වසම මහන්සියෙන් තෙරපිලා ඉන්න ඔබ බලන්නේ, දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා නිදා ගන්නේ කොයි වේලාවේද කියලා නේද?. නමුත් සාර්ථක පුද්ගලයෙකු වන්න හීන මවන ඔබට එහෙම ලේසියෙන් නිදාගන්න බෑ. ලෝකයේ සාර්ථකයැයි පිළිගැනෙන බොහොමයක් දෙනා ඔවුන්ගේ නින්දට පෙර සිදු කරන කාර්යයන් කිහිපයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔබත් සාර්ථකත්වයේ මෙම රහස අනුගමනය කර සාර්ථක පුද්ගලයෙක් බවට පත්වන්න.

fb-like-beg


01. හැමදාම නිදාගන්න යන්න එකම වෙලාවක් තියාගන්න,

අලුතෙන් උදාවෙන දවසේ කරන්න තියෙන වැඩ වලට නියමිත කාලය වෙන් කරගෙන ඔබ නිදාගන්න පැය ගණන විදිමත්ව තීරණය කරන්න. මේ විදිහට සැලසුම් කලාම නින්දේදී ඔබට තිබෙන වැඩත් එක්ක තර්ක කරන්න ඕනිත් නෑ. නැත්නම් ඔබට වෙන්නේ, රෑ එලි වෙනකන් ඊළග දවස ගැන හිත හිත ඉන්න එක තමයි.


02. එලාම් එක තියන්න අමතක කරන්න එපා.

ඔබ කලින් සැලසුම් කළ ආකාරයට, අවදි වීමට ඔබ තීරණය කල වෙලාව අනුව එලාම් එක තියන්න. ඔබ මෙය වරක් නොව, කිහිප වරක් නාද වීම සඳහා තැබීම අනිවාර්යයි. ඒවගේම තමයි ඔබ මේ තබන එලාම් එකට අනිවාර්යෙන් අවංක විය යුතුමයි. නින්දට ලෝබකමේ එහෙම තව ටිකකින් නැගිටිනවා කියල හිතාගෙන නිදා ගන්න එපා.


03. පොතක් කියවන්න.

මෙය ඉතාම හොඳ පුරුද්දක්. ඔබ නිදාගන්න සුදානම් වෙලා අදට ගිහින් පොතක් කියවන්න පුරුදු වෙන්න. දවසේ මහන්සි ගතිය, ඒ වගේම කාර්යබහුල ගතිය මෙය තුලින් නැති වී යාවි. ඒ වගේම තමයි ඔබගේ මනස මෙය තුලින් නිරවුල් වීමත් සිදු වෙනවා.


04. අලුත් දවස සැලසුම් කරන්න.

ඔබ නිදාගන්න සුදානම් වන මොහොතේදී කරන්න ඕනි තවත් එක දෙයක් තමයි ඔබගේ හෙට එළබෙන දවස සැලසුම් කිරීම. ඔබට අලුත් දවස සාර්ථකව ගෙවීම සඳහා මෙය ඉතාමත් පහසුවක් වේවි. මේ සදහා කුඩා දින පොතක්, එහෙමත් නැත්නම් නොර්ට් බුක් එකක් තියාගන්න. අලුත් දවසේ ඔබ කළ යුතුව පවතින සෑමදේම මෙහි එකින් එක ලියමින් සැලසුම් කරන්න.


05. ඔබගේ පවුලේ අයට පවසන්න.

ඔබ හෙට දවස ගත කරන සිටින ආකාරය පිලිබඳ නිවසේ අනෙක් පුද්ගලයන් දැනුවත් කිරීම ඉතාම වැදගත්. එවිට ඔබට පුළුවන් කිසිදු බාදාවකින් තොරවම හෙට දවස ගත කරන්න. පවුලේ අනෙක් සාමාජිකයන්ටත් පුළුවන් ඔබගේ දවසේ කටයුතු අනුව ඔවුන්ගේ දිනය සැලසුම් කරන්න. නැත්නම් පළමු පියවරේම දවස වැඩ අසාර්ථක වීමට ඉඩකඩ වැඩි.


06. දුරකථනය ක්‍රියා විරහිත කරන්න.

ඔබ නිදාගන්න සුදානම් වීමේදි සිදු කළ යුතු වැදගත්ම දෙයක් තමයි ඔබගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කිරීම. නැත්නම් රාත්‍රියේදී එන දුරකථන ඇමතුමවලට ප්‍රතිචාර දක්වන්න ගියාම ඔබට හොඳ නින්දක් ලබාගන්න අපහසු වේවි. ඒ වගේම දුරකථනය ක්‍රියා විරහිත කරලා, එය ඔබගේ නිදන ඇඳ ළඟ නම් තියාගන්න එපා. එය ඔබ ඔබට ගන්න බැරි ලෙස ඈතකින් තබන්න.


07. දවසේ වැඩ කටයුතු යලිත් මෙනෙහි කරන්න.

සාර්ථක පුද්ගලයෙක් වීමට නම් ඔබ නිම කරන්නට සැරසෙන දිනයේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ ආපසු හැරී බැලීම ඉතාමත් වැදගත්. මෙහිදී ඔබ හට සිදු කිරීමට අතපසු වූ සියලුම කාර්යයන් සඳහා නැවත දිනයක් වෙන් කිරිම සිදු කළ යුතුමයි.

SHARE