fb-like-beg


ඔබ වෙනුවෙන් – 6 කොටස

  • ඔයාලත් දැනගන්න කැමතිද?

උදේට ව්‍යායාම කරලා එද්දී පහයි හතලිස් ගානට මට රේඩියෝ එකේ දවස පටන් ගන්න හැටි අහන්න පුළුවන්. හැම චැනල් එකක්ම පාහේ කේන්දර කාරයාට අනුව දවසේ සුභ අසුභ කියනවා. මේවා අපේ රටේ පැතිරුන පුරාණ දේවල් තමයි. හැබැයි අපි කුඩා කාලේ නම් ජන මාධ්‍ය මගින් මේ තරම් පුළුල් ලෙස මිත්‍යාව පැතිරුවේ නැහැ. අපි තාක්ෂණයෙන් ඉදිරියට යද්දී මේ ගර්හිත දේවල් වලින් ඉවත් විය යුතුයි . නමුත් මොන අවාසනාවට හරි අපේ රටේ නම් වැඩි වෙනවා.

මා නම් පුද්ගලිකව ඔවැනි දේවල් බලන්නේ නැහැ. නැකත් නැතුව තමයි බොහෝ දේවල් කරන්නේ. මට මේ ලෝකේ විශ්වාස එකම වචනයයි ඒ මගේ සාස්තෘන් වහන්සේගේ වචනය. මම කර්ම වල විපාක විශ්වාස කරනවා. ඒ නිසා යහපත් දේ කරන්න හැකි හැම විටම උත්සහ කරනවා.

ජීවිතේ හැම වෙලේම ජයග්‍රහණ විතරක් නොවේ තියෙන්නේ. පරාජයනුත් තිබෙනවා. පරාජයන් හමුවේ නොසැලී , ඒ දේවල් තවත් ශක්තිමත් වීමට යොදා ගත යුතුයි කියා හිතනවා.

දැන් බලන්න බිල් ගේට්ස් මහත්මයා..ලෝකේ ලොකුම කෝටි පතියා. ඒ මනුස්සයා මයික්‍රොසොෆ්ට් එක හදද්දී බැලුව නැකත මොකද්ද? ඒ තමා උත්සාහය. මාර්ක් සකබර්ග් FB පටන් ගද්දි මොන නැකතටද පටන් ගත්තේ?

ජීවිතේ මිනිස්සුන්ට නරක කාල එනවා. හදපු හැම දේම විනාශ වෙනවා. ආදරේ කරන අය අපිව දාල යනවා. ඒ තමා ජීවිතේ හැටි. මා සමග කතා කරන හැමෝටම කියන්නේ මා එකම දෙයයි ජීවිතේ හැටි ඔහොම තමා, හැබයි ඕනෙම අමාරු කාලයක් අල්ලන් ඉන්න පාස් වෙනවා. අමාරු කාල වල තමයි වඩාත් යහපත කළ යුත්තේ.

ජීවිතේ නැකත්, බලි තොවිල් පස්සේ යන මිනිස්සු ඉන්නවා නේද? හරියට සූදුවට වැටුනා වගේ. මෙලෝ සිහියක් නැහැ . ගොඩ ඒමක් නැහැ. හැමදාම ඕවා පස්සේ.

දියුණු වෙන්න කැමති මනුස්සයා උදේ නැගිටලා අත් දෙක උස්සල, තමන්ට ලැබුන මොලේ පාවිච්චි කරලා කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. හක් බෙල්ලෙක්ට වත්, ලක්ෂ්මි මන්තරේට වත් බැහැ ඔබව දියුණු කරන්නට.

ගේ දොර අතු පතු ගාල කුණු ඉඳුල් ඉවත් කරලා සුවඳ දුම් අල්ලලා පිළිවෙල තියා ගන්න ඔබේ හිතේ තිබෙන සේරම අසුබ නැති වෙලා යනවා. පිරිසිඳු කම තමයි ඔබට ඇති ලොකුම ආරක්ෂාව. පරිසරයේ විතරක් නෙවෙයි ඔබේ හිතෙත්.

දුප්පත් කෙනෙක් බලලා බත් කටක් දෙන්න, තිරිසන් සතෙක්ට ආහාරයක් දෙන්න ලක්ෂ්මි පූජා 100 කින් නොලැබෙන වාසනාව ඔබේ ජීවිතේට ලැබෙනවා.

නැකත තමයි ඔබට හිතෙන වෙලාව. ඔබට අද දවසට දියුණුවට යන ගමනේ වාසනාවන්ත දිනයක් වේවා……

SHARE