දිනෙද ජීවිතයේදී ඔබට ඕනෑ තරම් මිනිසුන් හමු වෙනවා. ඔවුන් සමඟ ඔබට සමීප වීමට සහ විවිධ ගනුදෙනු වලට එළඹීමට සිදු වෙනවා. අවාසනාවට ඔබට හමු වුයේ වංචනික හා ව්‍යාජ ගති පැවතුම් ඇති පුද්ගලයෙකු නම්, ඔබටත් නොදැනිම ඔබ අමාරුවේ වැටෙනවා. ව්‍යාජ මිනිසෙකුට ඔබෙන් යමක් අවශ්‍ය වී තිබෙනවා නම්, ඔවුන් ඔබ ඉදිරියේ සුන්දර වෙස් මුහුණක් පැළඳ ගන්නවා. මේ නිසා ඔබට ඔවුන්ගේ යථා ස්වරුපය හඳුනා ගැනීමට ඉතා අපහසු වෙනවා. නමුත් අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය තුලින් තීරණය කළා ඒ වගේ ව්‍යාජ ගති පැවතුම් ඇති පුද්ගලයන්ගේ ලක්ෂණ කීපයක් ඔබ වෙත ගෙන එන්න.


fb-like-beg


01. ව්‍යාජ පුදගලයන් ගරු කරන්නේ ධනය සහ බලය ඇති පුද්ගලයන්ට පමණයි.නමුත් නිර්ව්‍යාජ පුද්ගලයන් ඕනෑම අයෙකුට ගරු කරනවා.

තමාගේ වාසිය ගැන පමණක් නොසිතන නිර්ව්‍යාජ පුද්ගලයන් අනිත් අයගේ සමාජ තත්වය ගැන අනවශ්‍ය ලෙස සලකන්නේ නැහැ. ඔවුන් ගරු කරන්නේ අනිත් පුද්ගලයන්ගේ යහපත් ගතිගුණ වලට පමණයි. නමුත් ව්‍යාජ පුද්ගලයන් තමාගේ වාසිය ගැන පමණක් අවධානය යොමු කරන නිසා, වෙනත් පුද්ගලයනේ සමාජ තත්වය ගැන කරදර වෙමින්, ඉහල සමාජ තත්වයක් ඇති අය පමණක් ඇසුරු කරන්නට පෙළඹෙනවා.


02. ව්‍යාජ පුද්ගලයන් තමා වටා සිටින සෑම අයෙකුගෙන්ම යම් වාසියක් බලාපොරොත්තු වෙනවා

නිර්ව්‍යාජ පුද්ගලයෙකු කවදාවත් තමා ඇසුරු කරන අයව තමාට අවශ්‍ය පරිදි මෙහෙයවමින් වාසි ලබා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. එත් ව්‍යාජ පුද්ගලයන් අන් අයව තමාට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට උත්සාහ දරනමින්, වාසි ලබා ගන්නවා. තමාට ප්‍රයෝජන නොලැබෙන සමිපතමයෙක් වුවද ඈත් කර දැමීමට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.


03. ව්‍යාජ පුද්ගලයන් අන් අයගේ අවධානය තමා වෙත ලබා ගැනීමට උත්සාහ කරනවා

නිර්ව්‍යාජ පුද්ගලයෙකුට සමාජයේ හොඳ නම හෝ ආකර්ෂණය දිනා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ඔවුන් සමාජයේ අවධානය තමා වෙත ලබා ගැනීම පිණිස කටයුතු කරන්නේ නැහැ. ඇත්තටම ඔවුන්ට තමාගේ යහපත්කම ගැන සමාජයට ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.


04. ව්‍යාජ පුද්ගලයන් පුරසාරම් දොඩයි. නමුත් නිර්ව්‍යාජ පුද්ගලයන් නිරහංකාරයි.

