වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන රෝගී තත්වයක් තමයි දෑත් හිරි වැටීම කියන්නේ. බොහෝ විට මේ හිරි වැටීම ඇති වන්නේ රාත්‍රියේදීයි. බොහෝ දෙනෙක් මේ තත්වය නොසලකා හරිනවා. නමුත් එය දිගු කාලීනව බරපතල ගැටළු ඇති කල හැකියි. මේ ගැන නොසලකා හැරීමෙන් Carpal Tunnel Syndrome වැනි ස්නායු රෝග ඇති වීමේ ඉඩකඩ තිබෙනවා. ස්ත්‍රී, පුරුෂ භේදයක් නොමැතිව මේ තත්වය ඇති විය හැකි අතර, වැඩිපුර ඇති වන්නේ මැදි වයසේ පුද්ගලයන්ටය. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


විවේකයක් ලබා ගනිමින් ඔබේ වැඩ කරන්න

ඔබ ඔබේ නිවසේදී හෝ රැකියා ස්ථානයේදී ඔබේ දෑත්, මැණික් කටුව නැවත නැවත චලනය වන ආකාරයේ වැඩ කටයුතු වල නියැලෙන පුද්ගලයෙක්ද? ඔබ වැඩ කරන අතරතුරේ පැය 2/ 3කට වතාවක්වත් වරින් වර විවේක ගැනීමට පුරුදු විය යුතුයි. එය ඔබේ දෑත් වල සෞඛ්‍ය තත්වය රැක ගැනීමට උපකාර වේවි.

වැඩ කරන අතරතුරේදී අත කෙලින් තබා ගන්න

Image Source – brightside.com

ඔබ වැඩ කරන්නේ යතුරු පුවරුවක් භාවිතා කරමින් නම්, අත නමන්නට එපා. ඉහත රුපයේ දැක්වෙන ලෙස අත කෙලින් තබාගෙන වැඩ වල නිරත වන්න.

Wrist Splint එකක් පළඳින්න

ඔබේ අතේ ආරක්ෂාවට සහ අත නිවැරදි ඉරියව්වක තබා ගැනීමට Wrist Splint එකක් උපකාරී වෙනවා. එමෙන්ම නින්දට යාමේදීත් එය පළඳින්නට පුරුදු වන්න. එමඟින් නින්දේදී සිදු විය හැකි ඇඟිලි නැවීම් ආදිය වලක්වා ගත හැකියි.

මැණික් කටුව සඳහා ව්‍යායාම සිදු කරන්න

Image Source – brightside.com

මෙවැනි ව්‍යායාම සිදු කිරීම මඟින් මැණික් කටුව වටා ඇති මාංශ පේශි සහ ස්නායු ශක්තිමත් වෙනවා.

නිවැරදි ඉරියව්වකින් වාඩි වෙන්න

කොන්ද කෙලින් තබාගෙන නිවැරදිව වාඩි වූයේ නැති නම්, ඔබේ උරහිස් වල ස්නායු වලට හානි ඇති වෙන්න පුළුවන්. එය ඔබේ අතටත්, මැණික් කටුවටත් එකසේ අයහපත්ව බලපානවා.

මැණික් කටුව අයිස් වලින් තවන්න

අයිස් වලින් තැවීමෙන් වේදනාවන් අතුරුදන් කල හැකි බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. වැඩ කිරීම අවසන් වූ විට අයිස් කැට කීපයක් ගෙන රෙද්දකින් ඔතන්න. විනාඩි 5ක් හෝ 10ක් පමණ එයින් ඔබේ මැණික් කටුව සහ අවට මාංශ පේශි තැවිමකට ලක් කරන්න.

SHARE