ත්තර වල, ප්‍රවෘත්ති වල කාන්තා අතවර සිදුවීම් පිළිබඳව දිනපතා වගේම වාර්තා වෙනවා. ඇත්තටම මේක ගොඩාක් නරක තත්වයක්. කාන්තාවක් මේ වගේ වෙලාවක අසරණ වෙලා, අඬ අඬා කාමාතුරයන් ඉදිරියේ වැඳ වැටුණා කියලා කිසිම තේරුමක් නැහැ. ඔවුන් කවදාවත් කාන්තාවකට අනුකම්පා කරන්නේ නැහැ. අතවරය සිදු කර, කාන්තාව මරා දමන්නට තරම් ඔවුන් සැහැසි වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින් මේ වගේ මොහොතක ඇත්තටම කාන්තාවක් කරන්න ඕනේ සටන් කරන එක. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk හරහා ඔබට මේ ගැන කියා දෙන්න.


fb-like-beg


පහර දීමට හොඳම ස්ථාන

කාමතුරයා මොන තරම් ශක්තිමත්ද, විශාලද කියන එක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. මොන තරම් ශක්තිවන්තයෙක්ට වුණත් මේ ස්ථාන වලට ගැහුවම දරා ගන්න බැරි වෙනවා.

ඇස්, නාසය, උගුර, පපුව, දණහිස, රහස් ප්‍රදේශය


පහසුම සහ ප්‍රතිඵලදායිම පහර දීම්

  • ඕනෑම ශක්තිවන්තයෙකුව දණින් වට්ටා, ඔහුව වේදනාවට පත් කිරීමට පහසුම මඟ ඔහුගේ උගුරු දණ්ඩට ඇඟිල්ලෙන් ඇනීමයි. එය ඔහුගෙ පියවි සිහිය නැති කිරීමට වුවත් සමත් වෙනවා. නැවත යථා තත්වයට පැමිණීමට ඔහුට වැඩි කාලයක් ගත වෙනවා.
  • ඔබට ඔහුගේ අත අහු වෙනවා නම්, ඔහුගේ ඇඟිලි තදින් අල්ලා ගෙන මේ ලෙස නවන්න. වෙද ඇඟිල්ල එක අතකටත්, මැද ඇඟිල්ල සහ දබර ඇඟිල්ල නොපිටටත් නවන්න. එයත් ඔහුට දැඩි වේදනාවක් ගෙන දෙනවා.

  • වඩාත් බරපතල ස්ථානයක් තමයි රහස් ප්‍රදේශය. ඔබට හැකි නම් එතනට තද බල ප්‍රහාරයක් එල්ල කරන්න, ඔහු බල රහිත වී ශරීරය පණ නැති වී යාවි. ඔහුට නැවත පියවි සිහියට එළඹීමට පෙර ඔබට පුළුවන් එතනින් පලා යන්න.

ඔහු ඔබව අල්ලාගෙන සිටින්නේ ඉදිරි පසින් නම්

  • ඔහු ඔබව ඉදිරිපසින් තදින් අල්ලාගෙන සිටිනවා නම්, ඔබේ දෑත් පහලට දිගු කරන්න. එවිට ඔබත් ඔහුත් අතර මඳ දුරස් බවක් ඇති වේවි. ඒ ක්ෂණයෙන් ඔබේ හිසෙන් ඔහුගේ නාසයට දැඩි පහරක් එල්ල කරන්න. එවිට වේදනාව නිසා ඔහු ඔබව අල්ලාගෙන සිටින තද බව මඳක් ලිහිල් වේවි. ඒ අවසරයෙන් ඔබ ඔබේ දණහිස පාවිච්චි කර ඔහුගේ රහස් ප්‍රදේශයට පහර දෙන්න.

  • ඔබ දෙදෙනා අතර මඳ හිඩසක් තිබේ නම්, ඔබේ අත් මුදවාගෙන එක් ඔහුගේ නහයට සහ නිකටට අතුල් පහරක් එල්ල කරන්න. ඔහු ඔබව අල්ලාගෙන සිටින තද බව ලිහිල් වෙද්දීම, ඔබේ දණහිසෙන් ඔහුගේ රහස් ප්‍රදේශයට පහර දෙන්න.

ඔබේ දෑත් ඔහුගෙන් මුදවා ගන්නේ කොහොමද ?

ඔහු ඔබේ දෑත් අල්ලාගෙන සිටී නම්, ඔබේ අත ඔහුගේ මහපට ඇඟිල්ල ඇති පැත්තට කරකවන්න. එවිට ඔබේ දෑත ඔහුගෙන් නිදහස් කර ගන්න ලේසි වෙනවා.


ඔබව ඔහු අල්ලාගෙන සිටින්නේ පිටුපසින් නම්

ඔබට සෙලවිය නොහැකි සේ ඔහු ඔබව පිටුපසින් අල්ලාගෙන සිටිනවා නම්, ඔබේ හිසේ පසු පසින් ඔහුට පහරක් එල්ල කරන්න. ඔහුගේ අවධානය මඳක් ගිලිහී යත්ම එක් වරම පහලට නැවී ඔහුගේ කකුල තදින් අල්ලා ඉදිරිපසට අදින්න. එවිට ඔහුගේ සමබරතාවය ගිලිහී ඔහු බිම ඇද වැටෙනු ඇත.


ඔබව අල්ලාගෙන සිටින්නේ පැත්තෙන් නම්

ඔහු ඔබව පැත්තෙන් අල්ලාගෙන සිටිනවා නම්, ඔබට පුළුවන් ඔබේ වැලමිට ආධාරයෙන් ඔහුට පහර දෙන්න. වැලමිටෙන් වදින පහරක් ලොකු වේදනාවක් ගෙන දෙනවා. ප්‍රථමයෙන්ම ඔබේ වැලමිටෙන් ඔහුගේ කම්මුල, හක්ක, නාසය හෝ මුහුණේ ඕනෑම තැනකට පහර දෙන්න. ඒ සමඟම වැලමිටෙන් ඔහුගේ උදර ප්‍රදේශයට හෝ පපුවට පහර දෙන්න. මෙම පහරවල් නිසා මඳ වෙලාවකට ඔහුගේ පියවි සිහිය අහිමි වනු ඇත.


ඔහු ඔබව බිත්තියකට තබා තද කරගෙන සිටිනවා නම්

ඔහු මේ මඟින් උත්සාහ කරන්නේ ඔබව බිත්තියත්, ඔහුත් අතර සිර කර ගැනීමටයි.

  • ඔහුගේ අත් ඉහලට එසවී තිබෙනවා නම් – ඔබේ අත්ල දිගු කර ඔහුගේ කිහිල්ලට පහරක් එල්ල කරන්න.
  • ඔහුගේ අත් තිබෙන්නේ පහළට නම් – ඔබ ඔහුගේ නිකට, පපුව, හක්ක හෝ බෙල්ලට අත මිටි කොට පහර දෙන්න.
  • ඔබේ හිස භාවිතා කර ඔහුගේ මුහුණට හෝ බෙල්ලට පහර දීමත් ඉතා හොඳ ක්‍රමයක්. උඩ පැනීමෙන් දෙන පහරක් තදින් වදිනවා.
SHARE