පි හැම දෙනාම වගේ සුරතලුන් ඇති කරනවා. ඒත් සුරතලුන් ඇති නොකරන පිරිසකුත් ඉන්නවා. කෙසේ වෙතත් සුරතලෙකු ඇති කිරීම කියන්නේ මිනිසාට ගොඩක් ප්‍රයෝජන අත් කර දෙන දෙයක්. සුරතලෙකු ඇති කිරීම නිසා මානසික සෞඛ්‍යය වගේම ශාරීරික සෞඛ්‍යයත් ඉහල යනවා. අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා කතා කරන්නේ සුරතලෙකු ඇති කිරීමෙන් අත් වන ප්‍රයෝජන පිළිබඳවයි.


fb-like-beg


1 ප්‍රතික්ෂේප වීමේ වේදනාව නැති කර දීම

ප්‍රතික්ෂේප වීම මනුෂ්‍යයෙකුගේ හැඟීම් වලට බෙහෙවින් රිදවනවා. තමන්ගේ සහකරුගෙන්, මිතුරන්ගෙන් සහ සමාජයෙන් ප්‍රතික්ෂේප වන්නන් ඒ වේදනාව නිසාම දැඩි මානසික ආතතීන් වලට ලක් වෙන අවස්ථා පවා තිබෙනවා. නමුත්, ප්‍රතික්ෂේප වූ අයෙකු සුරතලෙකුගේ ආශ්‍රයට වැටුනොත්, ඔහුගේ ප්‍රතික්ෂේප වීමේ වේදනාව නොසිතු විරූ ලෙස පහව යන බව සනාථ වී තිබෙනවා.

2 මිනිසාගේ තනිකම නැති කර දමනවා

මිනිසුන් තනි වී සිටීම ඔවුන් කෙරෙහි විවිධ සෘණාත්මක බලපෑම් ඇති කරවනවා. ඇල්මයිසර් රෝගය, හදවත් රෝග සහ මානසික ගැටළු වැනි දෑ ඇති වීමේ අවදානමක් පවතිනවා. නමුත් තනිව සිටින්නෙකු සුරතලෙකු ඇති කිරීමෙන් ඔවුන්ට සමාජය හා ගනුදෙනු කරනවා හා සමාන ප්‍රතිඵල අත් වෙනවා. වයස්ගත පුද්ගලයන්ට සුරතල් සතුන් ඇසුරු කිරීමට අවස්තාව ලබා දීමෙන් ඔවුන් පීඩා විඳින තනිකම පිලිබඳ ගැටළු විසඳාලිය හැකියි.

3 මානසික ආතතියට එරෙහිව ක්‍රියා කරනවා

ස්වීඩනයේ කාන්තාවන් යොදා කල පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ඔවුන් බලූ සුරතලෙකු සුරතල් කර විනාඩි 15 – 30ත් අතර කාලයක් තුලදී ඔවුන්ගේ Cortisol හෝර්මෝනය (ආතති හොර්මෝනයකි) පහත වැටුණු බවයි. බලු සුරතලෙකු ඇසුරු කිරීමෙන් සතුටු හොර්මොනයක් වන Oxytocin හෝර්මෝනය ඉහල යන බවත්, සනාථ වී තිබෙනවා.

4 සුරතලුන් ඔබේ හදවත රකිනවා

Journal of Vascular සහ Interventional Neurology වාර්තා කරන ආකාරයට පූස් සුරතලෙකු ඇති කිරීමෙන් ඔබට හදවත් රෝග වැළඳීමෙන් මිය යෑමේ අවදානම අඩු කෙරෙනවා. පූස් සුරතලුන්ට මිනිසාගේ මානසික ආතතිය නැති කර, මනස සැහැල්ලු කිරීමටත් හැකියාවක් තිබෙනවා.

5 ඔබේ මතක ශක්තිය ආරක්ෂා කර දෙනවා

මිනිසෙකුගේ මතක ශක්තිය දුර්වල වීමට විවිධ හේතු බලපානවා. වයස්ගත වීම, මානසික ආතතියට ලක් වීම වැනි හේතු නිසා ඕනෑම අයෙකුගේ මතක ශක්තිය දුර්වල විය හැකියි. නමුත් ඔබ සුරතලෙකු ඇසුරු කරනවා නම්, ඔබේ මතක ශක්තිය ආරක්ෂා වෙනවා.

6 ශාරීරික වේදනාව අඩු කරවනවා

ඔබ අසනීපයෙන් සිටින විට, ශාරීරික අපහසුතා වලින් පෙලෙන විට සුරතලෙකු සමඟ කාලය ගත කරන්නේ නම් ඔබේ අපහසුතා තුරන් වී යනවා. ඔබේ ශරීරය තුල වැඩි වෙන යහපත් හෝමෝන වල බලපෑම නිසයි ඔබේ ශාරීරික වේදනාවන් අඩු වී යන්නේ.

7 දරුවාට අසාත්මිකතා ඇති වීමේ අවදානම අඩු කෙරෙනවා

කුඩා කල සිට සුරතල් සතුන් ඇසුරු කරන දරුවෙක් වැඩිහිටිවියට පත් වූ පසු සතුන් නිසා අසාත්මිකතාවයන්ට ගොදුරු වන්නේ නැහැ. කුඩා කලදී සුරතල් සතෙකු ඇති දැඩි කළ දරුවන්, කුඩා කලදී සුරතල් සතෙකු ඇති දැඩි නොකල දරුවන්ට සාපේක්ෂව අසාත්මිකතා වලට ගොදුරු වීමේ ප්‍රමාණය අඩු බව කියවෙනවා.

8 ළමා දියවැඩියාව වළකනවා

අවුරුදු 9ත් 19ත් අතර දරුවෙකු නිතර සුරතල් සතෙකු ඇසුරු කරනවා නම්, එම දරුවාට ළමා දියවැඩියාව වැළඳෙන්නට ඇති අවදානම අඩු වන බව පැවසෙනවා. දරුවන් සුරතලුන් රැක ගැනීම සඳහා ක්‍රියාකාරී වන විට, වගකීම් සහගත හැඟීම් ඇති වූ විට පලවෙනි මට්ටමේ දියවැඩියා රෝගය ඇති වීමේ අවදානම පහව යන බව කියවෙනවා.

9 පිළිකා රෝගය මුල් අවධියේම හඳුනා ගන්නවා  

ඔබ පිළිකා රෝගයකට ගොදුරු වන්නට යන්නේ නම්, ඔබට කලින් එය ඔබේ බලු සුරතලාට හැඟෙනවා.  British Medical Journal සඟරාවට අනුව ඉව ඇල්ලීමෙන් බලු සුරතලුන්ට එය වටහා ගත හැකියි. පිළිකා සෛල වලින් ශ්‍රාවය කෙරෙන රසායනිකයන් වහා හඳුනා ගැනීමේ සංවේදීතාවයක් ඔවුන්ට තිබෙනවා. එය ආරම්භක අවදියේදීම ඔවුන් හඳුනා ගන්නවා.

 

   

SHARE