කෙනෙක් හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් කියමන් ඕනෑ තරම් තියෙනවා. සමහර වෙලාවට හිතට ගැටළුවක් ආවම මේ කියමන් කියවද්දි අපේ සිතට විසඳුම ඉබේටම ලැබෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් ජීවිතය ගැන පැවසු කියමන් කීපයක් ඔබ වෙත ගෙන එන්න.

 


fb-like-beg


“Not how long, but how well you have lived is the main thing” – Seneca

අපේ ජිවිතයේ වටිනාකම තීරණය වන්නේ අප කෙතරම් කාලයක් ජිවත් වුවාද යන්න මත නොව, කෙතරම් යහපත් ලෙස ජිවත් වුවාද යන්න මතයි. ඒ නිසා හැකි තරම් වසර ප්‍රමාණයක් ජිවත් වීමට ප්‍රර්ථනා කරනවාට වඩා අප කළ යුත්තේ, අපේ ජිවිතයේ ගුණාත්මක වෙනසක් ඇති කර ගැනීමයි.


“I love those who can smile in trouble.” – Leonardo da Vinci

ප්‍රශ්න වලදී හිනා වෙලා එය භාර ගන්න හැමෝටම බැහැ. හුඟක් අය කරන්නේ අඬලා, වැලපිලා ප්‍රශ්නෙට වෛර කරන එකයි. ඒත් ප්‍රශ්න කියන්නෙත් ජීවිතයේම කොටසක්. ප්‍රශ්න ඇති වුණාම, අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් එහි තියෙනවා. අපේ ජිවිත සවිමත් කර ගන්න ප්‍රශ්න උපකාරයක් වෙනවා.


“Life is what happens when you’re busy making other plans.” – John Lennon

ජීවිතය අපිට සැලසුම් කරන්න බැහැ. මොන තරම් සැලසුම් කළත් ඒවා සිදු නොවී, සිහිනෙකින්වත් නොසිතූ දේවල් සිදු වන අවස්ථා තිබෙනවා. ඇත්තටම ජීවිතය කියන්නේ අපි සැලසුම් සකසන්න මහන්සි වෙමින් ඉන්න අතරේ, ඉබේටම සිදු වෙන දේවල් වලටයි.


“It is better to be hated for what you are than to be loved for what you are not.” – Andre Gide

තමන් දැන් සිටින තත්වයට සහ දැන් තමන් සතු දෙයට ආදරය කරන මිනිස්සු හරිම අඩුයි. ඒ වෙනුවට ගොඩක් දෙනා කරන්නේ තමන්ට නැති දේ ගැන දුක් වීමයි. ඒත් තමන් සතු දේට ආදරය කරන්නට පුරුදු වීමෙන් සතුටින් ජිවත් විය හැකියි.


“Very little is needed to make a happy life; it is all within yourself, in your way of thinking.” – Marcus Aurelius

සතුටින් ජීවත් වීම සඳහා අවශ්‍ය වන්නේ කුඩා දේවල් කීපයක් පමණයි. නමුත් ඔබට සතුටින් ජිවත් වීමට ලැබෙනවාද, නැද්ද යන්න තීරණය වන්නේ ඔබ සිතන ආකාරය අනුවයි. තමන් සතු කුඩා දේවල් වලට ආදරය කරන සමහරු සතුටින් ජිවත් වෙන අතර, තමන් සතුව කෙතරම් දේවල් තිබුනත් ඒවා මදි යැයි සිතන තවත් සමහරු ජීවිතය දුකින් ගත කරනවා.


“The trick in life is learning how to deal with it.” Helen Mirren

ජීවිතය කියන්නේ හරි පුදුම අත්දැකීම් ගණනාවකින් පිරුණු දෙයක්. නිරන්තරයෙන් අපිට ජීවිතය සමඟ ගනුදෙනු කරන ආකාරය ගැන ඉගෙන ගැනීමට සිදු වෙනවා. ජිවත් වෙන ගමන්, ජිවත් විය යුතු ආකාරය අපිට අධ්‍යනය කිරීමට සිදු වෙනවා.


“Be happy for this moment. This moment is your life.” Omar Khayyam

ජීවිතය නතර වන්නේ කොයි මොහොතේද කියලා අප කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ජිවත් වන මේ මොහොත සතුටින් ගත කිරීමට අප උත්සාහ දැරිය යුතුයි.


“Life isn’t about finding yourself. Life is about creating yourself.” George Bernard Shaw

ජීවිතය කියන්නේ අප අපවම නිර්මාණය කල යුතු සටනක් වගෙයි. අපේ අනාගතය නිර්මාණය කල යුත්තේ අප විසින්මයි.

SHARE