මාජය තුල සතුටින් ජීවත් වීමට අපට බැඳීම් අවශ්‍ය වෙනවා. ඔබට මිනිසුන් ප්‍රිය කරන තරමට ඔබට සමාජයේ ජීවත් වීම පහසු වෙනවා. මිනිසුන්ගේ සිත් වල ඔබ ගැන ප්‍රියතාවයක්, කැමත්තක් ඇති වීම පහසුවෙන් සිදු වන්නේ නැහැ. නමුත් ඔබේ සුලු අඩුපාඩු වලදීත් මිනිසුන් ඔබ සමඟ අමනාප වීම නම් පහසුවෙන්ම සිදු වෙනවා. මේ ගැටලුව නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. කෙතරම් හොඳ කලත් හොඳක් අසන්නට නොලැබෙන බව කියමින් දුක් වෙන මිනිසුන් ඕනෑ තරම් සිටිනවා. මේ ගැන හොඳින් විග්‍රහ කර බැලූ විට අපට හෙලිදරව් වූ සුලු කරුණු කීපයක් තමයි අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ. ඔබ මේවා සුලු කරුණු ලෙස සැලකුවත්, අන් අය මේවා සලකන්නේ ඔබේ අතින් වන බරපතල ගණයේ අපරාධ ලෙසයි.


fb-like-beg


1අනවශ්‍ය විවේචනය

බොහෝ මිනිසුන් කරන කිසිම තේරුමක් නොමැති කටයුත්තක් තමයි අනුන්ව විවේචනය කරන්නට යාම. ගොඩක් දෙනා හිතන්නේ අනුන්ගේ වැරදි පෙන්වා දීම ඔවුන්ට කරන යහපතක් බවයි. එය සත්‍යයක් වුවත්, එහි භයානකම අතුරුඵලය වන්නේ ඔබට රහසින් වෛර කරන පුද්ගලයන් නිර්මාණය වීමයි. මේ ලෝකයේ කිසිම පුද්ගලයෙක් තමාව විවේචනය කරනවාට කැමති නැහැ. ඔවුන් වැරදි දේවල් කරන්නේ, වැරදි කිරිමට ඔවුන් කැමති නිසයි. ඉතින් කැමැත්තෙන් වැරදි කරන පුද්ගලයෙකුව විවේචනය කිරිමෙන් ඔවුන්ගේ වැරදි පුරුදු ඔබට නවත්වන්න බැරි බවත්, ඔබ ඔබට නව සතුරෙකු ඇති කර ගන්නා බවත් සිහියේ තබා ගන්න.

2 පමණට වඩා උදව් කිරීම

මිනිසුන්ට පමණට වඩා උදව් කිරිමට යාමෙන් ඔවුන් සමඟ ඇති හිතවත්කම් නැති විය හැකි බව ඔබ විශ්වාස කරනවාද? ඔබ විශ්වාස කලත්, නොකලත් සත්‍යය එයයි.  මිනිසුන් ඔබෙන් අපේක්ෂා නොකරන තරමට ඔබ ඔවුන්ට උදව් කරන්නට ගිය විට සිදු ඇත්තටම සිදු වන්නේ මෙයයි. ඔබ ඉතා පරිත්‍යාගශිලී අයෙකු බවත්, ඔවුන්ට අවශ්‍ය සියලු දේ ලබා ගැනීමට ඇති පහසුම මාර්ගය ඔබ බවත් ඔවුන් විශ්වාස කරන්නට පටන් ගන්නවා. ඔබෙන් අයුතු ප්‍රයොජන ලබා ගැනිමට උත්සාහ කරන්නන් ඔබට ඕනෑ තරම් මුණ ගැසෙනු ඇත. යම් මොහොතකදී ඔබට ඔවුන් ඉල්ලන අසාදාරණ ඉල්ලීම් ප්‍රතික්ශේප කිරීමට සිදු වනු නො අනුමානයි. එදිනට ඔවුන්ගේ ලොකයේ සිටින නරකම පුද්ගලයා ඔබ බවට චෝදනා කිරීමට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.

3 ඇහුම්කම් දීමට ඇති අකමැත්ත

සමාජයේ වැඩියෙන්ම මිතුරන් සිටින්නේ, හදවත් වැඩිම ගණනක් ආකර්ෂණය කර ගන්නේ අනිත් අයට ඇහුම්කම් දීමට ඉදිරිපත් වන තැනැත්තන්ටයි. එයට හේතුව වන්නේ සමාජයේ මිනිසුන් වැඩියෙන්ම පීඩා විඳින්නේ තමාට අහුම්කම් දීමට සහ තමාව තේරුම් ගැනීමට කෙනෙකු නොමැති වීමෙ ගැටලුව නිසා බැවිනි. මිනිසෙකුට තමාගේ සිතේ ඇති ප්‍රශ්න සමනය කර ගැනීමට ඇති පහසුම ක්‍රමය තවත් අයෙකු හා එය බෙදා ගැනීමයි. මිනිසුන් තමාගේ ජයග්‍රහණ වල සතුට තවත් අයෙකු හා බෙදා ගැනිමට ඉතා කැමතියි. තමා ලද අත්දැකීම්, තමාගේ සිහිනයන් ගැන තවත් අය සමඟ කතා කරන්නට මිනිසුන් ප්‍රිය කරයි. ඉතින් ඔබ සමඟ කතා කරන්නට එන මිනිසුන්ව ඔබ සෑම විටම මඟ හරින්නේ නම් ඔවුන්ගේ සිතේ ඔබ ගැන අප්‍රසාදයක් ඇති වීම වලක්වන්න බැහැ.

4 අනුන්ගේ සංවේදී දේවල් ගැන පමණට වඩා විමසීම

ඔබ අන් අයගේ පෞද්ගලික කරුණු ගැන විමසද්දී ඉතා ප්‍රවේශම් විය යුතුයි. යමෙකු ඔබට ඔවුන්ගේ සංවේදී රහස් ගැන පැවසීමට උනන්දු නොමැති බව පෙනෙනවා නම්, ඒ ගැන තව තවත් හාරාවුස්සන්නට යෑමෙන් වලකින්න. යමෙකු ඔබට ඔහුගේ රහස් කීමට අකමැති බව පෙනෙනවා නම්, ඒ ගැන දැන ගැනීමේ ආශාව නිසා හෝ ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින්  හෝ ඒ ගැන විමසීමෙන් වලකින්න. අසනීපයකින් පීඩා විඳින්නෙකුගෙන්, දරුවන් නොමැති කාන්තාවකගෙන්, ප්‍රේම සබඳතාවය නිමා කල අයෙකුගෙන් අනවශ්‍ය ලෙස ඒ ගැන විමසීමෙන් වලකින්න.

5 නියෝග පැනවීම

අපේ සමාජය හුරු වී අත්තේ ගහෙන් ගෙඩි එන්නා සේ අන් අයට නියෝග පැනවීමටයි. ආයතනයක් තුල නියෝග පැනවීම සාධාරණ වුවත්, සාමාන්‍ය සමාජය තුල අන් අයට නියෝග පැනවීමේ ස්වරූපයෙන් කතා කිරීම ඉතා නුසුදුසුයි. ඉල්ලීම් කිරීමෙදී මෘදුව වචන හසුරුවන්නට කල්පනාකාරී වන්න.

 

 

SHARE