සාර්ථකත්වය කියන්නේ අප කවුරුත් ජිවිතයේ එක් වරකදී හෝ අත් විඳි දෙයක්. බොහෝ විට අපි පුරුදු වෙලා ඉන්නේ අපේ අසාර්ථකත්වයට හේතුව අනුන් පිට පටවන්න. නමුත් අපේ අසාර්ථකත්වයට හෝ සාර්ථකත්වය අඩු වීමට බලපාන්නේ අප තුලින්ම පැන නඟින හෝ අප අවටම ඇති හේතු කිහිපයක් වෙන්න පුළුවන්. මේ වගේ ගැටළුකාරී තත්වයන් ඔබ තුලත් තිබෙනවාදැයි සොයා බලන්න.


fb-like-beg


01. ඉටු කර ගත නොහැකි සිහිනයන් දැකීම

ඉටු කර ගත නොහැකි සිහින මැවීමෙන් ඔබ අසාර්ථකත්වයට පත් වෙනවා විතරක්ම නෙවෙයි. ඔබේ මානසික ශක්තිය සහ ආත්ම විශ්වාසයත් පිරිහෙනවා. නිවසේ ඉඳගෙන ඔබට කවුරුන් හෝ රන් කාසි පුරවපු මල්ලක් ගෙනත් දෙවි යැයි සිහින මවමින් ඉඳලා පලක් නැහැ. ඒ වෙනුවට හොඳ රැකියාවක් ලබා ගන්න, රැකියාවෙන් ඉහලට යන්න සිහින මවන්න.


02. තමන්ගේ අරමුණෙහි සිත රඳවා ගත නොහැකි වීම

ගොඩක් දෙනෙකුට තමන්ගේ අරමුණෙහි සිත රඳවා ගැනීමට අපොහොසත් වෙනවා. වැඩක් කර කර ඉන්නකොට ෆෝන් එක අතට ගන්න හිතෙනවා, කාට හරි මෙසේජ් එකක් යවන්න හිතෙනවා, ෆේස් බුක් පැත්තේ යන්න හිතෙනවා, මොනාහරි කන්න බොන්න හිතෙනවා. ඉතින් අදාළ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට ඔබට නොහැකි වෙනවා.


03. එකම අරමුණක් නොමැති බව

මුලින් ව්‍යාපාරිකයෙකු වීමට සිහින දැකපු ඔබ ටික දවසකින් ඒ අදහස වෙනස් කර චිත්‍ර ශිල්පියෙකු වීමට සිහින දකිනවා නම් එතන යම් ගැටළුවක් මතු වෙනවා. ඔබ මෙතෙක් වේලා ව්‍යාපාරික අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වය කළ කාලය, ශක්තිය සහ මුදල් අපතේ යනවා. බාධක පැමිණෙද්දී එය ඇත හැර දැමීම නෙවෙයි කළ යුත්තේ. තවත් ක්‍රමයකින් එය උත්සාහ කිරීමයි.


04. තමාගේ වැරදීම් පිළි නොගැනීම

ඔබේ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට ඔබට අපහසු වන්නේ ඔබේ යම් දුර්වලතාවක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඒ බව පිළි නොගෙන ඔබේ මිතුරන්ට හා සමාජයට ඔබ වරද පටවනවා නම්, එය ඔබේ අසර්තකත්වයේ ලකුණක්. තමාගේ වැරදි පිළිගන්නා තැනැත්තාට ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමට අවස්ථාව හිමි වෙනවා. නමුත් සමාජයට වරද පටවමින් සිටින තැනැත්තාට එකම තැන සිටීමටයි සිදු වන්නේ. ඔබේ සාර්ථකත්වයට හේතු වන්නේ ඔබේම කැපවීම, ඔබේ නොපසුබට ධෛර්‍යය වැනි කාරණායි. අන් අයගේ හැසිරීම සහ ඔබේ සාර්ථකත්වය අතර ඉතා සුළු ප්‍රතිශතයකින් සම්බන්ධතාවයක් තිබිය හැකියි. නමුත් එය මහා විශාල හේතුවක් නොවේ.


05. ඔබේ ආදරණියයන්ගෙන් උපකාර නොලැබීම

කෙනෙකුගේ සාර්ථකත්වයට ඔහුට හිතවත්, ඔහුගේ ආදරණියයන්ගෙන් ලැබෙන උපකාර විශාල හේතුවක් වෙනවා. ඔවුන් ඔබව විශ්වාස කරන තරමට, ඔවුන් ඔබව දිරිමත් කරන තරමට ඔබේ සාර්ථක වීමේ හැකියාව ඉහල යනවා. නමුත් ඔවුන් ඔබව විශ්වාස කරන්නේ නැති නම්, ඔබව වරදවා වටහා ගන්නවා නම්, ඔබේ උත්සාහයන් ගැන සෘණාත්මක ආකල්ප දරනවා නම් ඔබේ සාර්ථක වීමේ හැකියාව පහල යනවා.


06. අනවශ්‍ය ලෙස සිතීමට යාම

සිතුවිලි වලට පුළුවන් අපව සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය වෙත ගෙන යන්න. ඔබේ සිත තුල දිගින් දිගටම සෘණාත්මක සිතුවිලි හට ගන්නවා නම් එය ඔබේ වැඩ පාඩු වීමටත්, ඔබට මානසික ආතතියක් ගෙන දීමටත් හේතු වෙනවා. කුඩා කාලයේදී සිදු වුණු සිදුවීම්, පැරණි පෙම් සබඳතා වල සිදුවීම් මතක් කරමින් ඉන්නවාට වඩා ඔබ කළ යුතු දෙයට අවධානය යොමු කිරීමෙන් ඔබට සාර්ථකත්වය වෙත ලඟා විය හැක.


07. කලින් වැරදුනු දේවල් වලට අවධානය යොමු කරන ආකාරය

කලින් දැරූ උත්සාහයන් අසාර්ථක වුණා නම්, ඔබ කළ යුත්තේ ඒ ගැන සිතමින් දුක් වීම නොවෙයි. සමහරුන් තමාට කලින් උත්සාහය වැරදුනු නිසාම, තව දුරටත් උත්සාහ කිරීමෙන් වළකිනවා. නැවත උත්සාහ කළත් තමාට අනිවාර්යයෙන් වරදින බව ඔවුන් විශ්වාස කරනවා. නමුත් කළ යුත්තේ එය නොවෙයි. ඔබේ වැරදීම් වලින් යමක් ඉගෙන ගත යුතුයි. කලින් උත්සාහයේදී ඔබට වැරදුනේ මොනවාදැයි සොයා ගෙන, මීළඟ උත්සාහයේදී එම වැරදි නොවෙන්නට කටයුතු කළ යුතුයි. එවිට ඔබේ ඊළඟ උත්සාහය සාර්ථක වෙනවා.

SHARE