ගොඩක් දෙනෙක් නඟන මැසිවිල්ලක් තමයි සාමාන්‍ය ජංගම දුරකතනයකට සාපේක්ෂව ස්මාර්ට් ෆෝන් එකක බැටරිය ඉක්මනින්ම වැය වන බව. මේ ගැන හොයලා බලනකොට අපි දැනගත්තා ඔබ නොසිතන කරුණු කීපයක් මෙයට බලපෑ හැකි බව. ස්මාර්ට් ෆෝන් එකක බැටරිය ආරක්ෂා කර ගන්න නම් ඔබ මේ වන විටත් ඔබේ ෆෝන් එක භාවිතා කරමින් සිදු කරන ඇතැම් කාර්යයන් මඳකට කැප කරන්නට සිදු වේවි.


fb-like-beg


1 සිග්නල් නැති කම

ඔබ ඉන්න ප්‍රදේශයට සිග්නල් අඩුයි නම්, ඔබේ දුරකතනයේ බැටරිය ඉක්මනින්ම බහින්න පුළුවන්. දුරකථනය හැම විටම උත්සාහ කරන්නේ ඔබට ආසන්න දුරකථන කුලුන හා සම්බන්ධතාවය අරගෙන දෙන්නයි. මේ සඳහා දරණ උත්සාහය වැඩි වන තරමට බැටරිය අඩු වෙනවා. මේ සඳහා ඔබට කල හැකි දේවල් දෙකක් තිබෙනවා. ඔබ ජිවත් වන ප්‍රදේශයට හොඳින් ඇති සිග්නල් වර්ගය අනුව ඔබේ සිම් පත තෝරා ගන්න. ඔබ කොහේ හෝ යන විට සිග්නල් නැති බව පෙන්නුම් කරනවා නම්, දුරකථනය මඳ වෙලාවකට විසන්ධි කර තබන්න.

2 ඔබේ ඇප්ස් වලින් නිතරම ඇලර්ට් ලැබීම

සමහර ඇප්ස් වලින් නිතර නිතර ඔබ වෙත නිවේදන ලැබෙනවා. යමෙකු ඔබේ පෝස්ට් එකකට ලයික් දැම්මත්, ඔබට මෙසේජ් එකක් ආවත් එය ඔබට ඇලර්ට් මඟින් දනවනවා. මේ නිතර ලැබෙන නිවේදන නිසාත් දුරකතනයේ බැටරිය බහිනවා. විසඳුම ලෙසින් ඔබට පුළුවන් මේ ඇලර්ට් ලැබීම අවහිර කර දමන්න.

3 ඔබේ දුරකථනය පරණ මොඩලයේ එකක් වීම

නව සොයා ගැනීම් සමඟ අලුත් තාක්ෂනය යොදමින් නිපදවන නව ජංගම දුරකථන වලට සාපේක්ෂව පරණ මොඩලයේ ජංගම දුරකථන වල බැටරිය බහින්නේ වැඩි වේගයකිනුයි. පරණ මොඩලයට අයත් සමහර ස්මාර්ට් ෆෝන් වල බැටරිය මාරු කරන්නත් බැහැ. මෙය නව දුරකතනයක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් පොළඹවන්නට දුරකථන සමාගම් මඟින් සිදු කෙරෙන උපායක් බවයි කියවෙන්නේ.

4 Bluetooth සහ GPS ක්‍රියා විරහිත නොකිරීම

ඔබ Bluetooth සහ GPS පහසුකම් වලින් නිතරම ප්‍රයෝජන ගන්නේ නැහැ. නමුත් ඔබ බොහෝ විට මෙම සේවාවන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරලයි තියන්නේ. ෆෝන් එකේ බැටරිය බහින්න එයත් බලපානවා.

5 ඔබ නිතරම දුරකථන ඇමතුම් ලබා ගැනීම

දුරකථන ඇමතුම් නිතරම ලබා ගැනීමේදී ඔබේ දුරකතනයේ බැටරිය වේගයෙන් පහල බහිනවා. නමුත් SMS යැවීමට හෝ ඊමේල් යැවීමට එතරම් බැටරි ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ. මේ නිසා ඔබට SMS හෝ ඊමේල් යැවීමට හැකියාව තිබෙනවා නම්, දුරකථන ඇමතුම් වෙනුවට එම සේවාවන් භාවිතා කරන්න.

6 නිතරම ජයාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීම

ඔබ කොහේ හෝ යන විට, ඔබේ නිවසට සුරතලෙකු ගෙන ආ විට ඔබට දකින සෑම මොහොතක්ම ජයාරූප ගත කිරීමට සහ වීඩියෝ කිරීමට සිතෙන බව නොඅනුමානයි. නමුත් ශබ්ද සහ පින්තූර පටිගත කර ගැනීමට යාමේදී ඔබේ දුරකතනයේ බැටරිය වේගයෙන් බැස යනවා. මේ නිසා ඔබ කොහේ හෝ යන විට කැමරාවක් ගෙන යාමට උත්සාහ කරන්න. දුරකථන බැටරිය හදිසි පණිවිඩයක් ලබා දීම සඳහා ඉතිරි කර ගනිමින්, ඔබට අවශ්‍ය ජායාරූප සහ වීඩියෝ දර්ශන කැමරාව හරහා ලබා ගන්න.

7 Map apps කීපයක් භාවිතා කිරීම

Map එකක් ඔබට යා යුතු ස්ථානය සහ සිටිනා ස්ථානය සොයා ගැනීමට උපකාර කරනවා. නමුත් ඒ සඳහා එක app එකක් හොඳටම ප්‍රමාණවත්. එනමුත් සමහරුන් පුරුදු වෙලා ඉන්නවා එකම කාර්යය කර ගැනීම සඳහා app කීපයක් භාගත කරලා තබා ගන්න. දුරකතනයේ බැටරිය බහින්න එයත් හේතු වෙනවා.

8 ඔබ සිටිනා පරිසරය පමණට වඩා උණුසුම් හෝ සීතල වීම

ඔබේ දුරකථනය තිබිය යුත්තේ සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේයි. පමණට වඩා උණුසුම් පරිසරයක තිබෙන විට එය බැටරි අඩු වීමට බලපානවා. ඒ වගේම පමණට වඩා සීතල පරිසරයක ඔබේ දුරකථනය තිබෙනවා නම්, ඔබේ දුරකතනයේ ක්‍රියාකාරිත්වය තරමක් අපහසු වෙනවා. විශේෂයෙන්ම සීතල අධික පරිසරයකදී ජායාරූප ලබා ගැනීම වැනි කටයුත්තකදී දුරකථන බැටරිය අඩු වී යනවා.

    

 

SHARE