බේ නිවසේ අපද්‍රව්‍ය ඔබ බැහැර කරනවා වගේම, ඔබේ ජිවිතයෙනුත් බැහැර කල යුතු මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔබ මේ වර්ග වල මිනිසුන්ව දිගින් දිගටම ආශ්‍රය කරනවා නම් ඔබ‍ට අනිවාර්යයෙන්ම මානසික ආතතීන්ට ගොදුරු වීමට, සෘණාත්මක සිතුවිලි වලින් මනස පුරවා ගන්නට සහ ආත්ම විශ්වාසය බිඳ වැටීමට හේතු වනු ඇත. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

සිතෙහි දයාවක් හෝ අනුකම්පාවක් නොමැති මිනිසුන්

ඔබේ ජීවිතය සුන්දර වන්නේ ඔබ වටා දයාවන්ත මිනිසුන් සිටින විටයි. ඔබට ඇති වන පුංචි පුංචි ගැටළු වලදී ඔබේ සිත සැනසීමට, ඔබව තේරුම් ගැනීමට සහ ඔබට ආදරය දැක්වීමට හැකි මිනිසුන් ආශ්‍රය කරන්න.

දලයි ලාමා පැවසු කියමනක් ඇත. “ආදරය සහ කරුණාව යනු අත්‍යවශ්‍ය භාණ්ඩ මිස, සුඛෝපභෝගී භාණ්ඩ නොවේ. ආදරය සහ කරුණාව නොමැතිව මනුෂ්‍යත්වය පැවතීමට ඉඩක් නොමැත.”

ඔබ වටා සිටින්නේ අනුකම්පාවක් නොමැති මිනිසුන් නම්, ඔබේ ජීවිතය දුක්බර වනු ඇත.

 

7  ඔබට වංක වන්නන් සහ බොරු පවසන්නන්

විශ්වාසනීය බව ආරක්ෂා කරන බව ඔබට පොරොන්දු වෙමින්, ඔබේ රහස් හෙළි කරන මිනිසුන් ඇසුරු කිරීම ඉතා භයානකයි. ඔවුන් තුල ඇත්තේ වංක ගති සිරිත්ය. ඇතැම්විට ඔවුන්ට රහස් රැකීමට නොහැකි දුර්වලතාවයක් පවතින්නට පුළුවනි. කෙසේ වෙතත් ඔවුන් වෙතින් ඔබේ රහස් පිට යා හැකි නිසා, ඔවුන්ව ඇසුරු කිරීම භයානක විය හැකියි.

ඇතැම් මිනිසුන් ඔබව විශ්වාස කරන්නේ නැහැ. ඔබ කෙතරම් විශ්වාසදායි පුද්ගලයෙක් වුවත්, ඔවුන් ඔබට බොරු කියන්නට පෙළඹෙනවා. තමන්ගේ ජයග්‍රහණ ගැන අනුන්ට සඟවා, තමන්ට නොමැති දේ ගැන පමණක් පවසන මිනිසුන් ඉන්නවා. ඇතැම්විට ඔවුන් බොරු පවසන්නේ ඔබෙන් වාසියක් ලබා ගැනීමට වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, එවැනි මිනිසුන් ඇසුරු නොකිරීම වඩා යහපත්ය.

8 ඔබව පාලනය කරන්නන්

සමහර මිනිසුන් තමන්ගේ සීමාව නොදැන අනුන්ගේ ජිවිත වලට ඇඟිලි ගසනවා. අනුන්ගේ ජිවිත තමාට අවශ්‍ය පරිදි හසුරුවන්නට උත්සාහ ගන්නවා. ඔවුන් හරිම දක්ෂයි තමාගේ අරමුණු වලට අවශ්‍ය පරිදි අනුන්ව යොදා ගන්න.

