ත්‍ය, අනුවේදනීය සිදුවීමක් පාදක කරගෙන 2014 වසරේදී නිපදවා ඇති Lakshmi චිත්‍රපටය සැඟවුණු රහසක් හෙළි කරයි. ඒ නීතියේ ඇස් වසා සිදු කෙරෙන ළමා ගණිකා සහ මිනිස් ජාවාරම් ව්‍යාපාරයක් පිළිබඳවයි. මෙය නිෂ්පාදනය කර ඇත්තේ Nagesh Kukunoor විසින්ය. සාමාන්‍යයෙන් අතවරයකට පත් වූ කාන්තාවක් ඒ ගැන පැමිණිලි කිරීමට සහ සාක්ෂි දීමට බිය වෙනවා. ඒ තමාගේ ආත්ම ගෞරවය වෙනුවෙනුයි. නමුත් එමඟින් වරදකරුවන්ට තවත් එවැනි වැරදි කරන්නට අවස්තාවක් සහ ධෛර්යයක් ලැබෙනවා. මේ කතාවේ විශේෂත්වය වන්නේ, මේ අවුරුදු දා හතරක ළදැරිය තම ආත්ම ගෞරවය පසෙක ලා, වැරදිකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වීමයි.


fb-like-beg


මේ චිත්‍රපටය නිපදවා තිබෙන්නේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි.ගණිකා වෘත්තීයේ යෙදවීම පිණිස ගැහැණු දරුවන් පැහැරගෙන හෝ රවටාගෙන ගෙන ඒම තාමත් සිදු වන මහා පරිමාණ කලු ව්‍යාපාරයක්. ලක්ෂ්මීව ‍රැගෙන එන්නේ රවටාගෙනද, පැහැරගෙනද යන්න කතාවේ මුලින් සඳහන් කෙරෙන්නේ නැහැ. නමුත් අවසානයේ ඒ දරුණුතම රහස හෙලි වෙනවා. ඒ රහස නම්, ලක්ෂ්මීව කාන්තා තැ‍රැව්කරුවන් වෙත විකුණා දමා ඇත්තේ ඇගේම පියා යන්නයි.

ලක්ෂ්මීගේ එකම අරමුණ වන්නේ ගණිකා නිවාසයෙන් පලා යෑමයි. ඇය එයට කිහිප වරක්ම උත්සාහ කලත් ඇය සාර්ථක වන්නේ නැහැ. ඇයට දරුණු දඬුවම් වලට පවා යටත් වීමට සිදු වන්නේ පලා යෑමට උත්සාහ කිරීම නිසායි.

අවසානයේ ඇගේ පිහිටට එන්නේ NGO ආයතනයක්.ආරක්ෂාව පිණිස මේ ආයතනයේ නම හෙලි කර නැහැ. කතාවට අනුව නම් ලක්ෂ්මී ඒ මොහොතේත් සිටින්නේ පලා යෑමට දැරූ උත්සාහය නිසා දඬුවම් ලැබ, ඉතා වේදනාවෙනුයි. NGO ආයතනයේ සමාජ ක්‍රියාකරුවෙකු ගණුදෙනුකරුවෙකු ලෙස ලක්ෂ්මීගේ කාමරයේ රහසින් කැමරාවක් සවි කර යෑමෙන් මේ කූඨ ව්‍යාපාරය ගැන තොරතුරු හෙලි කර ගන්නට අවස්ථාව ලැබෙනවා.

මුලු ගණිකා නිවාසයම වැටලුවත් කිසිදු කාන්තාවක් සාක්ෂි දීමට ඉදිරිපත් වන්නේ නැහැ. එයට හේතුව වන්නේ සාක්ෂි දීමෙන් අනතුරුව තමන් ගණිකා වෘත්තියේ නියැලුනු අයෙකු බව ප්‍රසිද්ධ වීමට ඇති බිය සහ සමාජයෙන් කොන් වීමට ඇති බිය නිසායි. NGO ආයතනය විසින් කාන්තාවන් බේරා ගත්තත්, සාක්ෂි ලබා දෙන ලෙස කිසිවෙකුට බල කරන්නේත් නැහැ. ඒ ඔවුනුත් කාන්තාවක් සාක්ෂි දීමෙන් අනතුරුව, ඇයට සමාජයෙන් විඳීමට සිදු වන ගැහැට ගැන දන්නා නිසායි. නමුත් ලක්ෂ්මී සාක්ශි දීමට ඉදිරිපත් වන්නේ කිසිවෙකුත් නොසිතූ අයුරිනුයි.

NGO ආයතනයේ සමාජ ක්‍රියාකරුවන් සහ නීතීඥයන් ඇයට සිදු විය හැකි සමාජ ගැටලු ගැන පැහැදිලි කරනවා. ඇගේ අභිමානය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බව දැන දැනම ඇය නිර්භයව සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වෙනවා. එපමණක් නොව තමාගේ කාමරයේ සවි කල කැමරාවේ සටහන් වී ඇති සියලු සිදුවීම් උසාවියේ ඉදිරිපත් කිරීමටත් ඇය අවසර දෙනවා. ගණිකා නිවාසයේ අයිතිකරුවන් තම නිවාසය කාන්තා නේවාසිකාගාරයක් පමණක් වන බව ඔප්පු කරන්නට යෑමේ උත්සාහය එයින් විනාශ වී යනවා.

මුලදී ඇයට තැ‍රැව්කරුවන් විසින් පෝෂණ එන්නතක් [සිරුරේ සුදුමැලි බව පහ කරන බව කියමින්] ලබා දෙන ආකාරය පෙන්වනවා. පසුව හෙලි වන්නේ, එය තවමත් වැඩිවියට පත් නොවූ ලදැරියන් ඉක්මණින් කාන්තාවන් බවට පත් කිරීමට ලබා දුන් හෝමෝන එන්නතක් බවයි.

මේ නඩුව පවත්වනු ලැබුවේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේදීයි.

කාන්තා තැ‍රැව්කරුවන් අත් අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීමටත්, ලක්ෂ්මිට වන්දි ලබා දීමටත් උසාවියෙන් නියෝග කරනු ලබනවා.   

තම දියණියව කාන්තා තැ‍රැව්කරුවන් වෙත විකිණූ පියාව අත් අඩංගුවට ගැනීමට ලැබෙන්නේ 2012 වසරේදීයි.

චිත්‍රපටය අවසානයේ ඇය උසාවියෙන් පිටතට එන මොහොත ඉතාමත්ම අනුවේදනීය ලෙස රූගත කර තිබෙනවා. උසාවිය වටා ජනමාධ්‍යවේදීන් රැස් වී සිටින්නේ ඇයව හමු වීමටයි. තමාව මිනිසුන් අතර ප්‍රසිද්ධ වීම ගැන පසුතැවිලි නොවන ඇය මොහොතක් ගෙන මුහුණේ මේකප් ස්වල්පයක් තවරා ගන්නවා. ඒ ජනමාධ්‍යවේදීන් ඉදිරියට යෑම පිණිසයි. කඳුළු මැදින් සිනාසෙමින් පිටතට පැමිණෙන ඇයට මයික්‍රෆෝනය දිගු කරන ජනමාධ්‍යවේදීනියක් ඇයගෙන් මෙසේ අසනවා.

“කොහොමද ඔබට දැනෙන්නේ? දැන් ඔබ වීරවරියක්.”

SHARE