බ මීට පෙරත් බාබා වංගාගේ අනාවැකි ගැන අහලා ඇති. ඇය මේ වන විට ජිවතුන් අතර නැහැ. ඇය මෙලොවින් සමු ගන්නේ 1996 වසරේදීයි. නමුත් ඇය කියපු අනාවැකි නම් අදටත් වලංගුයි.

 


fb-like-beg


 

කවුද මේ බාබා වංගා

ඇය උපත ලබන්නේ 1911 වසරේදීයි. ඇය කුඩා කාලයේදී සාමාන්‍ය දැරියක්. ඇයට තිබුනේ දුඹුරු පාට ලස්සන ඇස් දෙකක්. ඇය කුඩා කාලයේදීම ඇගේ අම්මා මිය යනවා. ඊට පස්සේ පියා තවත් විවාහයක් කර ගන්නවා. මේ අතරේදී තමයි ඇගේ ජීවිතය වෙනස් කරවන දරුණු සිදුවීමක් වෙන්නේ. ඇති වන වැලි කුණාටුවක් නිසා බාබාගේ දෙනෙත් අන්ධ වී යනවා. නමුත් ඇයට අනාවැකි කීමේ හැකියාව ලැබෙන්නේ මේ අන්ධ භාවයට පත් වීමත් සමඟය.
ඇයට අනාවැකි පැවසීමේ හැකියාව, ස්පර්ශ කිරීම මඟින් සුව කිරීමේ හැකියාව ලැබෙනවා. ඇය මිය යන්නට පෙර 51 වන ශතවර්ෂය දක්වා ඇය විසින් අනාවැකි පල කරනවා. ඇගේ විශ්වාසයට අනුව ලෝක විනාශය සිදු වන්නේ 51 වෙනි ශතවර්ශයෙදීයි.
2018 වර්ෂය සඳහා ඇය අනාවැකි පවසා තිබුනා. ඒ ලෝකය තුල සිදු වන ප්‍රධාන වෙනස්කමක්  පිළිබඳවයි.
2018 වසර තුලදී චීනය ලෝක බලවතා ලෙස ඉදිරියට පැමිණෙන බවත්, ඇමරිකාවට ලෝකය තුල ඇති ප්‍රධාන ස්ථානය ගිලිහි යන බවත්ය.
2019 වසර සඳහා බාබා ගංගා පල කල අනාවැකි
  • – 2019 වසරේදී මහා භුමි කම්පාවන් සිදු වීමට නියමිතයි. සුනාමියක් ආසියාවේ භුමි ප්‍රදේශ රැසක් අතුගා දැමීමට නියමිතයි. ඒ අතරට පකිස්තානය, ඉන්දියාව, චීනයේ සමහර කොටස්, ජපානය, ඉන්දුනීසියාව සහ ඇලස්කාවේ සමහර කොටස් සේදී යාමට නියමිතය.  
  • – යුරෝපියානු ආර්ථිකය බිඳ වැටීමට නියමිතය. දැවැන්ත උල්කාපාතයක් කඩා වැටීමෙන් රුසියාවට හානි සිදු වීමට නියමිතයි.
  • – රුසියානු ජනපති පුටින්ව ඝාතනය කරන්නට උත්සාහ කරන අතර, ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට හඳුනාගත නොහැකි අබිරහස් රෝගයක් වැළඳීමට නියමිතය. ට්‍රම්ප්ගේ අසනීපය බොහෝ දුරට මතකය අහිමි වීම සම්බන්ධ රෝගයක් විය හැකිය.
SHARE