උදා: ඔබ යම් රැකියාවකට ඉල්ලුම් කිරීම වලක්වන්නට යමෙක් ඔබට විවිධ බොරු පවසනවා. අදාළ රැකියාව අයහපත් බවත්, එය ඔබට නොගැලපෙන බවත්, එහි ප්‍රධානියා අයහපත් පුද්ගලයෙක් බවත්, අදාළ ආයතනයේ වැටුප් ගෙවන්නේ අඩුවෙන් බවත් ඔහු පවසනවා. ඔබ එම තොරතුරු වලට බියෙන් රැකියාවට ඉල්ලුම් කිරීම නවත්වනවා.

ඇතැම්විට ඔහු එසේ කරන්නේ ඔබ ඔහුට වඩා ඉහලට යාම වළක්වාලීම, ඔහුගේ මිතුරෙකුට අදාළ රැකියා අවස්තාව හිමි කර දීම වැනි අරමුණක් වෙනුවෙන් වෙන්න පුළුවන්.

තමාට අවශ්‍ය දේ කර ගැනීම වෙනුවෙන් වැරදි තොරතුරු සපයන්නටත්, ඔබේ මනස මෙහෙයවන්නටත් ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ. එයින් සිදු වන්නේ ඔබට ඔබේ ජීවිතය ගැන නිවැරදි තීරණ ගැනීමට ඇති අයිතියට බාධා සිදු වීමයි.

9 ඔබට වේදනා ඇති කරන්නන්

බොහෝ විට ඔබට වේදනා ඇති කරන්නේ ඔබේම සමීපතමයන් වෙන්න පුළුවන්. ඔබේ හොඳම මිතුරන් ලෙස සිටින පුද්ගලයන්, ඔබේම පවුලේ සාමාජිකයන් ඔබව ආශ්‍රය කරන අතරතුරේම ඔබ තුල වේදනා ඇති කල හැකියි.

උදා: ඔබේ වැඩිමල් සහෝදරියක් නිතරම ඔබ ඔබේ දරුවා ඇති දැඩි කරන ආකාරය වැරදි යැයි පැවසීම.

ඔබේ අඩුපාඩු, නොහැකියාවන් ගැන නිතර ප්‍රශ්න කරන මිතුරන්

එවැනි මෝඩ දෙබස් වලින් සිදු වන්නේ ඔබේ සිත තුල සුව කල නොහැකි තුවාල ඇති වීම පමණයි.

ඔබේ සමීපතමයන්ගෙන් ඔබට හිමි විය යුත්තේ ආදරය, කරුණාව, රැකවරණයයි. ඔබ ඔබේ සමීපතමයන් යැයි සිතා සිටින පුද්ගලයන් ඔබව අසහනයට සහ වේදනාවට පත් කරන්නේ නම්, එවැනි හිතවත්කම් ඔබට අවශ්‍ය නැහැ.

10 ඔබට මානසික පීඩනය ඇති කරවන ඕනෑම අයෙක්

සමහර මිනිසුන් තමන්ගේ පෞරුෂය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන්නේ තවකෙකුව පීඩාවට පත් කරමින්. එය අනෙකාට කෙතරම් හානිකරදැයි ඔවුන්ට කිසිම අදහසක් නැහැ. ඇතැම් ආයතන ප්‍රධානින්, ගුරුවරුන් සහ පවුලේ සාමාජිකයන් අනෙකා මත තමන්ගේ බලය පතුරුවන්නට උත්සාහ කරන්නේ අනෙකාව පීඩනයට පත් කරමින්.

ඔබට දරා ගැනීමට නොහැකි ලෙස ඔබ පිට වැඩ පටවන්නන්, ඔබට බැන වැදීම පුරුද්දක් කර ගත මිනිසුන්ගෙන් අදම ඈත් වෙන්න. ඔබට පැමිණිලි කල හැකි අයෙක් සිටි නම් පැමිණිලි කරන්න. විසඳුමක් නොමැති යැයි සිතමින් දිගින් දිගටම ඉවසන්නට ඔබ තීරණය කරනවා නම්, විශාදය වැනි මානසික ගැටළු වලට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින්න.

SHARE