බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර ගනු ලබන්නේ කප්පම් ගැනීමේ පරමාර්ථයෙන් හෝ අපයෝජනය කිරීමේ පරමාර්ථයෙන්. ඉතින් ඔබේ දරුවව කලින්ම දැනුවත් කරලා තිබ්බොත් ඔහු පැහැර ගන්නෙකුගේ ග්‍රහණයට අසු නොවේවි. ඔබේ දරුවාට පුද්ගලයෙකු දුටු ගමන් ඔහු අනතුරුදායක බව හැඟෙන්නට තරම් දැනුමක් ඔබ දරුවාට ලබා දුන්නොත්, ඔහු ආරක්ෂිතයි. ඒ වගේම අවට සිටින සැක සහිත පුද්ගලයන් හඳුනා ගන්න ක්‍රම ගැන දැනුවත් වෙලා ඉන්න එක ඔබටත් ප්‍රයෝජනවත්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 

 


fb-like-beg


 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

7 දරුවාගෙන් පාර අසන්නන්

ඔබේ දරුවා වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් යම් ස්ථානයකට යා යුතු පාර අහලා, එය පෙන්වීම සඳහා ඔහුගේ රථයට නඟින මෙන් දරුවාට යෝජනා කරන්න ඉඩ තියෙනවා. එය අනතුරක් බව දරුවාට පහදා දෙන්න. මොකද කියනවා නම් යම් පුද්ගලයෙක්ට පාරක් අසා දැන ගැනීමට අවශ්‍ය නම් ඔහු කුඩා දරුවන්ගෙන් එය විමසන්නට තරම් මෝඩ වෙන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් එවැනි දෙයක් විමසන්නේ වැඩිහිටියෙක්ගෙන් මිස කුඩා දරුවෙකුගෙන් නොවන බව ඔබේ දරුවාට වටහා දෙන්න.

8 දරුවාව රවුමක් ගෙනියන්න අහන බයිසිකල් කරුවන්

ඇතැම් පැහැර ගන්නන් මෝටර් බයික් වලින් ඇවිත් දරුවන්ට කතා කරනවා.

“කවුද ඔයාලගෙන් මාත් එක්ක රවුමක් ගිහින් එන්න කැමති?”,

“කවුද ඔයාලගෙන් නිර්භීතම? මම එයාව රවුමක් එක්කගෙන යනවා.”

වගේ කතා වලින් දරුවන්ව රවටා ගන්න ඔවුන් උත්සාහ කරනවා. සාමන්‍ය පුද්ගලයෙක් කවදාවත් නොදන්නා දරුවන්ව තමන්ගේ බයිසිකලයේ නංවාගෙන වටයක් ගෙන යන්නට උත්සාහ කරන්නේ නැහැ. එය ඔබේ දරුවාට පවසන්න.

9 ජායාරූප ශිල්පින් ලෙස වෙස් වලා ගත් පුද්ගලයන්

මේ ක්‍රමයෙන් පැහැර ගන්නට උත්සාහ කරන්නේ නව යොවුන් වියේ දරුවන්වයි. මේ වයසේ දරුවන් තුල ළමා අහිංසකකම වගේම, යොවුන් ආශාවනුත් මිශ්‍ර වී තිබෙනවා. මේ ඔවුන්ගේ සුන්දරත්වය ඔවුන්ටම දැනෙන කාලයයි. ඉතින් ඒ වගේ අවස්තාවක පැහැර ගන්නෙකු ඇවිත්  “ඔයා හරිම ලස්සනයි. මගේ පත්තරේ මුල් පිටුවට ඔයාගේ ෆොටෝ එකක් දාන්න මම කැමතියි. අපේ ස්ටුඩියෝ ඒකට යමු.” වගේ කතාවක් කිව්වොත් දරුවෙක් රැවටෙන්නට ඇති ඉඩ කඩ වැඩියි.

සැබෑ ජායාරූප ශිල්පින් හෝ චිත්‍රපට නිෂ්පාදකවරුන්ට ළමා නිරූපිකාවක් හෝ නිරූපකයෙක් අවශ්‍ය නම්, ඔවුන් කරන්නේ පාසලක් හරහා දරුවන්ව සම්බන්ධ කර ගැනීමයි. එහෙම නැත්තම් විශේෂ වැඩමුළුවක් සංවිධානය කරලා දරුවන්ව තෝරා ගැනීමයි. එහෙම නැතුව ඔවුන් දරුවන්ව සොයමින් ක්‍රීඩා උයන් අසල හෝ පාරේ ඇවිදින්නේ නැති බව ඔබේ දරුවාට අවබෝධ කරවන්න.

10 පොලිස් නිලධාරින් ලෙස වෙස් වලා ගත් පුද්ගලයන්

“බබා දවල්ට කන්නේ නැහැලු නේද? රෑට අඬනවාලු නේද? බබාගේ අම්මා මට කිව්වා. ඒ නිසා බබාව පොලිසියට එක්කගෙන යන්න වෙනවා.” මේ වගේ කතාවක් කිව්වම පොඩි දරුවෝ බයටම ඔවුන්ට අවනත වෙනවා. ඉතින් ඔබ ඔබේ දරුවට කියන්න දරුවාගේ වැරදි ගැන ඔබ කවදාවත් පොලිසියට පැමිණිලි නොකරන බව. ඒ විදිහේ බොරු පොලිස් නිලධාරියෙක්ගෙන් හැඳුනුම් පත ඉල්ලුවොත් ඔවුන් කලබල වෙලා එතනින් ඉවත් වෙලා යනවා.

11 දරුවා සහ දරුවා සමඟ සිටින වැඩිහිටියාගේ පැහැදිලි වෙනස්කම්

දරුවා පිරිසිඳු වුවත් දරුවාව කැටුව යන්නා අපිරිසිඳු නම්, දරුවා ධනවත් පවුලක දරුවෙක් බව පෙනුනත් දරුවා කැටුව යන්නා දිළිඳු බව පෙනෙනවා නම් එතන ගැටළුවක් ඇති බව වැඩහිටි ඔබට අවබෝධ විය යුතුයි. එවැනි අවස්ථාවකට මැදිහත් වෙන්න.

SHARE