පරාධකරුවෙකු දකින දකින හැමෝටම කරදර කරන්න යන්නේ නැහැ. ඔවුන් යමෙක්ව ගොදුරු කර ගැනීමට කලින් හොඳට ඔහුව හෝ ඇයව හොඳින් නිරීක්ෂණය කරනවා. අනෙකාගේ දේහ ලක්ෂණ, හැසිරීම් රටාව ආදී හැම දෙයක්ම නිරීක්ෂණය කර ඔහුව/ ඇයව ගොදුරු කර ගැනීමට පහසු පුද්ගලයෙක්දැයි තීරණය කර ගන්න අපරාධකාරයන්ට පුළුවන්. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.


fb-like-beg


1 කලබල ස්වභාවය

යම් පුද්ගලයෙකු වෙලාව බලමින්, මහා කලබලයකින් වගේ ඇවිදිනවා නම් අපරාධකරුට තේරුම් යනවා අදාළ පුද්ගලයාව ගොදුරු කර ගන්න පහසුයි කියලා. ඒ කුමක් හෝ දෙයක් නිසා කලබලයෙන් සිටින පුද්ගලයෙකුගේ මනස නිරවුල් නැති බවත්, ඒ පුද්ගලයා අවට පරිසරය ගැන හරි කල්පනාවක් නොමැති බවත් අපරාධකරුවාට දැනෙන බැවිනි.

 

2 පියවර අතර දුර

ඇවිදින විට සාමාන්‍යයෙන් අඩු දුරක් ඇතිව පියවර තබන්නෙකු වෙත අපරාධකරුවෙකු ලඟා වෙන්නට බය වෙන්නේ නැහැ. එයට හේතුව තමයි ඇවිදිද්දී අඩු දුරක් ඇතිව පියවර තබන්නේ පාදයේ යම් රෝගී තත්වයක් තිබෙන පුද්ගලයෙකු බව ඔවුන් උපකල්පනය කිරීමයි. කුමක් හෝ ගැටළුවක් නිසා මේ පුද්ගලයන් වැඩියෙන් අවධානය යොමු කරන්නේ තමන්ගේ ඇවිදීම වෙතයි. පරිස්සමින් ඇවිදින්නට උත්සාහ කරනවා විනා අවට පරිසරය වෙත මොවුන්ගේ අවධානය යොමු නොවන බව සුක්ෂම අපරාධකරුවෙකුට ඉක්මනින්ම හැඟෙනවා.

 

3 අජීවී පෙනුම

මොනවා හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කරමින් ඉන්න කෙනෙක්ව, අධික මහන්සිය නිසා අජීවී ලෙස ඉන්න කෙනෙක්ව ඉක්මනින්ම අපරාධකරුවෙකුගේ අවධානයට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඔවුන් තුල තමාට කරදර කරන්නට එන පුද්ගලයෙක්ට පෙරළා පහර දීමට තරම් ශක්තියක් නැති බව ඔවුන්ගේ මුහුණුවර මනාව පිළිබිඹු කරවනවා.

 

4 කුදු වී ඇවිදීම

කොන්ද කෙලින් තබාගෙන ඇවිදින්නෙකුට සාපේක්ෂව කොන්ද නවාගෙන, කුදු වී ඇවිදින්නෙකුට අපරාධකරුවෙකු බය නැතුව ලඟා වෙනවා. කුදු වෙලා ඇවිදින්නෙකු ස්වභාවයෙන්ම මඳක් ලැජ්ජාශීලි සහ බියගුළු පුද්ගලයන් වෙනවා. ඉතින් ඔවුන්ව පහසුවෙන්ම බය කර ගැනීමට සහ අවනත කර ගැනීමට හැකි බව අපරාධකරුවෙකු විශ්වාස කරනවා.

 

5 නිදහස් නැති දෑත්

අත් දෙකේ බෑග් පිරිලා නම්, නිදහස් නැත්තම් ඔවුන් වෙත පහසුවෙන්ම අපරාධකරුවෙකු ලඟා වෙන්නට බලනවා. ඒ වගේම යමෙකු අත් දෙක සාක්කු වල බහා ගෙන ඇවිදිනවා නම් ඔවුන් වෙතත් අපරාධකරුවන් ලඟා වෙනවා. එවැනි පුද්ගලයෙකුගෙන් පර්ස් එකක් උදුරාගෙන දිව්වොත් ඔවුන්ට ඒ ක්ෂණයෙන් අපරාධකරුවා පසු පස හඹා යන්නට බැහැ. දෑත් නිදහස් කරගෙන අපරාධකරුවා පසුපස හඹා යන්නට උත්සාහ කරද්දී අපරාධකරුවාට පහසුවෙන්ම පළා යන්න හැකියාව තියෙනවා.

 

6 හෙඩ් ෆෝන්

හෙඩ් ෆෝන් එකක් භාවිතා කර කර පාරේ යන කෙනෙක්ට අවට පරිසරයේ ඇති ශබ්ද ඇහෙන්නේ නැහැ. අපරාධකරුවෙක් ඔවුන් පසුපසින් එනවා නම් ඔවුන්ට එය දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ අය පසුපසින් ඇවිත් ඔවුන්ව ගොදුරු කර ගන්නට අපරාධකරුවන් පෙළඹෙනවා.

 

7 අපරාධකරුවා දෙස නොබැලීම 

අපරාධකරුවා පැමිණෙන්නේ ඔබේ ඉදිරියට නම්, ඔබ ඔහු දෙස කෙලින් නොබලා වෙන කල්පනාවකින් ඇවිද යන්නේ නම් ඔහු ඔබට අනතුරක් කිරීමට වැඩි අවදානමක් තිබෙනවා. ඔබ ඔබ ඉදිරියට එන පුද්ගලයන්ගේ දෑස් දෙස සෘජුව බලන්නේ නම් ඔවුන් ඔබට අනතුරක් කිරීමට පසුබට වෙනවා.

SHARE