සැමියාගෙන් හිංසනයට ලක්වූ බොලිවුඩ් නිළිය – ගීතා තන්ඩන්

බොලිවුඩයේ දැනට සිටින දක්ෂම ස්ටන්ට් ( Stunt) හෙවත් ත්‍රාසය ජනක දර්ශන වලට පෙනී සිටින නිළිය ලෙස සැලකෙන්නේ ගීතා තන්ඩන්ය. ප්‍රධන නිලියන් රඟපාන ත්‍රාසජනක ජවනිකා වෙනත් දක්ෂ නිලියක් ලවා කරවීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ වගේම ඇය දක්ෂ මෝටර් රථ ධාවන ක්‍රීඩිකාවක්. මේ තත්වෙට පත් වෙන්න මේ අවුරුදු 31 දක්වා ඈ ආ ගමන ඉතාම අමාරුයි. ඒ වගේම නොයෙක් බාධක මැද නොපසුබස්නා උත්සාහය ඇයව ජීවිතයේ මේ දුරට ගෙන ආවා. ඇය ගැහැණියෙක් වුනත් පිරිමියෙක්ටත් වඩා ජීවිතයත් එක්ක නිරන්තරයෙන් අරගල කරන්නියක් කියලා අපිට හදුන්වන්න පුළුවන්.

ඇයගේ කතාව ලොවටම පැවසීමේ අවස්ථාවක් Youtube හි Blush කියන චැනල් එක ඇයට ලබා දෙනවා. ඒ 2009 දී බොලිවුඩයේ සාර්ථකම මෝටර් රථ ධාවන කරන්නීය ලෙසයි. අපි ඇගේ කතාව බලමු. එය තුලින් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ ලබා ගමු.
fb-like-beg


ළමා කාලයේ සිදු වූ විවාහය

ඇය ජිවිතයේ විශාල ලෙස ගැටුම් වලට මුහුණ දී සිටින්නියක්. ඇය මවක් බවට පත්වෙන්නේ වයස අවුරුදු 21ටත් කලින්. කුඩා දරුවෙකුව සිටින කාලයේදීයි ඇය විවාහ වෙන්නේ. ඒ විතරක්ම නෙවේ, ඇය පවුල් ජීවිතය තුළත් ගෘහස්ත හිංසනයට අසීමිතව ලක්වෙනවා.

වයස අවරුදු 9 විතර ඇයගේ අම්මාත් ඇයට අහිමි වෙනවා. ඇයගේ තාත්තා ජිවත් වෙන්න අධික ලෙස වෙහෙසෙද්දී ගීතා සහ ඇයගේ සහෝදර, සහෝදරියන් තුන්දෙනා හැදුනේ අයගේ නෑදෑයන් ළඟ.


තරුණියක් ලෙස ජිවිතය අරඹනවා

වයස අවුරුදු 15 වෙද්දී ඇය ඉතාමත් දඟකාර පුරුදුවලින් යුක්ත යුවතියක්. ඒ වගේම ඇය ආදරේ කළේ, ආස කලේ වෙනස්ම දේවල් වලට. ඇයගේ සියලු නෑදෑයන් පුදුම කරමින් ඇය රථ ධාවනය සඳහා යොමු වෙනවා. විවාහයට කලින් ඇයගේ මෙම හැසිරීම ඔවුන්ව පුදුම කිරීමට සමත් වෙනවා. හරියටම දවස් දෙකක් ඇතුළත ගීතට සිදුවෙනවා ජයාපූර්වල අවුරුදු 24 වයසැති පුරුෂයෙක් සමග විවාහ වෙන්න.


විවාහ ජීවිතය

‘’ මට නම් විවාහය කියන්නේ, පවුලක් තුළ සතුට ස්ථාවරව රඳවා පැවතීමයි. විවාහය රදාපවතින්න අනිවාර්ය වන්නේ සතුට විතරමයි.’’ ඇය විවාහය ගැන මෙසේ කතා කළත් ඇයට සහ ඇයගේ සැමියාට විවාහ ජීවිතය කියන්නේ වෙනස්ම දෙයක් වුණා.

