2

018 වසරේදී ලෝකයේ ප්රසිද්ධ චරිත කිහිපයක්ම අප අතරින් සමු ගත්තා. ඉතින් අද අපි තීරණය කළා මේ පුද්ගලයන් කිහිප දෙනා ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.


fb-like-beg


1 Kofi Annan

Kofi Annan කියන්නේ එක්සත් ජාතීන්ගේ මහා ලේඛම් ධූරය දැරූ පුද්ගලයායි. ඔහු එහි හත් වන මහ ලේඛම් වරයායි. අප්රිකා මහද්වීපයෙන් මෙම තනතුරට පත් වූ දෙවන පුද්ගලයා ලෙසත්, සහරා කාන්තාරයට දකුණු දෙසින් පිහිටි රටකින් මෙම තනතුරට පත් වූ ප්‍රථම පුද්ගලයා ලෙසත් ඔහු විරුදාවලිය ලබයි. 2018 අගෝස්තු 18 වෙනිදා ඔහු මෙලොවින් සමු ගත්තේය.

2 Stephen Hawking

Stephen Hawking ඉතා දක්ෂ භෞතික විද්‍යාඥයකු විය. ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු අවුරුදු 21දී දරුණු ස්නායු රෝගයකට ගොදුරු වූවත්, ඔහුගේ දස්කම් වල අඩුවක් නොවීමය. 2018 මාර්තු 14 වෙනිදා ඔහු මෙලොවින් සමු ගත්තේය.

3 George H. W. Bush

George H. W. Bush ඇමරිකාවේ 41 වන ජනාධිපතිවරයා විය. ඔහු 1989 සිට 1993 කාලය තුල ඇමරිකාවේ ජනාධිපතිධුරය දරණ ලදී. 2018 නොවැම්බර් 30 වෙනිදා ඔහු මෙලොවින් සමු ගත්තේය.

4 Winnie Mandela

Winnie Mandela නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳයි. මේ යුවල දකුණු අප්‍රිකාවේ වර්ණවාදයට විරුද්ධව සටන් කල යුවලකි. මේ හේතුවෙන් නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 30කට සිරගත වූ අතර, සැමියා නොමැතිව අවුරුදු 30ක් ජිවත් වීමට ඇයට සිදු වුණා. 2018 අප්‍රියෙල් දෙවෙනිදා ඇය මෙලොවින් සමු ගත්තාය.

5 Tom Wolfe

ඔහු ගොඩක් දක්ෂ ලේඛකයෙක් සහ ජනමාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළා. ඔහු මිය ගියේ අවුරුදු 88ක් ආයු වැළඳීමෙන් අනතුරුවය.

6 Bernardo Bertolucci

Bernardo Bertolucci ඔස්කාර් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂකවරයෙකි. 2018 නොවැම්බර් 26 වෙනිදා ඔහු මෙලොවින් සමු ගත්තේය.

7 Sridevi

Sridevi භාරත සිනමාවේ ජනප්‍රියතම නිළියකි. 2018 පෙබරවාරි 24 වෙනිදා ඇය මෙලොවින් සමු ගත්තාය.

SHARE