නිර්ව්‍යාජ පුද්ගලයන් තමන්ට තිබෙන දේවල් සහ තමන් දිනා ගත් දේවල් ගැන පුරසාරම් දොඩන්නේ නැහැ. ඒ ඔවුන්ට සමාජයේ අවධානය අමුතුවෙන් අවශ්‍ය වන්නේ නැති නිසායි.ඔබට ව්‍යාජ ගතිගුණ ඇති පුද්ගලයෙකු හඳුනා ගැනීමට ඇති එක් මඟක් තමයි ඔවුන් ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් දිනා ගත් දේවල් ගැන මහා ඉහලින් පුරසාරම් දෙඩීම.


05. ව්‍යාජ පුද්ගලයන් ඕපාදුප දොඩවයි. නිර්ව්‍යාජ පුද්ගලයන් තමාගේ මතය සෘජුව ඉදිරිපත් කරයි.

ව්‍යාජ පුද්ගලයන්ගේ පුරුද්දක් තමයි ඔහේ ඕපාදුප කියවීම. කතාව හැරෙන හැරෙන අතට සහයෝගය දැක්වීම ඔවුන්ගේ ලක්ෂණයයි. කෙනෙක් යමක් හොඳයි කියද්දී ඔහු සමඟ එකඟ වීමත්, තවකෙකු එය නරකයි කීමේදී අනෙකා සමඟ එකඟ වීමත් මොවුන්ගේ විශේෂ ලක්ෂණයක්. එසේ කිරීමෙන් කතාව දිගටම ගෙන යාමට ඔවුන් දක්ෂයි. නමුත් නිර්ව්‍යාජ පුද්ගලයන් තමාගේ මතය අන් ඇයගේ මතයට වඩා වෙනස් නම් ඒ ගැන පැවසීමට බිය වන්නේ නැහැ.


06. ව්‍යාජ පුද්ගලයන් පොරොන්දු රකින්නේ නැහැ. නමුත් නිර්ව්‍යාජ පුද්ගලයන් තමන්ගේ උපරිම හැකියාවෙන් පොරොන්දු ඉෂ්ඨ කරනවා.

ව්‍යාජ පුද්ගලයන් තමන් දුන් පොරොන්දු රැකීමේ වැදගත්කමක් දකින්නේ නැහැ. ඔවුන් නිතරම සිතන්නේ අන් අය තමාට පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ හේතූන් තේරුම් ගත යුතු බවයි. අන් අයට එයින් වන පීඩාව ගැන ඔවුන් සැලකිලිමත් වන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ සැලසුම් වරින් වර වෙනස් කරනවා. නමුත් නිර්ව්‍යාජ මිනිසුන් තමන් දුන් වචනය රකින්නට උත්සාහ කරනවා.


07. ව්‍යාජ පුද්ගලයන් නිතරම අන් අයව විවේචනය කරනවා. නමුත් නිර්ව්‍යාජ පුද්ගලයන් අන් අයට ප්‍රශංසා කරනවා.

ව්‍යාජ පුද්ගලයන් අන් අයව විවේචනය කිරීම මඟින් ඔවුන්ගේ තත්වය පහලට ඇද දැමීමටත්, තමන්ගේ තත්වය ඉහල දමා ගැනීමටත් උත්සාහ කරනවා. නමුත් නිර්ව්‍යාජ පුද්ග්ගලයන් තමාගේ මිතුරන්ව හා තමාගේ සේවකයන්ව ප්‍රශංසා කරමින් ඔවුන්ට උපකාර කරනවා.


08. ව්‍යාජ පුද්ගලයන් ප්‍රියජනක ලෙස හැසිරෙන්නේ ඔවුන්ට යමක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට පමණයි. නමුත් නිර්ව්‍යාජ පුද්ගලයන් සැම විටම ප්‍රියජනක හා ආචාරශීලි ලෙස හැසිරෙනවා.

ව්‍යාජ පුද්ගලයන් ආචාරශීලී ලෙස හැසිරෙන්නේ තමාට ප්‍රයෝජනවත් මිනිසුන් ඉදිරියේ පමණයි. එසේත් නැති නම් යම් දෙයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට අන් අයට ඉතා හොඳින් සලකනවා. නමුත් තමාට ප්‍රයෝජනයක් නොමැති මිනිසුන් ඉදිරියේ ඔවුන් ආචාරශීලි ලෙස හැසිරෙන්නේ නැහැ.

SHARE