පේ කාන්තාවන් අතර තිබෙන ලොකු ගැටළුවක් තමයි තමන්ගේ පෙනුමට අකමැති වීම. සමහරුන්ට නිතරම හිතෙන්නේ තමන් ලස්සන නැහැ කියලයි. තමන්ගේ සමේ වර්ණයට, තමන්ගේ කොණ්ඩයට, තමන්ගේ උසට, තමන්ගේ බරට, තමන්ගේ ශරීරයේ හැඩයට සහ තමන්ගේ කටහඬට අකමැති අය ඕනෑ තරම් ඉන්නවා. ඕනෑවට වඩා මේ සිතුවිලි වලට වහල් වෙන අය ප්ලාස්ටික් සැත්කම් වලින් තමන්ගේ රූපය වෙනස් කර ගැනීම, අසාමාන්‍ය ලෙස කෑම පාලනය කිරීම වගේ අහිතකර දේවල් කිරීමට පවා යොමු වෙනවා. ඉතින් මේ ගැන ලිපියක් goodhousekeeping.lk හරහා ඉදිරිපත් කරන්න අද අපි තීරණය කළා.


fb-like-beg


ඔයාට විතරයි ඔයා ලස්සන නැත්තේ

ඇත්තටම ඔයා විතරයි ඔයා ලස්සන නෑ කියලා හිතන්නේ. ඔයාගේ පෙනුම ලබා ගන්න ආසාවෙන් ඉන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඔබ ඔබේ රැලි කොණ්ඩයට අකමැති නිසා කොණ්ඩය ස්ට්‍රේට් කර ගන්න හිතනකොට, රැලි කොන්ඩයකට ආසාවෙන් තමන්ගේ කොණ්ඩය පර්ම් කරන තරුණියෝ ඕනෑ තරම් ඉන්නවා. ඔයා මහතයි කියලා හිතාගෙන කෙට්ටු වෙන්න උත්සාහ කරද්දී, අනේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑනේ කියලා දුක් වෙන අය ඉන්නවා. ඔබ සුදු හමක් ලබා ගන්න එක එක ආලේපන ගල්වද්දී, තලෙළු/කළු සමකට ආසා කරන යුරෝපා තරුණියන් ඉන්නවා. ඔබේ කොණ්ඩය වැවෙන්නේ නෑ කියලා ඔබ දුක් වෙන මේ වෙලාවේදීම, තමන්ගේ කොණ්ඩය කොටට තිබුණා නම් ලස්සනයි කියලා හිතලා කපලා දාන තරුණියෝ ඉන්නවා. ඉතින් ඇත්තටම ඔබේ පෙනුම ලස්සන නෑ කියලා හිතන්නේ ඔබ විතරයි.


නිතරම සිනහමුසු මුහුණින් ඉන්න අමතක කරන්න එපා.

කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා හිනා වෙලා බලන්න ඔබ මොන තරම් ලස්සනද කියලා. සිනහව කෙනෙක්ගේ රූපයට සුන්දරත්වය එකතු කරනවා. තරහ ගිය මුහුණකට හෝ දුක්මුසුව ඉන්න මුහුණකට වඩා සිනහමුසු මුහුණක් ඔබේ පෙනුමට ලොකු සුන්දරත්වයක් එකතු කරනවා කියන එක නිරන්තරයෙන් මතක තබා ගන්න. එතකොට ඕනෑම අමාරු අවස්ථාවකදී වුණත්, ලස්සනට හිනාවෙලා ඉන්න ඉන්න ඔබට මතක් වේවි.


සංසන්දනය කරන එක නවත්තන්න.

ඔබට ඔබ ලස්සන නැහැ කියලා හිතෙන්නේ අනිත් කෙනාගේ රූපයත් එක්ක ඔබේ රූපය සංසන්දනය කිරීමට උත්සාහ කරන නිසායි. ඔබට තිබෙන්නේ ඔබටම ආවේනික සුන්දරත්වයක්. ඉතින් ඔබ කොහොමද තවත් කෙනෙක් එක්ක ඔබේ රූපය සංසන්දනය කරන්නේ? සංසන්දනය කියන්නේ ඔබේ සිතේ ප්‍රීතිය සහ ආත්ම සම්මානය අහිමි කරවන දෙයක්. සංසන්දනයෙන් ඔබට ලැබෙන දෙයක් නැහැ. තමන් ගැනම තිබෙන ගෞරවය සහ ආදරය නැති වෙනවා.