‘’ මම ඇත්තටම ගෙදර වැඩකාරියෙක්, ලිංගික ආශාවන් සඳහාම ඉන්න කෙනෙක්. ඇත්තටම මං හිටියේ ඔහුගේ අවශ්‍යතාවන් සම්පුර්ණ කරන්න විතරමයි. මං අවුරුදු 16 දී ගැබ්ගත්තා, මං ගොඩක් සතුටු වුණා වදහිංසනවලින් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. එත් ඇත්තටම වුණේ, තියන හිංසන තවත් වැඩි වුන එක විතරමයි.”

ඇයගේ දෙවන දරු උපතේදී ඇය වඩාත් දුක්ඛිත තත්වයට පත් වුණා. “ මගේ දරුවෝ කිරි ඉල්ලලා වැලපෙද්දී සැමියා කලේ, මට පහර දෙන එක. පස්සේ මට බැරි වුණා දරුවන්ව හරියට පෝෂණය කරන්නට.

තුන් වරක්ම උත්සහ කළා ගෙදරින් පලා යන්න. ඒ වගේම මන් පොලිසියටත් පැමිණිලි කළා. පොලිසියෙන් කළේ මට විවාහ ජීවිතය ගත කරන්න උපදෙස් දුන්න එක විතරමයි. “ පොලිස් බටයා මට කිව්වා, ගෙදර ප්‍රශ්න ගෙදර බිත්ති හතර ඇතුළේ විතරක් තියා ගන්න” කියලා.

“ඒ නිසා මං සැමියාට විරුධව පැමිණිලි කරන එක ඇත්තටම නතර කළා. මොකද එයින් තව දුරටත් මට සහයක් ලැබෙන්නේ නෑ කියලා මං දැනගත්තා.“ යනුවෙන් ඇය ප්‍රකාශ කළා .


ජීවිතය සොයාගෙන යාම

වයස අවුරුදු 20 දී ඇය තීරණය කරනවා සැමියාගෙන් වන වදහිංසා වලින් ඈත් වෙලා ජිවත් වෙන්න. කවදාවත් ඇය කොහෙවත් රස්සාවක් කරලා නෑ. ඒ වගේම ඇයට ජිවත් වෙන්නේ කොහොමද කියලවත් ගෙදරින් එද්දී හරි අදහසක් තිබ්බේ නෑ

.’’ මං ඉගෙනගෙන තියෙන්නේ 10 වසර වෙනකන් විතරයි. රස්සාවක් කරනවා කියන එක ඇත්තටම මට අපහසු දෙයක් වුණා. එත් මං කවදාවත් බලාපොරොත්තු බිඳ වැටෙන්නට දුන්නේ නෑ. ‘’

ඇය මංගල උත්සව වල, විවිද සාද වල නටන්නියක් ලෙස සේවයේ යෙදෙනවා. මෙහිදී ඇය දකිනවා නිකරුනේ ඉවත ලන ආහාර, ඇය ඒවා තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා. මේ විදිහට ඇය දරුවන්ව පෝෂණය කරනවා.

2008 දී, නර්තන ඉදිරිපත් කළ ආයතනයේ දී හමු වුන එක් කාන්තාවක් අසනවා ඇයගෙන් ත්‍රාසජනක දේවල් ඉදිරිපත් කරන්න ඇය කැමතිද කියලා.

’’ මං කවදාවත් ලිංගික ශ්‍රමය අලවිකරන්නට ඇරෙන්න කිසිම දෙයකට බෑ කියලා නෑ.’’


