මා

නව ඉතිහාසයේ සිදු වූ භයානකම, ශෝචනීයම සංග්‍රාමය ලෙස දෙවන ලෝක යුද්ධය හඳුන්වන්න පුළුවන්. ජර්මනිය, ජපානය සහ ඉතාලිය එක් පසකිනුත්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක් පසෙකිනුත් මුලිකත්වය ගෙන ඇරඹුණු මෙම මහා සංග්‍රාමය ගැන ඔබ බොහොමයක් තොරතුරු මේ වන විටත් දන්නවා ඇති. මේ කාලයේ සිදු වුනු සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිපදවුණු රසවත් චිත්‍රපට පෙළක් ඔබ වෙත ගෙන එන්න goodhousekeeping.lk වෙබ් අඩවිය අද තීරණය කළා.

 


fb-like-beg


 

1 The Chinese Widow (The Hidden Soldier – 2017)

දෙවන ලෝක යුද්ධ කාලයේදී ජපානයේ ටෝකියෝ නගරයට ගුවනින් බෝම්බ හෙලු බව ඔබ දන්නවා ඇති. ඉතින් මේ විදිහට ජපානයට බෝම්බ හෙලලා යන අතරේ එක් ගුවන් යානයක් කඩාගෙන වැටෙනවා. එය කඩාගෙන වැටෙන්නේ චීනයට. ඉතින් තුවාල ලැබූ ගුවන් නියමුවාව වැන්දඹු තරුණියක් හා ඇගේ කුඩා දියණිය විසින් ගලවා ගනු ලබනවා. මේ ගුවන් නියමුවාව හොයාගෙන ජපාන හමුදාව එද්දී ඔහුව බේරා ගන්නට චීන කාන්තාව සහ දැරිය කරනා කැපවීම මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා.

 

2 The Baader Meinhof Complex

දෙවන ලෝක යුද්ධය ඉවර වුනාට පස්සේ, තමන්ට සිදු වෙන අසාධාරණකම් වලට විරුද්ධ වෙන්න ශක්තියක් නැති මිනිසුන් වෙනුවෙන් සංවිධානයක් බිහි වෙනවා. මේ සංවිධානයේ නම තමයි Red Army Faction (RAF). නමුත් මෙය අවසන් වෙන්නේ ජයග්‍රහණයකින් නම් නෙවෙයි. උදාර අරමුණකින් ඇරඹුණු මේ සංවිධානයේ සාමාජිකයන් පාවා දීමකින් ඝාතනයට ලක් වෙනවා.

 

3 Max Manus: Man of War (2008)  

දෙවන ලෝක යුධ සමයේ ජර්මන් හමුදාව නෝර්වීජියාව යටත් කර ගන්නවා. එහිදී පුංචි සංවිධානයක් ගොඩ නගාගෙන නෝර්වීජියාව වෙනුවෙන් සටන් වදින තරුණයෙක් ගැනයි මේ කතාව කියවෙන්නේ. නෝර්වීජියාවේ ජාතික වීරයෙක් ලෙස මේ මැක්ස් මානුස්ව නම් කරලා තියෙනවා.

 

4 Tanki (2018)

දෙවන ලෝක යුද්ධයේදී රුසියාවට යුධ ටැංකි වල අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඉතින් යුධ ටැංකියක් නිර්මාණය කරලා, එය ගෙන එන ආකාරය තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ. මේ යුධ ටැංකිය නිර්මාණය කරපු සත්‍ය ඉංජිනේරුවන් දෙදෙනාව අගයමින් රුසියානු රජය ඔවුන්ට පදක්කම් ලබා දීම, ඔවුන් වෙනුවෙන් සමරු මුද්දර සහ කාඩ් නිර්මාණය කිරීම සිදු කරලාත් තියෙනවා.

 

5 Den 12. Mann (2017)

දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු ගුවන් පාලක කුළුණක් විනාශ කරන මෙහෙයුමකට සම්බන්ධ වූ ජාන් බාල්සෘඩ් නමැති සෙබළාගේ කතාව මෙහි සඳහන්. පාවා දීමක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සැලසුම අසාර්ථක වෙනවා. ඔහු ජර්මානු හමුදාවෙන් මිදී ස්වීඩනයට පලා එන කතා පුවත මේ චිත්‍රපටයේ සඳහන් වෙනවා.

      

SHARE