ෆේස්බුක්, twitter, instagram ‘ප්‍රොෆයිල් පික්ච’ එක ගැන ගෑණු පිරිමි භේදයක් නැතිව හැම කෙනාම උනන්දු වෙනවා. පර්යේෂකයන් පවසන ආකාරයට කෙනෙක්ගේ ‘ප්‍රොෆයිල් පික්ච’ එක දිහා බලල ඒ කෙනා ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්ලු.

මේ කතාව ඔප්පු කරන්න ඕන නිසා ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ පිරිසක් 60,000කගේ පමණ twitter ගිණුමේ ඡායාරූප පරීක්ෂා කර 429 දෙනෙකු පමණ සහභාගී කරගෙන පර්යේෂණයක් සිදු කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එහිදී හෙළිදරව් වුණ තොරතුරු කිහිපයක්.

fb-like-beg


ඔබ සෑමවිටම තනිව සිටින රූපයක් යොදාගන්නවා.

එයින් කියැවෙන්නේ ඔබ අවංක කෙනෙක් කියාලු. ඒ වගේම ඔබ ඉතාම සැලසුම් සහගතව ඔබේ වැඩ කටයුතු කරනවා. හොඳ ආත්ම විශ්වාසයකුත් ඔබ සතුයි. ක්‍රමවත්ව ජීවිතය ගෙවන්නයි ඔබ ආශා කරන්නේ.


කණ්ඩායමක් සමඟ සිටින රූපයක් යොදාගන්නවානම්

ඔබ හරිම සමාජශීලී පුද්ගලයෙක් බව එයින් කියවෙනවාලු.


වර්ණවත් රූපයක් යොදාගන්නවානම්

ඔබ නම් ප්‍රියමනාප පුද්ගලයෙක්. සෑම දෙයක් දිහාම ධනාත්මකව සිතන්නට උත්සාහ ගන්නා සහ සෑම කෙනෙක් සමඟම සුහදව සිටින්නට කැමති අයෙක් තමයි ඔබ.


කළු, සුදු රූප යොදාගන්නවානම්

ඔබ ඉතාම සංවේදී, හැඟුම්බර අයෙක්. සමහර වෙලාවට සෘණාත්මක සිතිවිලි සහිත අයෙක්.දුකින් සිටින වේලාවනුත් ඔබේ ජීවිතයේ බහුලයි.


කලාත්මක රූප යොදාගන්නවානම්

ඔබ හරිම විවෘත පුද්ගලයෙක්. සෑම විටම අලුත් අත්දැකීම් ලබන්න කැමති ක්‍රියාශීලී බවින් පරිපූර්ණ අයෙක්.

SHARE