බ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට ළමා පැහැර ගැනීම් වාර්තා වෙන බව. සමහර දරුවන්ව නැවත ලැබුනත්, අතුරුදන් වෙන දරුවනුත් ඉන්නවා.  බොහෝ වෙලාවට දරුවන්ව පැහැර ගනු ලබන්නේ කප්පම් ගැනීමේ පරමාර්ථයෙන් හෝ අපයෝජනය කිරීමේ පරමාර්ථයෙන්. ඉතින් ඔබේ දරුවව කලින්ම දැනුවත් කරලා තිබ්බොත් ඔහු පැහැර ගන්නෙකුගේ ග්‍රහණයට අසු නොවේවි. ඔබේ දරුවාට පුද්ගලයෙකු දුටු ගමන් ඔහු අනතුරුදායක බව හැඟෙන්නට තරම් දැනුමක් ඔබ දරුවාට ලබා දුන්නොත්, ඔහු ආරක්ෂිතයි. ඒ වගේම අවට සිටින සැක සහිත පුද්ගලයන් හඳුනා ගන්න ක්‍රම ගැන දැනුවත් වෙලා ඉන්න එක ඔබටත් ප්‍රයෝජනවත්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


 

1 දරුවාගෙන් උදව් ඉල්ලීම

පැහැර ගන්නන්ගේ පලවෙනි උපක්‍රමය තමයි පැහැර ගැනීමට අපේක්ෂා කරන දරුවාගෙන් උදව් ඉල්ලීම. නැති වුනු බෑග් එකක් හොයන්න, නැති වුනු බල්ලෙක්ව හොයන්න, කාර් එකේ දොර ඇර ගන්න වගේ විකාර උදව් ඉල්ලමින් වැඩිහිටියෙක් තමා පසු පස එනවා නම් වහා මඟ හැර යන මෙන් දරුවාට පවසන්න. මොකද කියනවා නම් සාමාන්‍ය පුද්ගලයෙක් උදව් උපකාර පතන්නේ තවත් වැඩිහිටියෙකුගෙන් මිස කුඩා දරුවෙකුගෙන් නොවීමයි.

2 මහ හඬින් හඬන, දඟලන දරුවෙකුව ඇදගෙන යන වැඩිහිටියෙක්

සාමාන්‍යයෙන් මේ වගේ දසුනක් දැක්කම අපි හිතන්නේ අකීකරු දරුවෙක්ව පාලනය කර ගන්න මවක් හෝ පියෙක් අසීරු උත්සාහයක් දරනවා කියලයි. ඒත් ඒ සමහර විට දරුවාව පැහැර ගෙන යන පුද්ගලයෙක් විය හැකියි.

එවිට ඔබ කල යුත්තේ ඔවුන් ඉදිරියට ගොස් දරුවාගෙන් “මේ ඔබේ පියාද?/ මවද?” යන්න විමසීමය. ඔහු පැහැර ගන්නෙකු නම් අනිවාර්යයෙන්ම ඔබ ඔහුගේ මුහුණ මතක තබා ගැනීමට පෙර එතනින් දරුවා අත් හැර පලා යනු ඇත.

3 දරුවන් ඇති ස්ථාන වල ගැවසෙන ආගන්තුකයෙක්

ළමා උද්‍යාන අසල හෝ පෙර පාසල් අසල දරුවන් නිරීක්ෂණය කරමින් යමෙකු ගැවසෙනවා නම් ඔහු පිළිබඳව සැක පහල කල හැකියි. ඔහු/ ඇය දරුවෙකුගේ මවක් හෝ පියෙක් නොවන බව ස්ථිර කර ගන්න.

4 ත්‍යාග හෝ රසකැවිලි ලබා දෙන්නන්

දරුවාට යමෙකු තෑග්ගක් හෝ රසකැවිලි ලබා දෙන්නට උත්සාහ කරනවා නම් ඔහුව මඟ හැර යන මෙන් දරුවාට උපදෙස් දෙන්න. සාමාන්‍ය වැඩිහිටියන් නොදන්නා දරුවන්ට ත්‍යාග සහ රස කැවිලි ලබා දෙන්නට උත්සාහ නොකර බව දරුවාට පහදා දෙන්න.

5 නොහඳුනනා නමුත් දරුවා ගැන සියල්ල දන්නා බව හඟවන්නට උත්සාහ කරන්නන්

දරුවා මීට පෙර දැක නැති අයෙක් ඇවිත් “ඔයාගේ අම්මගේ නම රෝසි නේද? අම්මගේ යාලුවා ජේන්ව අඳුරනවද? ජේන් ආන්ටි ඔයාට බයිසිකලයක් දුන්නා මතකද? ජේන් ආන්ටි මාව එව්වේ ඔයාව එක්කගෙන එන්න කියලා.” වගේ සුන්දර කතාවක් ගොතා පවසන්නට පුළුවන්.

එවැනි පුද්ගලයන් විශ්වාස නොකරන මෙන් දරුවාට උපදෙස් දෙන්න. දරුවාව පැහැර ගැනීමට කල්පනා කරන පුද්ගලයෙක් දරුවා ගැන සංවේදී තොරතුරු එකතු කිරීම සාමාන්‍ය බව දරුවාට කියා දෙන්න.

6 නොහඳුනනා දරුවන්

පැහැර ගන්නන්ගේ තවත් අපූරු ක්‍රමයක් තමයි පැහැර  ගැනීමට නියමිත දරුවා වෙත තවත් දරුවෙකු එවීම. නාඳුනනා දරුවෙකු පැමිණ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් ලබා දෙන්නට නම් ඔහු හා සමඟ යාමට එන ලෙස කතා කරන්න පුළුවන්. කාලයක් තිස්සේ නොදන්නා සම වයසේ දරුවෙකු කතා කලත් ඔහු සමඟ නොයන මෙන් ඔබේ දරුවාට උපදෙස් දෙන්න.    

දෙවන කොටස සඳහා පිවිසෙන්න

SHARE