ජීවිතය වේගවත්ව ගලාගෙන යන විට ඔබට ජිවිතයේ විවිධ කාරනා අතපසු වෙනවා. ඔබ ඒ පිළිබඳව වැඩි දුර නොසිතුවත්, පසුකාලීනව ඒ දේවල් මඟ හැරී යාම පිළිබඳව ඔබට පසුතැවිල්ලක් ඇති වීමේ අවදානමක් පවතිනවා. සාමාන්‍යයන් මිනිස්සු වයසට ගියාට පස්සේ පසුතැවෙන කාරනා ගැන දැනුවත් වෙලා ඉන්න එක තරුණ වයසේ සිටින හැම කෙනෙක්ටම හොඳයි. එතකොට ඔබට පුළුවන් ඔබේ වයස්ගත සමය සතුටින් ගත කිරීම වෙනුවෙන් කල යුතු දෑ අදම කිරීමට පටන් ගන්න.


fb-like-beg


5 ආශා වන දේවල් සිදු නොකිරීම පිළිබඳව

බොහෝ දෙනෙකු තුල දක්නට ලැබෙන ගැටළුවක් තමයි තමන් ආශා කරන දේවල් සිදු කිරීම සහ අත් පත් කර ගැනීම පසුව කිරීමට කල් දැමීම. අන් අය වෙනුවෙන්, මුදල් නාස්ති කිරීමට ඇති අකමැත්ත නිසාවෙන් තමන් කැමති දේවල් ඉෂ්ඨ කර නොගැනීමත් පසු කාලීනව ඇති විය හැකි පසුතැවිල්ලක්. ඔබ ඉගෙන ගැනීමට, රැකියාවක් කිරීමට කැමති නම් එය සිදු කරන්න. ඔබට යම් ස්ථානයක් නැරඹීමට යාමට අවශ්‍ය නම් යන්න. ඒවා කල් දැමීමෙන් ඉතිරි වන්නේ පසුතැවිල්ලක් පමණයි. ඔබ ආශා දේවල් කිරීමේ වැඩි ශක්තියක් ඔබට හිමි වන්නේ තරුණ වයසේදී බව මතක තබා ගන්න.

6 රාජකාරි නිසා මිතුරු ඇසුර සීමා කර දැමීම ගැන

මිතුරු ඇසුර ජිවිතයේ තනිකම මකාලන, ජිවිතයට සතුටක් ගෙන එන අපූරු දෙයක්. මිතුරන් හමු වීමට අවස්තාව ලැබෙන සාද, විනෝද චාරිකා, මිතුරු හමු වැනි අවස්ථා මඟ හැර අනෙකුත් වැඩ රාජකාරි වෙනුවෙන් මහන්සි වීම නිසා ඔබට දැනට සිටින මිතුරනුත් නැති වී යනවා. වයස්ගත වියේදී ඇති වන මානසික ආතතිය දුරු කර ගැනීමට සමකාලීන මිතුරන් සිටීම ගොඩක් වැදගත් වෙනවා. මේ නිසා තරුණ වියේදී පවතින මිතුදම් ආරක්ෂා කර ගැනීමටත්, නව මිතුදම් ඇති කර ගැනීමටත් මඳක් වෙහෙසෙන්න.

7 නව දේවල් ඉගෙන නොගැනීම පිළිබඳව

ඔබ අධ්‍යාපනය ලැබූ ප්‍රමාණය ඇති යැයි ඔබට සිතෙනවාද? ඔබ ඉගෙන ගත් දෙය හැර වෙනත් අංශයක් ගැන ඉගෙන ගැනීමට ඔබ මැලි වෙනවාද? ජිවිතයේ සෑම අවස්තාවකදීම අලුත් දෙයක් ඉගෙන ගැනීමට මහන්සි වන්න. එය කවදා හෝ ඔබට ප්‍රයෝජනයට ගත හැකි අවස්තාවක් එන බව නොඅනුමානයි. හදිසියේ එවැනි අවශ්‍යතාවයක් පැන නැඟුණු විට ඔබ ඒවා ඉගෙන නොගත් බව සිහි කරමින් පසුතැවෙන්නට අවස්තාවක් ඇති කර නොගන්න.

උදා: ඔබ ඉංජිනේරු උපාධියක් ලබා ඇත. ඔබට විදේශීය භාෂාවන් ගැන හැදෑරීමට අවස්තාවක් ලැබුනත්, විදේශීය භාෂා ඔබේ ඉංජිනේරු උපාධියේ සහ රැකියාවේ ස්වභාවයට නොගැලපෙන නිසා ඔබ එය මඟ හරි. ඔබේ මැදි වියේදී විදේශ භාෂා පිලිබඳ දැනුමක් ඇති ඉංජිනේරු උපාධියක් ඇති අයෙකු සඳහා ඉහල වැටුපක් සහිතව රැකියා අබැර්තුවක් ඇති වේ. ඔබට ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන ඉහල දැනුමක් සහ පළපුරුද්දක් තිබුනත්, විදේශීය භාෂා පිළිබඳව ඇති නොහැකියාව නිසා එම අවස්තාව ඔබෙන් ගිලිහි යයි.  

8 තමා අකමැති රැකියාවක නියැලීම පිළිබඳව

තමා කැමති ආකාරයේ රැකියාවක් යමෙකුට ලැබෙන්නේ කලාතුරකින්. බොහෝ දෙනෙකුට ලැබෙන්නේ තමාගේ සිහින රැකියාවට වඩා වෙනස් වූ රැකියාවන්. අකමැති වුවත් එම රැකියාවෙන් ලැබෙන වැටුප, පවුල් බර, දෙමව්පියන්ගේ බලපෑම, සමාජයේ පිළිගැනීම වැනි හේතුන් මත බොහෝ දෙනෙක් එම රැකියාවේම නිරත වෙනවා මිස, තමන් කැමති ආකාරයේ රැකියාවකට මාරු වන්නේ නැහැ. තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමට ආශා වුවත් අවදානමට ඇති බිය නිසා තමන් අකමැති රැකියාවේ දිගින් දිගටම නිරත වන පුද්ගලයන් සිටිනවා. තමන් අකමැති ස්ථානයක දිගින් දිගටම වැඩ කිරීම මානසික වෙහෙසක්. බොහෝ විට මේ පුද්ගලයන් වයස්ගත වූ පසු එය ගැන පසුතැවිලි වෙනවා.


9 සිහින මැවීමට වැඩි කාලයක් මිඩංගු කිරීම පිළිබඳව

තරුණ විය ගත කරන බොහෝ දෙනෙක් සිදු කරන දෙයක් තමයි සිහින මැවීම. සිහින මැවීම හොඳ වන්නේ ඔබ ඒවා ඉටු කර ගැනීමට කාලය වෙන් කරනවා නම් විතරයි. නමුත් සමහරුන් පුරුදු වී සිටින්නේ මනසින් සිහින ලෝක වල සැරිසරන්නටයි. තමන්ගේ සිහින ඉටු කර ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් අවධානය යොමු කරන්නේ නැහැ. අවසානයේ ඔවුන් මහලු වියට පා තබන්නේ ඉටු කර නොගත් සිහින රැසක් තුරුළු කරගෙනමයි.

         

SHARE