නිවසක් සම්පූර්ණ වන්නට නම් වෙන මොනවා තිබුණත් සුරතල් සතෙකු නැත්නම් වැඩක් නෑ කියන එක තමයි පොදු පිළිගැනීම. ඉතින් මේක සාමාන්‍ය මිනිසුන් වන අපිට පමණක් නෙවෙයි ලෝකය පාලනය කරන ජනපතිවරුන්ට සහ රජ පවුල්වලටත් අදාලයි.

ඉතින් ඉතිහාසයේ එතෙක් මෙතෙක් කල් වැඩියෙන්ම ජනප්‍රිය වුණ, ලෝක නායකයන්ගේ සෙවණේ හැදී වැඩුන සහ වැඩෙන සුරතලුන් පිලිබඳ ඔබව දැනුවත් කිරීමට අපි කල්පනා කළා.

fb-like-beg


Corgi

බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් Corgi චාර්ල්ස් කුමරු සහ ඈන් කුමරිය සමඟ සෙල්ලම් කරන අයුරු දැක්වෙන මෙම ඡායාරූපය ප්‍රථමවරට මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ 2012 වසරේදී.


Koni

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ බලු සුරතලා තමයි මෙයා


Checkers

ඇමරිකානු ජනපතිවරයෙකු වූ රිචඩ් නික්සන්ගේ සුරතලායි.


Great Danes

ජර්මානු චාන්සලර්වරයෙකු වූ ඔටෝ වොන් බිස්මාක් තමයි මෙයාලාගේ අයිතිකාරයා වුණේ.


Bo

වත්මන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ පවුලට අයිති බලු සුරතලා තමයි Bo කියන්නේ.


Feller


මෙයා අයිතිවෙලා හිටියේ ඇමරිකානු ජනපතිවරයෙකු වුණ හැරී එස්. ට්රූමන් ට.


Fala

මෙයාගේ අයිතිකාරයා තවත් ඇමරිකානු ජනාධිපතිවරයෙක්ම තමයි. ඒ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්.


Buddy

Buddyගේ අයිතිකාරයා තමයි හිටපු ඇමරිකානු ජනපතිවරයෙකු වන බිල් ක්ලින්ටන්


Socks

මේ හැඩකාර පූසත් අයිතිවෙලා හිටියේ ජනාධිපති බිල් ක්ලින්ටන්ටම තමයි.


Abby


මේ හිටපු ඕස්ට්‍රේලියානු ජනාධිපති කෙවින් රඩ්ගේ බලු සුරතලායි. මෙයා වෙනුවෙන් වර්තමාන ජනපතිනිය වන ජුලියා ගිලාඩ් සහ කෙවින් රඩ් අතර මතභේදයක් පවා ඇතිවුණ බව ප්‍රසිද්ධ කරුණක්.


Larry

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ සුරතලා තමයි මෙයා.


Stanley

හිටපු කැනේඩියානු අගමැති ස්ටීවන් හාපර් මෙයාට මේ නම තිබ්බේ එයාගේ ට්විටර් අකවුන්ට් එක ඔස්සේ චන්දයක් පවත්වලා.


Barney and Ms. Beazley

මේ දෙන්නගෙ අයිතිකාරයා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්.


Refus

වින්ස්ටන්ට් චර්චිල් ගැන නොදන්නා කෙනක් හොයාගන්නත් අමාරුයිනේ. මේ තමයි එයාගේ සුරතලා.

SHARE