ර්ව සම්පුර්ණ මිනිස් ශරීරයක් ලැබුනත් සාර්ථකත්වය වෙත පිය නගන්නේ කීයෙන් කි දෙනාද? අහිමි දේවල් ගැන මැසිවිලි නඟමින් සිටින හැම පුද්ගලයෙක්ටම හොඳ ආදර්ශයක් මේ ජෙසිකා ලබා දෙනවා. ජෙසිකා උපතින්ම ආබාධිතයි. ඇයට දෑත් පිහිටලා තිබුනේ නැහැ. හැබැයි ඇය ඇගේ ආබාධිත බව නිසා පරාජයට පත් වන්නේ නම් නැහැ. කුඩා අවධියේ සිටම ඇය ඇගේ වැඩ රාජකාරි තනිවම ඇගේ දෙපා ආධාරයෙන් කරන්නට පුරුදු වෙලා හිටියා. දැන් ඇය ගුවන් නියමුවරියක්. අපි දැන් බලමු ඇගේ කතාව මොකද්ද කියලා.

 


fb-like-beg


 

ජෙසිකා උපත ලබන්නේ 1983 පෙබරවාරි 02 වැනිදා ඇමරිකාවේදීයි. ජෙසිකා පුංචි කාලේ ඉඳන්ම හරිම උත්සාහවන්ත චරිතයක්. ඇය තමන් ආස කරන හැම දෙයක්ම ඉගෙන ගන්න උත්සාහ කරපු චරිතයක්. ඇය දක්ෂ එක දේකට විතරක් නෙවෙයි. ඇය දස්කම් දක්වන ක්ෂේත්‍ර ගණනාවක්ම තියෙනවා.

ඇය වයස අවුරුදු 3 ඉඳගෙන තමයි ජිම්නාස්ටික් ක්‍රීඩාව ඉගෙන ගන්න පටන් ගත්තේ. වයස අවුරුදු 6 දී ඇය නර්තනය ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ වගේම ඇය සර්ෆ් ක්‍රීඩාව සහ පිහිනිමත් ඉගෙන ගන්නට පටන් ගත්තා.

ඇයට වයස අවුරුදු 9දි ඇගේ දෙමව්පියන් විසින් ඇයව ඇමරිකාවේ ආබාධිත පුද්ගල හමුවකට ගෙන යනවා. ඇයට ඒ ගමනින් නැවුම් ශක්තියක් සහ බලාපොරොත්තුවක් ලැබෙනවා. තමාටත් වඩා ආබාධිත පුද්ගලයන් හඳුනා ගන්නට ලැබීමෙනුත්, ඔවුන් තුල ඇති ධෛර්යවන්ත භාවය දක්නට ලැබීමෙනුත් ඇය තව තවත් සවිමත් වෙනවා. ඇය තම ආබාධිත බව නොසලකා හොඳ තැනකට එන බවට එදා අධිෂ්ඨාන කර ගන්නවා.    

ඇය ජයග්‍රහණ රැසක් ලබා ගෙන තිබෙනවා.

  • ඇය කුඩා වයසේදීම ජිම්නාස්ටික් ශුරියක් බවට පත් වුණා.
  • ඇයට වයස අවුරුදු 14 දී ඇය ටයිකොන්ඩෝ ක්‍රීඩාව වෙනුවෙන් කළු පටි දිනා ගන්නට සමත් වෙනවා.
  • 2005 වසරේදීත් ඇය ශුරතාවයක් දිනා ගන්නවා. ඒ එක පාදයකින් වයින් වීදුරුවක් වැඩිම වේලාවක් රඳවා ගෙන සිටීමේ තරඟයකින්.
  • 2008 වසරේදී ඇය ගිනස් වාර්තාවක් පිහිටුවනවා. ඒ ලොව ප්‍රථම දෑත් අහිමි ගුවන් නියමුවරිය ලෙසයි.
  • 2011 වසරේදී ඇය ගැඹුරු මුහුදේ පිහිනුම් ශුරතාවය ලබා ගන්නවා.

ඇය මේ වන විට විවාහකයි. ඇගේ සැමියාගේ නම පැට්ට්‍රික් වැම්බලෑන්. විශේෂත්වය වන්නේ පැට්ට්‍රික් වැම්බලෑන් ඇය කෙරෙහි අදහසක් ඇති කර ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව ඇගේ මේ නොපසුබට උත්සාහයත්, ධෛර්යමත් බවත් වීමයි. මේ දෙදෙනා මුණ ගැහෙන්නේ 2012 වසරේදීයි.

ඇය දස්කම් දක්වන තවත් ක්ෂේත්‍ර ගණනාවක්ම තිබෙනවා.

  • රිය පැදවීම (ඇය රියදුරු බලපත්‍රය ලබා ගත්තත්, රටේ නිතිය අනුව ඇයට රිය පැදවීමේ භාග්‍යය හිමි වන්නේ නැහැ. ඇය ගුවන් යානා පදවන්නට ඉගෙන ගන්නට සිත යොමු කරන්නේ ඉන් අනතුරුවයි)
  • ගුවන් යානා පැදවීම
  • පියානෝ වාදනය
  • ජිම්නාස්ටික් ක්‍රීඩාව
  • ටයිකොන්ඩෝ ක්‍රීඩාව
  • නර්තනය
  • සර්ෆ් ක්‍රීඩාව
  • පිහිණුම
  • මීට අමතරව ඇය මනෝ විද්‍යා දේශකයෙකු ලෙසත් කටයුතු කරනවා.

 

SHARE