ජීවිතය වෙනස්ම මගකට

ඇය මේ අබියෝගය බාරගත්තා. ගින්දර සමග, ජීවිතය ජිවත් කරන්න ඇය අරගල කරන්න පටන් ගත්තා. මෙම ත්‍රාසජනක ක්‍රියාවලියෙන් පස්සේ ඇයගේ මුළු මුහුණම පිළිස්සිලා තිබුණේ. මෙම පිළිස්සුම් තුවාල හොඳ වෙනවත් එක්කම ඇය යලිත් මෙම ත්‍රාසජනක ක්‍රියාවන් කිරීම ආරම්භ කරා. ඇත්තටම එය ඇයට විනෝදයක් වුණා. ජිවිතයේ කුඩා කළ ඇය ආස කළ සෙල්ලක්කාර පුරුදු දැන් අයෙමත් ඇයගේ ජිවිතයට ආශීර්වාදයක් වෙලා. ඇය දින 20ක් වගේ ඉතාමත් සුළු කාලයකින් reality show එකකට වාහන පැදීමට පුරුදු වෙනවා. මෙය ඇයගේ ජිවිතයේ සාර්ථකත්වයට බලපෑ තවත් එක් කරුණක්.


කාර් රේස් පදින තරුණියක්

“ ඉන්දියාවේ කාර් රේස් පදින්නන්, හැමෝම පිරිමි කට්ටිය. ඒ අතරේ මට පුළුවන් උණා ඕනෑම කාර් එකක් බයික් එකක් පදින්න. ඉතාමත් වේගයෙන් ධාවනය කරන්න මට පුළුවන්. ඇත්තටම ගොඩක් කාන්තාවන් මේ වගේ අව්වේ, දුවිල්ලේ ඉදන් කරන භයානක රැකියාවක් කරන්න කොහොමත් කැමති නෑ. නමුත් මං එය කළා.

“මෑතකදී මන් Jazbaa ෆිල්ම් එකේ අයිශ්වරයා වෙනුවට කාර් එකක් ධාවනය කළා.’’ ඇත්තටම එය ඉතාමත් ත්‍රාසයජනකයි. සෙනඟ හා වටිනා භාණ්ඩ රැසක් අතර ඉතා වේගවත්ව ධාවනය කිරීම අතිශය පුදුම සහගතයි”


අනතුරකට මුහුණ දෙනවා

ඇය පසුකාලීනව චිත්‍ර පටවල ත්‍රාසය ජනක ක්‍රියා රඟපෑමේ සංගමයකට සම්බන්දව කටයුතු කළා. මෙහිදී ඇයට පුළුවන් වුණා මෙම ක්‍රියාවන් සම්බන්දයෙන් තව දුරටත් පුහුණු වෙන්න. ඇය මෙහිදී විශාල ලෙස අනතුරුවලට මුහුණ දුන්ණා. ඒ වගේම ඉතාම සුළු පඩියකට වුනත් ඇය කැපවීමෙන් මහන්සි වෙලා කටයුතු කළා.

අවාසනාවට එක අනතුරකින් අයගේ අස්ථි බිදුමකට ලක් වුණා.

‘’ මං රෝහල් ගත වෙලා හිටියේ මගේ ගෙවල් හිමිය ඒ වෙද්දී උත්සහ කළා මාව නිවසින් එලවන්න. මට රැකියාවක් නොමැති නිසා, ඔහු බය උනා. මාව සහ දරුවන්ව තව දුරටත් නිවසෙහි රඳවා ගන්න.’’


ගීතා අද සිටින තත්වය

අද ඇය, සෑම මසකම ලක්ෂ 7 -8 වඩා උපයන්නියක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම දැන් ඇයටම කියලා නිවසක් තියනවා. ඇය පරිනීති චෝප්ප්‍රා, කරීනා කපුර්, අලියා බාත්, දීපිකා පදුකොන් වගේ නිළියන්ගේ ආදරයට පාත්‍ර වෙලා තියනවා. ඒ තරම්ම ඇයගේ රංගනය අති විශේෂයි. ඇය කියාසිටින්නේ, සෑම කාන්තාවක්ම ජිවිතයට අභියෝග කරමින් තමා විසින්ම නැගී සිටිය යුතු බවයි.

SHARE