ඔබේ පෙනුම ගැන විවේචනය කරන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න

මේ ලිපියේ මුලින් සඳහන් වෙනවා ඔබ ලස්සන නැහැයි කියලා සිතන්නේ ඔබ විතරයි කියලා. එහෙනම් ඇයි මේ වෙන මිනිස්සු ඔබේ පෙනුම ගැන විවේචනය කරන්න එන්නේ? ඇත්තටම ඒ මිනිස්සුන්ටත් ඔබේ පෙනුමේ අවලස්සනක් පෙනෙන්නේ නැහැ.

ඔවුන් ඒ උත්සාහ කරන්නේ කුමන හෝ හේතුවක් නිසා ඔබට රිදවන්න. සමහරවිට ඔබේ අධ්‍යාපන මට්ටම, කරන රැකියාව, දරණ තනතුර, ඔබේ ආදායම ආදියට ඊර්ෂ්‍යා කරන අය ඒ හැඟීම් ඔබට මුදා හරින්නේ ඔබේ පෙනුමේ අඩුවක් කියමින්. ඒ මිනිස්සුත් ඔවුන්ගේ ජීවිතය සමඟ ඔබේ ජීවිතය සංසන්දනය කරන අය. ඔවුන් ජිවිතයේ යමක් ලබා ගන්න වෙහෙසෙද්දී, ඔබට ඒ දේ ඉබේම ලැබිලා තියෙනවා නම් ඔවුන්ට ඔබට රිදවීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඉතින් ඔවුන් ඔබට රිදෙන තැන බලලා පහර එල්ල කරනවා. ඔවුන් ඔබේ හොඳම මිතුරන් හෝ ඥාතීන් වෙන්න පුළුවන්. ඔවුන්ට ඔබව පහලට දාන්න, මානසිකව වට්ටන්න ඉඩ දෙන්න එපා. හොඳම දෙය ඔවුන් සමඟ ගත කරන කාලය අඩු කිරීමයි.


නළු නිළියන්ගේ ලස්සන ගැන හිතන්න යන්න එපා

අනේ අර නිළිය එච්චර ලස්සන වුණේ කොහොමද කියලා හිතන්න යන්න එපා. ඔවුන් බොහෝ දෙනෙක් පිළි අරන් ඉන්නවා ඒ ඔවුන්ගේ සැබෑ සුන්දරත්වය නොව, මේකප් ගැල්වීමෙන් පසු ලැබුණු සුන්දරත්වය කියලා. ඒ වගේම ඔවුන්ගේ ෆොටෝ ඒ වගේ සුන්දරව හදන්නේ ෆොටෝෂොප් හරහායි.


ඔබට ලැබී ඇති රූපයට ආදරය කරමින්, එය රැක ගන්න

ඔබ සතු රූපය සුන්දර කර ගැනීම සඳහා මේ දේවල් අනුගමනය කරන්න. උසට සරිලන බරක් තබා ගැනීම වෙනුවෙන් ව්‍යායාම සහ සාමාන්‍ය ආහාර පාලනයක් කරන්න. ඒ වෙනුවෙන් අනවශ්‍ය ලෙස ආහාර පාලනය කළොත් ඔබට මන්දපෝෂණය, ඇනරෙක්සියා සහ බුලිමියා වගේ භයානක රෝග ඔබට වැළඳෙන්න පුළුවන්. පැහැපත් සමක් වෙනුවෙන් සමට හිතකර, ශාකසාර ආලේපන ගල්වන්න.

රසායනිකයන් සහිත ආලේපන සහ ප්ලාස්ටික් සැත්කම් මඟින් පසුකාලීනව භයානක අහිතකර ප්‍රතිඵල අත් වෙන්න පුළුවන්.

SHARE