පුද්ගලයෙකුගේ ගැහැණු පිරිමි භාවය පදනම් කරගෙන විවිධ මිත්‍යා මත ගොඩ නැඟිලා තියෙනවා. සමාජයේ බොහෝ දෙනෙක් ඉවක් බවක් නොමැතිව මේ ගොඩ නැගී ඇති මිත්‍යා මත පිළිගෙන, ඒ අනුව ක්‍රියා කරනවා. මේ නිසාම බොහෝ දෙනෙක් පසු වන්නේ අසතුටෙන්. අකැමති දෑ කිරීමට සිදු වීමත්, කැමති දෑ නොකර සිටීමට සිදු වීමත් මේ අසතුටට හේතු වෙනවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk හරහා මේ මිත්‍යා මත පිළිබඳව ඔබව දැනුවත් කරන්න.


fb-like-beg


  1. ගැහැණු ළමයි සුන්දර සහ කරුණාවන්ත විය යුතු වුවත්, පිරිමි ළමුන් නිර්භීත සහ ශක්තිමත් විය යුතුය.

තමාගේ ගැහැණු පිරිමි භාවය අනුව හැසිරිය යුත්තේ කොහොමද කියලා පුංචි දරුවන්ට අවබෝධයක් මුලදී කොහොමටවත්ම නැහැ. නමුත් වැඩිහිටියන් විසින් ඔවුන් හැසිරිය යුතු ආකාරය තීරණය කර දෙනු ලබනවා. බෝනික්කෙකුට ආස පිරිමි දරුවෙකුට එය ලබා නොදී, බෝනික්කන්ට කැමති විය යුත්තේ ගැහැණු ළමුන් පමණක් බව දරුවාගේ සිතට කා වද්දවනවා. කඳුළු සලීම ලැජ්ජාවට හේතුවක් බව පිරිමි දරුවන්ට උගන්වන වැඩිහිටියන්, අසාධාරණය එරෙහි වී දබරයට යාම ලැජ්ජාවට හේතුවක් බව ගැහැණු දරුවන්ට උගන්වනවා. මනෝ විද්‍යාඥවරියක් වන Christia Spears Brownට අනුව ගැහැණු පිරිමි බේදයක් නැතිව සෑම දරුවෙකුම ක්‍රීඩා භාණ්ඩ වර්ග 3ක් භාවිතා කල යුතුය.

  • ප්‍රෙහේලිකා ක්‍රීඩා භාණ්ඩ – දරුවන්ගේ ඥානය වැඩීම සඳහා
  • බයිසිකල්, බෝල – ශාරීරික සවිමත් බව වැඩීම සඳහා
  • බෝනික්කන් ඇතුළු මෘදු ක්‍රීඩා භාණ්ඩ – දරුවන් තුල කරුණාවන්තකම, අනුන් ගැන සැලකිලිමත් වීම වැනි යහගුණ වැඩීම සඳහා
  1. කාන්තාව වෙනුවෙන් පිරිමි පක්ෂය ආහාර බිල්පත් ගෙවිය යුතුයි

