ත්තල කියන්නේ ක්‍රිස්තියානි අයට සුවිශේෂී වූ දිනයක්. ජේසු තුමාගේ උපන්දිනය ලෙසයි නත්තල් දිනය සලකන්නේ. කෙසේ වෙතත් අතීතයේ නත්තල සැමරූ ආකාරය සහ වර්තමානයේ නත්තල සැමරීම අතර පැහැදිලි වෙනසක් ඇති බව නම් කිව යුතුමයි. ජේසු තුමාගේ උපත ලෝකයට සාමය ගෙන ඒමේ සංකේතය ලෙස එදා සැලකුවත්, අද වන විට ඒ අරමුණ වෙනස් වී ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉතින් අද අපි තීරණය කළා මේ ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.


fb-like-beg


නත්තලේදී මිනිසුන් අතර සාමය පැතිරෙන ක්‍රම ගණනාවක් අතීතයේදී දක්නට ලැබුණා.

නත්තල් කෑම බීම

අතීතයේදී පවුලේ හැමෝම එකතු වෙලයි නත්තල් කෑම බිම හැදුවේ. නත්තල් රසකැවිලි, නත්තල් කේක් සහ වයින් වල සුවඳින් මුළු ගෙදරම පිරෙද්දී පවුලේ හැමෝම සතුටු වුණා. මේ කෑම හදන්න වැඩිහිටි නෑදයන්ගේත් උපදෙස් ලැබුණා. වසර තුල තිබුණු පුංචි පුංචි හිත අමනාපකම් මේ කාලේදී මැකිලා ගියා. ඒත් වර්තමානය වෙද්දී ගොඩක් ගෙවල් වල නත්තල් කෑම බිම හැදෙන්නේ නැහැ. නත්තලට කලින් දවසේ කඩේට දුවලා ගිහින් මොනවා හරි රසකැවිලි ටිකක් මිලදීගෙන එන්න තමයි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ. ඉස්සර වගේ පවුලේ හැමෝටම ආදරයෙන් සාමයෙන් නත්තලේදී එකතු වෙන්න තියෙන එක අවස්තාවක් මේ විදිහට වානිජකරණය වෙලා අවසන්.

නත්තල් කෑම බිම ගෙදරදීම හදා ගන්න කැමති අයට මෙන්න නත්තල් කෑම වට්ටෝරු කීපයක් – 

නත්තල් ගහ සහ ගවලෙන

අතීතයේදී නත්තල් ගස සහ ගවලෙන සෑදීමේ රාජකාරිය බොහෝ විට පැටවුනේ පවුලේ දරුවන් පිටයි. දරුවනුත් එය ඉතාමත් උනන්දුවෙන් නිම කළා. ඉස්සර කාලේ දරුවෝ ඇවිදලා ලස්සන අත්තක් කපාගෙන එනවා නත්තල් ගහට. ඒ කාලේ දරුවෝ සැරසිලි හැදුවෙත් තමන්ගේ අතින්මයි. අවුරුද්ද පුරාවට එකතු කරගෙන හිටපු ටොපි කොළ, පාට පාට කොළ කැබලි ට්යෝදාගෙන දරුවෝ ලස්සන සැරසිලි නිර්මාණය කළා. එමඟින් දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවත්, දරුවන් අතර සමඟියත් වර්ධනය වුනා. ඒ විතරක් නෙවේ, ඔවුන් තමන් විසින්ම ලි පටි කපාගෙන, පිදුරු එකතු කරගෙන ගවලෙන නිර්මාණය කළා. තණකොළ පරිස්සමට කපා ගෙන ඒ ගවලෙනේ බිමට සවි කළා. නමුත් වර්තමානය වන විට වෙළඳ සැල් වල නත්තල් ගස්, සැරසිලි සහ ගවලෙන් විකිනීමට තිබෙනවා. දරුවන්ගේ සමඟිය සහ නිර්මාණශීලි හැකියාව වර්ධනය වීම සඳහා තිබුණු තවත් අවස්තාවක් මේ විදිහට වානිජකරණය වෙලා.

ගෙදරදීම නිර්මාණය කරගන්න පුළුවන් සරල නත්තල් සැරසිලි 10ක් මෙතැනින් – 

නත්තල කියන්නේ අමනාප වුනු හිතවත්කම් නැවත ඇති කර ගන්න ලැබෙන අවස්තාවක්

නත්තලේදී නෑදයන්, අමනාප වුනු හිතවතුන් බැහැ දකින්න වර්තමානයේ යන්නේ කීයෙන් කී දෙනාද? නත්තලට හේතු වුනු ජේසු උපතේ සංකේතය සාමය පැතිරීම වුනත් වර්තමානයේදී ඒ අරමුණ නම් ඉෂ්ඨ වෙන බවක් පෙනෙන්නට නැහැ. නෑ ගෙවල් බැහැ දැකීම වෙනුවට අද බොහෝ දෙනෙක් නත්තල සමරන්නේ නිවෙස තුලට වෙලා රූපවාහිනිය දිහා බලාගෙනයි. වර්තමානයේ පුංචි දරුවනුත් සතුටු වන්නේ රූපවාහිනියේ විකාශය කෙරෙන නත්තල් චිත්‍රපටි, නත්තල් වැඩ සටහන් නැරඹීමෙන් මිස නෑදයන් හෝ මිතුරන් බැහැ දැකලා නම් නෙවෙයි.

 

   

SHARE