රුවාව පාසැලට ඇතුලු වෙන දවස වෙන තුරු ඕනෑම අම්මා කෙනෙකු සිහින දකිනවා. සාර්ථකත්වයට යන පඩිපෙළේ පළමු පඩිය පාසලට ඇතුළු වීම නිසාම, දරුවා එම පඩිය නඟින තුරු ඔබ ආසාවෙන් බලා ඉන්නවා ඇති. හැබැයි දරුවට නම් මෙය අලුත්ම අත්දැකීමක්. නිවසේ සාමාජිකයන් අතරේ ගෙවූ පෞද්ගලික ජිවිතයෙන් සමාජයට මඳක් විවෘත වෙන්න දරුවා පොඩ්ඩක් බයයි. ඇත්තටම සමාජයට ටිකින් ටික නිරාවරණය වෙද්දී තමයි ප්‍රශ්න, ගැටළු වලට නිරාවරණය වෙන්නෙත්. ඉතින් ඔබේ දරුවාගේ පාසල් ජීවිතය ලස්සන කරන්නට අඩිතාලම ඔබ විසින් දැමිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබේ දරුවාට මේ දේවල් ටික කියා දෙන්න.

 


fb-like-beg


 

  • දරුවාගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය හැම දෙයකටම වඩා වැදගත් බව

දරුවාට පාසලේදී අසනීප ගතියක් දැනුනොත් ඉක්මනින්ම ගුරුතුමාට හෝ මිතුරෙකුට දන්වන මෙන් පවසන්න.

  • අනිත් දරුවන් එක්ක තමාව සැසඳීම නොකළ යුතු බව

දරුවාව පාසලට යැවීමේ අරමුණ දැනුම ලබා ගැනීම මිස, තරඟ කිරීම නොවන බව දරුවාට වටහා දෙන්න. දැනුම පසුපස දිව යන විට දිනුම ඉබේම ලැබෙන බව පවසන්න.

  • වෙනියා ගැන කරදර නොවිය යුතු බව

පංතියේ කී වෙනියාද යන්න ඔබට වැදගත් නැති බව පවසන්න. හොඳින් ලකුණු ගැනීමෙන් ඔබව සතුටු කල හැකි බව පවසන්න. පංතියේ පළමු වෙනියා වී අඩු ලකුණු ලබා ගැනීමෙන් ඵලක් නැති බව කියා දෙන්න.

  • නොතේරෙන දේ එවෙලේම අසා දැන ගත යුතු බව

අපැහැදිලි තැන් ගැන අහන්නට මැලි වූවොත් දැනුම නිසි පරිදි නොලැබෙන බව දරුවාට කියා දෙන්න. ප්‍රශ්න ඇසීම පසුවට කල් නොදමා, එවෙලේම අසා දැන ගන්නා මෙන් උපදෙස් දෙන්න. නැති නම් ඇති වෙන ගැටළු වෙනම කොලයක ලියාගෙන, පසුව විමසන මෙන් පවසන්න.

  • විභාගයට බිය නොවිය යුතු බව

විභාගයට මුල සිට ලැස්ති වූ පසු බිය වන්නට දෙයක් නොමැති බව දරුවාට පවසන්න. අනවශ්‍ය බියක් හිතට ගත්තොත් ලකුණු අඩු වීමේ සම්භාවිතාය වැඩි බව දරුවාට කියා දෙන්න.

  • ගුරුවරයාත් මනුෂ්‍යයෙක් බව කියා දෙන්න

ගුරුවරයාට අසනීප මොහොතවල්, මහන්සි දැනෙන මොහොතවල් තිබිය හැකි බව දරුවාට කියා දෙන්න. ඒ වගේම ගුරුවරයාටත් වැරදීම් සිදු විය හැකි බව කියා දෙන්න. ඒ නිසා ගුරුවරයාට අගෞරව නොකර ගෞරව කරන හැටි කියා දෙන්න.

  • අනෙක් දරුවන්ට කරදර නොකර මෙන් උපදෙස් දෙන්න

පාසල් තුලදී දරුවන් කිහිප දෙනෙකු එක පැත්තක් ගෙන තවත් දරුවෙකුව තනි කරගෙන කරදර කිරීම, සමච්චලයට ලක් කිරීම, බියට පත් කිරීම වැනි දෑ කිසිම මොහොතක නොකරන මෙන් දරුවාට උපදෙස් දෙන්න. එවැනි සිදුවීමක් දුටු විට වැඩිහිටියන් දැනුවත් කරන මෙන් පවසන්න.

  • නීති වලට අනුගත විය යුතු බව

පාසලේ ඇති නීති රීති පිළිපැද්දොත් කිසිම ගුරුවරයෙක් දරුවාට දඬුවම් කරන්නට එන්නේ නැති බව පවසන්න. ක්‍රීඩා කල යුත්තේ විවේක කාලයේදී බවත්, ඉගෙන ගත යුතු මොහොතේ ක්‍රීඩා නොකරන ලෙසත් පවසන්න. වැසිකිලියට යාමට අවශ්‍ය නම් ගුරුවරයාගෙන් අවසර ගත යුතු බව පවසන්න. නීති අනුගමනය කරද්දීත් ගුරුවරයා දරුවාට නපුරු ලෙස හැසිරෙනවා නම් ඔබව දැනුවත් කරන මෙන් පවසන්න.

  • පංතියේ සෙසු මිතුරන් සමඟ ගනුදෙනු කල යුතු ආකාරය

මිතුරන් සමඟ හොඳ සබඳකමක් ඇති කර ගන්න හැටි දරුවාට කියා දෙන්න. ඇති වන පුංචි පුංචි ගැටළු පැමිණිලි නොකර මිතුරන් සමඟ යහපත් ලෙසින් විසඳා ගන්නා මෙන් පවසන්න. නමුත් මිතුරන් අනවශ්‍ය ලෙස තමාට කරදර කරන්නට එනවා නම් වැඩිහිටියෙකුට පැමිණිලි කරන මෙන් පවසන්න.

  • දැනුම ලබා ගත හැකි එකම තැන පාසල පමණක් නොවන බව

පාසලේදී කියා දුන් ඇතැම් දේවල් නොතේරෙන විට ඔබෙන් ඒවා අසන්නට දරුවාව උනන්දු කරවන්න. දරුවාට විෂයට අදාළ පොත් පත් ඔබ ලබා දෙන බවත්, වැඩිහිටි වෙනත් සිසුන් හෝ ගුරුවරුන් ලවා අවශ්‍ය දැනුම දරුවාට ලබා දෙන්නට ඔබ කටයුතු කරන බවත් පවසන්න.

SHARE