පි හැමෝටම විනෝදාංශ තිබෙනවා. විනෝදාංශයක නිරත වීම අප හැමෝගෙම මානසික වෙහෙස දුරු කර ගන්නත්, සිතට සතුටක් ලබා ගන්නත් හොඳ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකියි. විනෝදාංශ වර්ග නම් ඕනෑ තරම් තිබෙනවා. කෙසේ වෙතත් අද අපි ඔබට goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ ඇතැමුන් නිරත වන අරුම පුදුම විනෝදාංශ වර්ග කීපයක් ගැන තොරතුරුයි.


fb-like-beg


1 මැරුණු සේ රඟපෑම

ඉහත රුපයේ සිටින්නේ Chuck Lamb කියන පුද්ගලයායි. ඔහුගේ විනෝදාංශය වන්නේ තමන් මැරුණු ආකාරයට රඟ පාමින්, තවකෙකු ලවා ඒවා ජායාරූපගත කර හෝ වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැරීමයි. ඔහුට මේවා පළ කිරීම සඳහා වෙනමම වෙබ් අඩවියකුත් තිබෙනවා.  

2 රූපවාහිනී වැඩ සටහන් වල පෙනී සිටීම

ඔබට පෙනෙනවා ඇති ඉහත රූපවාහිනී වැඩ සටහන් තුනේම එකම පුද්ගලයෙක් නිවේදකයාගේ පිටුපසින් සිටින ආකාරය. ඔහුගේ නම තමයි Paul Yarrow. ඔහුගේ විනෝදාංශය තමයි සජීවී වාර්තා කිරීම් පසුපස සිට රූපවාහිනී දර්ශනතලයට හසු වන සේ සිටීම. ලන්ඩන්හි BBC, ITV, Channel 4 සහ Sky News ආදී රූපවාහිනී චැනල් ගණනාවකම මොහු මෙලෙස පෙනී සිට තිබෙනවා.

3 අමුත්තන්ට ඩොලර් 10 බැගින් බෙදා දීම

ඉහත රුපයේ සිටින්නේ Reed Sandridge. ඔහුගේ විනෝදාංශය තමයි ඔහුව නොහඳුනන විවිධ පුද්ගලයන් වෙත ගොස් ඩොලර් 10 බැගින් බෙදා දීම. ඔහු පවසන ආකාරයට ඔහු මෙයින් කිසිවක් බලාපොරොත්තු නොවන අතර, එයින් ලැබෙන ප්‍රීතිමත් හැඟීම පමණක් ලබා ගනී. ඔහු මෙම විනෝදාංශයේ නිරත වීම ආරම්භ කර ඇත්තේ තම මව මිය ගොස් අවුරුදු 3ක් ගෙවුණු දිනයේය.

4 නඩු දැමීම

මේ පුද්ගලයාගේ නම Jonathan Lee Riches ය. මොහුගේ විනෝදාංශය වී ඇත්තේ නඩු පැවරීමය. ඉතා සුළු සුළු කාරනා වෙනුවෙන් පවා නඩු දැමීම ඔහුගේ පුරුද්දය. මොහුගේ නඩු දැමීමේ විනෝදාංශයේ තර ගැන කියනවා නම්, වැඩිම නඩු ප්‍රමාණයක් දැමු මිනිසා ලෙස මොහුගේ නම ගිනස් වාර්තා පොතටද ඇතුළු වී තිබේ.

5 සුනඛයන්ව වර්ණ ගැන්වීම

මේ විනෝදාංශය චීනයේ දක්නට ලැබෙන විනොදාන්ශයකි. ඉහත රුපයේ සිටින්නේ කොටියෙකු හෝ පැන්ඩාවෙකු නොවේ. ඒ සුනඛයන්ය. වෙනත් සතුන්ගේ රුපය මතු වන සේ සුනඛයන් වර්ණ ගැන්වීම මෙහිදී සිදු කරයි.

6 බේත් කරල් එකතු කිරීම

විවිධ වර්ණයන්ගෙන් යුතු බේත් කරල් එකතු කල පුද්ගලයා අවුරුදු 46ක, ලන්දේසි පුද්ගලයෙකු බව අනාවරණය වුවත්, ඔහුගේ නම සඳහන් වී නැත. වසර 20ක් පුරාවට එකතු කල මේ බේත් කරල් 2009 වසරේදී කිසිවෙකු හෝ විසින් සොරා ගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඔහු එසේ පැමිණිලි කර ඇත්තේ එම බෙහෙත් කරල් පානය කිරීමෙන් කිසිවෙකු හෝ අනතුරකට ලක් වේවි යැයි බිය වූ නිසාය.

SHARE