ලිසබෙත් මහ රැජිණිය කියන්නේ එක්සත් රාජධානියේ අග රැජිණිය බව නොදන්නා කෙනෙක් නැහැ. ඇයගේ වයස මේ වන විට අවුරුදු 92ක් වුවත්, ඇයගේ පෙනුම ඉතාමත් සුන්දරයි. ඇය ඇගේ ආහාර රටාව ගැන බෙහෙවින් සැලකිලිමත් වන්නියක්. ඇය කිසිදිනක ආහාරයට නොගන්නා ආහාර වර්ගත් තිබෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ එලිසබෙත් මහා රැජිණියගේ ආහාර රහස් 9ක් ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්න.


fb-like-beg


1 ඇය කවදාවත් පැස්ටා කන්නේ නැහැ

රැජිණිය තුල පැස්ටා පිළිබඳව තිබෙන්නේ අවිශ්වාසයක්. ඇය පැස්ටා වෙනුවට තෝරා ගන්නේ සලාදයක් හෝ ග්‍රිල් කරන ලද මාළු/ කුකුල් මස් සමඟ එළවලු වර්ග දෙකක් වැනි සෞඛ්‍යාරක්ෂිත ආහාරයන්ය.

2 රැජිණිය අර්තාපල් ආහාරයට ගැනීමෙන් වැළකෙනවා

ඇය අර්තාපල් ආහාරයට නොගන්නේ එහි පිෂ්ඨය වැඩිපුර අඩංගු නිසා බව කියවෙනවා.

3 රැජිණිය සුදු බිත්තර ආහාරයට ගැනීමෙන් වැලකි සිටින නමුත් රතු බිත්තර ආහාරයට ගන්නවා

ඇය හතු, බිත්තර සහ සැමන් යොදා සකසන එග් ස්ක්රැම්බල් (Egg Scrambled) ආහාරයට ගන්න කැමතියි. විශේෂයෙන්ම නත්තල් උත්සව සඳහා ඇය ඒවා ආහාරයට ගන්නවා. නමුත් ඇය උපදෙස් දී තිබෙන්නේ ඇයට රතු බිත්තර පමණක් ලබා දෙන ලෙසයි. ඇයගේ අදහසට අනුව රතු බිත්තර වල රසය සුදු බිත්තර වල රසයට වඩා ඉහළයි.

4 ඇය වැඩිපුර ළුණු සහ සුදු ළුණු යෙදූ ආහාර පරිභෝජනයෙන් වැලකි සිටිනවා

ඇය ළුණු සහ සුදු ළුණු වලට එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. එයට හේතුව වන්නේ එයින් නික්මෙන සැර ගන්ධයට ඇය අකමැති වීමයි.

5 පාන් වාටි වලට ඇය කැමති නැහැ

ඇය පාන් වලින් සැකසු සැන්ඩ්විච් වර්ග ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වනවා. ටූනා, මයෝනීස්, ගම්මිරිස් සහ බටර් යෙදූ සැන්ඩ්විච් ආහාරයට ගන්න ඇය ප්‍රිය වුවත්, ඒවා සකසන විට වාටිය කපා ඉවත් කරන මෙන් උපදෙස් ලැබී තිබෙනවා.

6 ඇය පලතුරු ආහාරයට ගන්නේ ඒවා හට ගන්නා සීසන් එකේදී පමණයි

රැජිණිය පලතුරු අවාරයේදී පලතුරු ආහාරයට ගන්නේ නැහැ. ඇය යම් පළතුරක් ආහාරයට ගන්නවා නම්, ඒ ඒවා හට ගන්නා වාරයේදී පමණයි. ඇගේ අදහස අනුව අවාරයේදී හට ගන්නා පලතුරු හට ගෙන ඇත්තේ ස්වභාවික ක්‍රමයට නොවන බවයි. ඒවා ජානමය වශෙයන් වෙනස් කරන ලද පලතුරු බව ඇගේ මතයයි.

7 රැජිණිය කෙසල් ගෙඩි කන්නේ අමුතු කලාවකට

ඇය කෙසෙල් ගෙඩිය කන්නේ සාමාන්‍ය ආකාරයට නෙවෙයි. ඇය කෙසෙල් ගෙඩිය ආහාරයට ගන්න ඇගේ අත් භාවිතා කරන්නේ නැහැ. ඇය මුලින්ම පිහිය සහ ගෑරප්පුව භාවිතා කරමින් කෙසෙල් ගෙඩියේ උඩ කොටස කපා ඉවත් කරනවා. ඉන්පසුව පොත්ත තීරු වශයෙන් කපා ඉවත් කරනවා. මීළඟට පිහිය ආධාරයෙන් කෙසෙල් ගෙඩිය පෙති වලට කපා, ගාරප්පුවෙන් ආහාරයට ගන්නවා. එයට හේතුව වන්නේ කෙසෙල් ගෙඩිය පිටින් ආහාරයට ගැනීම පිටින් බලන විට එතරම් ප්‍රසන්න දසුනක් නොවන බව රාජකීයයන් විශ්වාස කරන නිසායි.

8 ඇය සීනි යෙදූ තේ පානය කරන්නේ නැහැ

ඇය තේ සහ කිරි යෙදු තේ පානය කරනවා. නමුත් ඇය ඒවාට සීනි යොදනවාට කැමති නැහැ.         

රාජකීය සූපවේදී Darren McGrady ගේ හෙළිකිරීම් අනුව සැකසුනු ලිපියකි  

 

SHARE