ආදරවන්තයින් යුවලක් හෝටලයකින් ආහාර ලබා ගත් පසු එහි බිල ගෙවිය යුත්තේ පිරිමි පක්ෂය බවට මතයක් පවතිනවා. අතීතයේදී බොහෝ කාන්තාවන් රැකියාවක් නොකෙරූ නිසා මේ මතය ඇති වූවා වෙන්නට පුළුවන්. නමුත් මෙය අද කාලය සඳහා කෙතරම් ගැලපෙනවාද? කාන්තාවට සම්පුර්ණ බිල හෝ බිලෙන් අඩක් ගෙවීමට සිදු වුවොත්, පුරුෂයා ලැජ්ජාවට පත් විය යුතු කරුණක් බව සමාජයේ විශ්වාසයයි. වර්තමානයේදී බොහෝ කාන්තාවන් රැකියාවක නිරත වෙනවා. ආදරය කරන කාලය පුරාවටම පුරුෂ පක්ෂයට බිල් ගෙවීමට සිදු වීම අසාධාරණ වන අවස්ථා තිබිය හැකියි. කාන්තාවකට කරුණාවන්තව සැලකීමේදී ඇයට දොර විවෘත කර දීම, පෙම්වතියට මල් ලබා දීම, පිටතට රැගෙන යාම වැනි දෑ කිරීම සාමාන්‍ය වුවත් ඇය සඳහා බිල්පත් ගෙවීමට සිදු වීම නම් සුදුසු නැහැ. අනිත් කාරණය නම්, මේ පුරුද්ද නිසා කාන්තාව පුරුෂයා මත යැපීමේ ප්‍රමාණය වැඩි වන අතර එය ඇගේ ස්වාධීන බවටත් බාධා එල්ල කරනවා. මේ නිසා කාන්තා පුරුෂ දෙපක්ෂයම බිල්පත් ගෙවීම තමාට හැකි අයුරින් සහයෝගයෙන් බෙදා ගැනීමයි සුදුසු වන්නේ.

  1. පිරිමි පක්ෂයට පහසුවෙන්ම වෙනත් කාන්තාවන් ගැන රාග සිතිවිලි ඇති විය හැකි අතර, කාන්තාව එය තේරුම් ගත යුතුය

පිරිමියෙකු තම පෙම්වතිය හා සිටියදී තමා අසලින් යන වෙනත් කාන්තාවන් දෙස බැලීම සාමාන්‍ය සිදුවීමක් බව සමාජයේ මතය වී තිබෙනවා. බිරිඳක් අනියම් සම්බන්ධයක පැටලීම නොඉවසන සමාජය, සැමියෙකු අනියම් සම්බන්ධයක පැටලීම ඉවසන අවස්ථා තිබෙනවා. තම සැමියා විසින් සිදු කරන රැවටීම් පිලිබඳ වැඩිදුර නොසිතා, ඉවසීමෙන් සිටින්නට කාන්තාවන්ට පුරුදු කර තිබෙනවා.

  1. රැකියාවේ ඉහලට යාමට දක්ෂයින් වන්නේ පුරුෂ පක්ෂයයි

කාන්තාවන් තුල කෙතරම් දස්කම් තිබුනත් ආයතන තුල ඉහල තනතුරු වලට ගැලපෙන්නේ පුරුෂ පක්ෂය යැයි මතයක් පවතිනවා. වර්තමානයේදී මෙම මතය ප්‍රභලව ක්‍රියාකාරී නොවුවත්, සුළු සුළු වශයෙන් ක්‍රියාවට නැංවෙනු දැකිය හැකියි. ඇතැම් ආයතන තුල එකම කාර්යයේ නිරත වන කාන්තා සහ පිරිමි සේවකයන්ගේ වැටුප් වල පවා සුළු සුළු වෙනස්කම් පවතින අවස්ථා දකින්න පුළුවන්. උදාහරණ ලෙස වරක්  Jennifer Lawrence රංගන ශිල්පිනිය විසින් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයේ රංගන ශිල්පියාට ඇයට සාපේක්ෂව වැඩි ගෙවීමක් කල නිසා බෙහෙවින් කෝපයට පත් වූ බව පළ වී තිබෙනවා.

  1. පුරුෂ පක්ෂය කඳුළු සැලීම නුසුදුසුයි

කාන්තා පක්ෂයට වගේම පුරුෂ පක්ෂයටත් දුක, බිය සහ කෝපය ආදී හැඟීම් ඇති වෙනවා. නමුත් ඔවුන් බොහෝ විට පිට කරන්නේ කෝප සහගත හැඟීම් පමණක් බව හෙළි වී තිබෙනවා. තමාගේ හැඟීම් පිට කිරීම දුර්වල කමේ ලක්ෂණයක් ලෙස දැකීම ලොකු වරදක්. වේදනාව පිට නොකර සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඉක්මනින් මානසික ආතතීන්ට ගොදුරු විය හැකියි.

 

  

SHARE