෙබ් අඩවියේ වෙනසක් එක්ක පහසුවෙන් රසට කන හැටි පෙන්වල දීල තියෙන්නේ.


කියවන්න.

විනාඩි පහේ Breakfast රෙසීපිස්..


ඉන් පස්සේ පුතාලව පාසල් වෑන් එකට බස්සවන්නේ සැමියා තාරික විසින්. ඇය මේ අතරේ ඇඳ ගන්න පටන් ගන්නවා. ඉතාම ලස්සන ඇය, තරුණියක් කාලේ ඉඳන්ම ලස්සනට අඳින පළඳින කෙනෙක්. අද සඳුදා නිසා සාරියක් අඳිනවා. මේකප් දා ගන්නවා. කොහොමත් රීබෝන්ඩ් කරපු නිසා කොන්ඩෙන් ලොකු කරදරයක් නැහැ. පීරන්නවත් නැති එක ලොකු පහසුවක් කියල ඇය කියන්නේ. දරුවෝ කිරි බොන වයසේදී නම් ඇය රී බොන්ඩ් කරේ නැහැ.

තාරික එද්දී ඇය සූදානම් වෙලා ඉන්නේ. ඇයව කාර්යාලයට බස්සවන්නේ තාරික විසින්. යන මග වාහන තද බදය අතරතුර ඇය අද දවසේ කාල සටහන බලනවා. මීටින් තියන එවුවා බලනවා. පොඩි පොඩි සටහන් i.pad එකේ දා ගන්නවා.

දන්නෙම නැතුව කාර්යාලයටත් ඇවිත් තාරික ඇයව සිපගෙන සමු දෙනවා. ඇය කෙලින්ම යන්නේ ඇගේ අසුනට. කලමනාකාරිනියක් වන ඇය ගොඩක් මහන්සියෙන් වැඩ කරන කෙනෙක්. අයගේ සේවය ගැන ආයතනයේ ඉහල නිලධාරීන් වගේම ඇගේ පාරිභෝගිකයොත් ඉතාම සතුටුයි.

උදේම මීටින් කීපයක් තියනවා. පලවෙනි එක සතියේ ඇයගේ කණ්ඩායමේ හමුවීම. ඇය යටතේ වැඩකරන අය හතර දෙනෙක් ඉන්නවා. සමුදී මේ අයට කරුනාවත්නයි. නමුත් තදයි. හැම වැඩක්ම නිසි විදිහට වුනේ නැත්නම් ඇයට තරහා යනවා. නමුත් ඔක්කොමල එක පවුලක් වගේ අකුරටම වැඩ.

සමුදිගේ අදහස තමයි කරන වැඩේ ඉක්මනින් ඒ වෙලේම කරන එක. රෑ වෙනකන් කාර්යාලයේ ඉන්න එකට සමුදී කැමති නැහැ. එම නිසා ඇය උදේම සේරම අත්සන් ටික ගහලා දෙනවා. සතියෙම වැඩ පස් දෙනා සැලසුම් කරනවා. සමුදිගේ යටතේ වැඩ කරන බාලම විධායිකාව තරමක් බොළඳ වයසින් බාල මේනකා. ඉස්කෝලෙන් අස් වුන ගමන් ඉන්න මේනකා නිතරම අනික් අය එක්ක රණ්ඩු අල්ලනවා.
අදත් උදේම ඇය නිසල් එක්ක invoice එකකට රණ්ඩුවක්. රැන්ඩුව විසඳීම අන්තිම තැනට දාල කට්ටිය වැඩ කතා කරගෙන තමන්ගේ අසුන් වලට යනවා. මේනකා සහ නිසල් ළඟ ඉන්නවා.

මුලින්ම තදින් කතා කරන සමුදී දෙන්නට අවවාද කරලා එලියට යවනවා. ගියා විතරයි බකස් ගාල තද කරගෙන හිටපු හිනාව එලියට යනවා. දැනටම වෙලාව 11යි.

සඳුදා ඉතිරි පැය කීපය ලබන සතියේ