සංගීතයට ප්‍රියමනාප ඕනෑම කෙනෙක් බටහිර ගීත අසන්නටත් ප්‍රියමනාපයි. ඉතින් ඒ බටහිර සංගීත ලෝලීන් වෙනුවෙනුයි අපි මේ ලිපිය ගෙන එන්නේ.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත අසන්නන්ගේ මනාපයෙන් තෝරාගෙන ඇති එදා මෙදා තුර නිර්මාණය වූ විශිෂ්ටතම බටහිර ගීත 25 ලෙස සැලකෙන ගීතයන් පිලිබඳ ඔබට මෙයින් දැනගත හැකිවේවි. මේවායේ ගායනය මෙන්ම රූප රචනා සහ පද මාලා ද මේවාගේ විශිෂ්ටත්වයට හේතූන් ලෙස දැක්විය හැකියි.

fb-like-beg


Bohemian Rhapsody

මෙම ලෝක ප්‍රකට Queens සංගීත කණ්ඩායම විසින් 1975 වසරේදී නිකුත් කරන ලද ඔවුන්ගේ ‘A Night at the Opera’ ගීත ඇල්බමයේ අඩංගු වූවක්. රචනා කරන ලද්දේ ෆ්‍රෙඩී මර්කරි විසිනුයි.


Like a Rolling Stone

බොබ් ඩිලන් විසින් ගායනා කරන මේ ගීතය ඔහුගේ හයවෙනි සංගීත ඇල්බමය වූ ‘Highway 61 Revisited’ ඇතුලත් වූවක්. නිකුත් වූවේ 1965 වසරේදීයි.


Hey Jude

සුප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායම විසින් නිකුත් කරන ‘Hey Jude’ නමින්ම වූ ගීත ඇල්බමයේ අඩංගුවන ගීතයක් තමයි මේ. නිකුත් වූවේ 1970 වසරේ වන අතර මෙය බීට්ල්ස් සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කෙරුණු ඉස්හිෂ්ටතම ගීත අතරින් එකක් ලෙස සැලකෙනවා.


Born To Run

බෲස් ස්ප්‍රින්ග්ස්ටීන් විසින් 1975 වසරේදී නිකුත් කෙරුණ ‘Born to Run’ ගීත ඇල්බමයේ මෙම ගීතය ඇතුලත් වුණා.


Stairway to Heaven

ලෙඩ් සැපෙලින් සංගීත කණ්ඩායම 1971 වසරේදී නිකුත් කල ඔවුන්ගේ සිව්වන ගීත ඇල්බමයේ මෙම ගීතය අඩංගු වෙනවා.


Hotel California

පද මාලාවේ අරුත තවමත් හරි හැටි වටහා ගැනීමට ලෝකය අසමත් වී ඇති මෙම ගීතය සුප්‍රකට ඊගල්ස් සංගීත කණ්ඩායම විසින් ගායනා කරනු ලබනවා. ගීතය නිකුත් වන්නේ 1971 වසරේදීයි.


Imagine

මෙය යුධ විරෝධී, ජාතිවාදයට එරෙහිව ගැයුණු ගීතයක්. නිකුත් වන්නේ 1971 වසරේදීයි.


Sympathy For the Devil

The Rolling Stones සංගීත කණ්ඩායම 1968 වසරේදී නිකුත් කරන ලද ‘Beggars Banquet’ ඇල්බමයේ තමයි මෙය අඩංගු වන්නේ. උපහාසාත්මක එහෙත් ගැඹුරු අරුතක් දෙන ගීතයක් ලෙස හැඳින්විය හැකියි.


November Rain

විවාහ දිවියට එළඹී ඇති අඳුරු සමයක් ගැන කියවෙන මෙම ගීතය සුප්‍රකට ‘Guns N’ Roses’ සංගීත කණ්ඩායම විසින් 1991 වසරේදී නිකුත් කළ ‘Use your Illsuion 1’ ඇල්බමයේ අඩංගු වූවක්.


More than a feeling

බොස්ටන් සංගීත කණ්ඩායම විසින් මෙම ගිඑඑථය නිකුත් කරනු ලැබුවේ 1976 වසරේදීයි.


Freebird

Lynyrd Skynyrd සංගීත කණ්ඩායම විසින් 1977 වසරේදී මේ ගීතය නිකුත් කරනු ලැබුවා.


Won’t Get Fooled Again

මෙම ගීතය අඩංගු වුණේ The Who සංගීත කණ්ඩායම විසින් 1971 වසරේ නිකුත් කළ “who’s Next’ ගීත ඇල්බමයෙයි.


Layla

Derek and The Dominos සංගීත කණ්ඩායම විසින් මෙම ගීතය මුල් වරට ගායනා කලේ 1970 වසරේදීයි.


A Day in the Life

බීට්ල්ස් සංගීත කණ්ඩායම විසින් මෙම ගීතය මුල්වරට ගායනා කලේ 1967 වසරේදීයි.


Piano Man

බිලී ජෝල් විසින් ගායනා කරන මෙම ගීතය නිකුත් වූවේ 1973 වසරේදීයි.


Let it be

බීට්ල්ස් සංගීත කණ්ඩායම විසින් මෙම ගීතය මුල්වරට ගායනා කළේ 1970 වසරේදීයි.


Good Vibrations

The Beach Boys සංගීත කණ්ඩායම විසින් 1967 වසරේ නිකුත් කළ ‘Smiley Smile’ ඇල්බමයේ මෙම ගීතය අඩංගු වුණා.


Crazy Train

මෙම ගීතය ඔසී ඔස්බෝන්ගේ 1980 වසරේ නිකුත් කළ ‘Blizzard of Ozz’ ගීත ඇල්බමයේ අඩංගු වූවක්.


Walk this Way

Aerosmith සංගීත කණ්ඩායමේ මෙම ගීතය නිකුත් වූවේ 1975 වසරේ ඔවුන්ගේ ‘Round And Round’ ඇල්බමය සමගයි.


American Pie

ඩොන් මැක්ලීන් මෙම ගීතය මුල්වරට ගායනා කරන්නේ 1971 වසරේදීයි.


Johnny B. Goode

මෙය චක් බෙරී විසින් 1959 වසරේ නිකුත් කරන ලද ‘Chuck Berry is on Top’ ගීත ඇල්බමයේ අඩංගු වූ ගීතයක්.


One

මෙටැලිකා සංගීත කණ්ඩායම 1988 දී නිකුත් කළ ‘Justice for All’ ඇල්බමයේ මෙම ගීතය අඩංගු වුණා. ඔවුන්ගේ විශිෂ්ටතම ගීත ලැයිස්තුවේ මුල් පෙලේ ඇති ගීතයක් තමා මේ.


Another Brick in the wall Part 2

මෙම ගීතය නිකුත් කෙරුණේ 1979 වසරේදීයි. ඒ ‘The Wall’ ඇල්බමයත් සමගයි.


Respect

අරීතා ෆ්රෑන්ක්ලින්ගේ මෙම ගීතය 1967 වසරේදීයි නිකුත් වූවේ.


Sweet child O’ mine

‘Guns N’ Roses’ කණ්ඩායමේ විශිෂ්ටතම ගීත අතරින් එකක් ලෙස සැලකෙන මෙය මුල් වරට නිකුත් කෙරුණේ 1987 ‘Appetite For Destruction’ ඇල්බමයත් සමගයි.

SHARE